ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අද උදෑසන දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
එම අවස්ථාවට ශීී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
ඊයේ දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගත් අතර පසුව අටමස්ථානාධිපති හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අද උදෑසන මහනුවරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා.