බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් එම ප්‍රදේශවල පස්වරු සහ රාත්‍රී කාලයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 65 ත් 70 ත් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
ඒ හේතුවෙන් මෙම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.