Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
"මම නිදාගෙන හිටියේ. මට දැණුනා කවුදෝ මාව අතගානවා.." - ගමක් බියවද්දමින්, ආශාවන් සපුරාගන්න තරුණියන් පසුපස ලුහුබැඳ ගිය කාමතුරයකු ගැන ඇඟ කිළිපොලා යන කතාවක් - Video

- "මම නිදාගෙන හිටියේ. මට දැණුනා කවුදෝ මාව අතගානවා.." - ගමක් බියවද්දමින්, ආශාවන් සපුරාගන්න තරුණියන් පසුපස ලුහුබැඳ ගිය කාමතුරයකු ගැන ඇඟ කිළිපොලා යන කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,904 Views
වැලක තියෙන රෙද්දක් තියෙන්න දෙන් නෑ, අරන් යනවා..
ගස් බැඳලා ගහන්න ඕනි ඕවගේ වැඩ නොකරන්න..
ගෙවල්වලට රෑට ගිහින් උළු අයින් කරලා බලනවා...
 
සාක්ෂි නැමති හෝඩුවාවන් පස්සේ හඹායන ආරක්ෂක අංශ, අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නේ සූක්ෂම බුද්ධිය භාවිතා කරමින්.
 
නමුත් අපරාධකරුවන් සාක්ෂි මකා දමා පැන යන්න තැත් කරනවා. කිසියම් හෝ මොහොතක අපරාධකරුගේ දුර්වලතාවයක් නිසා, ඔවුන් නීතියේ රැහැනට කොටු වනවා. එතෙක් ඔවුන් ආරක්ෂක අංශවලට වැලි ගසමින්, කට්ටි පනිමින් සිටිනවා.
 
කාලාන්තරයක් පුරා ගමක් බියවද්දමින්, තම ලිංගික අවශ්‍යතා සපුරා ගන්නට තරුණියන් පසුපස ලුහුබැඳ ගිය කාමතුරයකුගේ කතාවක්.

සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.
 
"මේ හැමදේම පටන්ගත්තේ ග්‍රීස් යකා ගමට ආවට පස්සේ. අපි හැමෝම ගොඩක් බය වෙලා හිටියේ. හවස් වෙලා ගමනක් යන්න බෑ. ක්ලාස් ගියත් වේලාසන ගෙදර එන්න ඕනි..."
 
"හවසක එහේ මෙහේ යන්න අපි බයවුණා.. කවුදෝ මනුස්සයෙක් අපේ පස්සෙන් එනවා වගේ අපිට දැණුනා. අපිට ගඟට ගිහිල්ලා නිදහසේ නාලා එන්නත් බය හිතුණා.."
 
"එක එක දවස්වලට ජනෙල්වලින් එබිලා මේ මනුස්සයා බලන්න අරන් තියනවා.."
 
සන්ධ්‍යාවේ අඳුර ගමට වැටෙද්දි සහ උදෑසන හිරු පායද්දි පවා ගමේ තරුණියන් බයෙන් වෙලි ගියේ ගමක් භීතියට පත්කළ අද්භූත සිදුවීම් කිහිපයක් නිසයි.
 
ගමේ නාන තොටුපළවල්වල මෙන්ම තරුණියන්ගේ කාමරවල ජනෙල් අසලින්, මෙම අද්භූත මිනිසා අඳුරේදී මෙන්ම දහවල් කාලයේදීත් මතුවුණා.
 
මොහු කවුදැයි කවුරුත්ම දැක නොතිබූ අතර කාගෙ කාගේත් කටකතා සහ අර්ථදැක්වීම්වලට අනුව "ග්‍රීස්යකා" ලෙස මෙම පුද්ගලයාව හඳුන්වන්න ගත්තා.
 
ගමේ තරුණයින් මේ අද්භූත සත්ත්වයා අල්ලන්න හැම රෑකම මුර සංචාරයේ යෙදුණා. එමෙන්ම පොලීසියෙත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙත් සහය ඊට හිමිවුණා.
 
දිනෙන් දිනම මේ අද්භූත ග්‍රීස් යකාගේ ක්‍රියාකලාපය නිසා ගම්වාසීන්ගේ ජිවිතද මහා ඛේදවාචකයක් බවට පත් වී තිබුණා.
 
ගමේ වැඩවලට නිතර අතහිත දෙන සෝමපාල, ඒ වගේම ආරක්ෂක අංශයේ සේවය කරන කපිල මේ ග්‍රීස් යකාව සොයන්න බොහෝ වෙහෙස මහන්සි වුණා. නමුත් ඔවුන් කිසිම කෙනෙකුට මේ කෙනාව හොයාගන්න බැරිවුණා.
 
ගමක් බිය වද්දන මේ ග්‍රීස් යකා, කාන්තාවන්ගේ නාන තොටුපළවල් අසළ ගැවසෙමින් ඔවුන්ගේ ඇඳුම් ආදිය හොරකම් කරන්න පටන් අරන් තිබුණා. රාත්‍රී කාලයන්හිදීත් තරුණියන්ගේ කාමරවලට එබෙන එක මේ ග්‍රීස් යකා සිදුකරගෙන ගියා. පොලීසියේත් ගම්වැසියන්ගෙත් ඇස්වලට වැලි ගසමින්, තම කාමආශාවන් සපුරා ගන්නා "ග්‍රීස් යකා" කවුරුන්දැයි හැමෝම හොයන්න ගත්තේ මේ දේ ගමේ ගැහැණු දරුවන්ට ලොකු තර්ජනයක් බව හොඳින් දන්න නිසාමයි.
 
මේ අතරතුර ගමේ තවත් ලස්සන තරුණියක් වුණු ඉරේෂාට ග්‍රීස් යකාගේ ඇල්ම බැල්ම වැඩියෙන් ලැබී තිබුණා. දවසක්... ග්‍රීස් යකා මහ රෑක හොරෙන්ම ඇවිත් ඉරේෂාව අතපත ගාන්න පටන් අරගෙන තියනවා.
 
"මම නිදාගෙන හිටියේ. මට දැණුනා කවුදෝ මාව අතගානවා.. එකපාරම ඇහැරිලා බලද්දි මිනිහෙක් හිටියා එතන. මම කෑ ගැහුවා අම්මේ අම්මේ කියලා.. ඉස්සරහා දොරින් ඇවිත් තියෙන්නේ. ඒ වෙලාවේ ලයිට් තිබ්බෙත් නෑ.. ගමේ අයගෙන් උදව් ඉල්ලලා කෑ ගැහුවා.."
 
ඒත් ග්‍රීස් යකා මේ පාර වරද්දගෙන තිබුණා. පොලීසියට ඔහුව සොයාගන්න පුළුවන් විදිහේ සාක්ෂියක් ඔහු ඉතිරි කර ගිහින් තිබුණා. පොලිස් නිල සුනඛ "රෙජි" ග්‍රීස් යකාට අමතක වෙලා දාලා ගිය කලිසම ඉව කරමින් දිව යන්න පටන් ගත්තා. ඉරේෂාගේ නිවසට කිලෝමීටර් කිහිපයක් ඈතින් අඩක් නිමකළ නිවසකට "රෙජි" ඇතුළු වුණා. අවසානයේ රෙජිගේ උදව්වෙන් රාත්‍රීයට ගමක් බිය වද්දන ග්‍රීස් යකා කවුදැයි හඳුනගන්න පොලීසියට පුළුවන් වෙනවා.
 
ඔහු වෙන කවුරුත් නෙවෙයි සෝමපාල වග දැනගත්තම ගම්මුන් සියලුදෙනාම විශ්මයට පත්වුණා.
 
"සෝමපාල අයියා එහෙම කරයි හිතුවේ නෑ. එයා හිතුවේම ගම ගැන... මඟදී හම්බුණත් වේලාසන ගෙදර යන්න කියනවා.. ඒ තරම් එයා අපිව පරිස්සම් කරන්නයි කතා කළේ.. ඒත්..."
 
කොහොම වුණත් තමන්ගේ වෙස්ගැන්වීම අසාර්ථකව අවසානයේ සෝමපාල සියලු දේම පාපොච්චාරණය කළා.
 
"මහත්තයා මම හරි ආස කරනවා ගෑණු අයට. ඒ අය නානවා බලන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මහත්තයා. ගෙවල්වලට රෑට ගිහින් උළු අයින් කරලා බලනවා ගෑණු නිදන් ඉන්න දිහා එහෙම.. මං ඒවට පුදුම ආසාවක් තිබ්බේ.. ඒගොල්ලන්ගේ ඇඳුම් හොරෙන් අරන් කැලෑවට ගෙනියනවා... මට හිතාගන්න බෑ මොනාද වෙන්නේ කියලා.. කපිල හම්බෙලා කිව්වා, එයාලා ගෙදර එන්න කියලා. මම එදා ආවට පස්සෙ තමයි ඉරේෂා නංගී ගෙදර ඉන්නවා දැක්කේ. මට ඒ වෙලාවේ පොඩි ආසාවක් ආවා.. පස්සේ කපිල නැති වෙලාවක රෑ හොරෙන් ඇවිල්ලා ගේ ඇතුළට ගියා. ගිහින් ඒ නංගිගේ... කකුල් දෙක අත ගෑවා මහත්තයෝ.. එයා කෑ ගහද්දි මම පැනලා ගියා.."
 
ඉව ලුහුබඳින හෝරාව, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව!
 
මෙම ක්‍රියාන්විතයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,996 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,350 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top