Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පෙන්නන්න, පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට බයිසිකලෙන් යන අපේ කොල්ලො දෙන්නා - Photos

- ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පෙන්නන්න, පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට බයිසිකලෙන් යන අපේ කොල්ලො දෙන්නා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,360 Views
ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයා හමුවේ තහවුරු කිරිමට මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාපැදි සවාරියක් ආරම්භ කර තිබෙනවා.
 
යසිත් විරසුන්දර (20) සහ චමිදු ආධිත්‍ය (20) මෙම ආදි සිසුන් දෙදෙනා ඉකුත් 8 වෙනිදා කිලිනොච්චියෙන් ගමන් ආරම්භ කර කිලෝමිටර 400 දුරක් ගෙවා ඊයේ (13) දින නාවලපිටිය නගරයට පැමිණියා.
 
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි එම තරුණයන් දෙදෙනාව දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු එහි කාර්යය මණ්ඩලය සහ නාවලපිටිය නගරයේ තරුණයන් පිරිසක් විසින් පිලිගැනිමෙන් අනතුරුව චමිදු ආධිත්‍ය මෙසේ මාධ්‍යයට අදහස් පල කලා.

"අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ රටේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටුණා. ලෝකයේ ගොඩාක් රටවල සංචාරකයන්ට එම රටවලින් දැනුම් දිලා තියෙනවා ශ්‍රි ලංකාවේ සංචාරය කරන්ඩ එපා කියලා. අද රටේ ආරක්ෂාව මේ වන විට හොදටම තහවුරු වෙලා තියෙනවා. එනිසා තමයි යලිත් අපේ රට සංචාරය කිරිමට සුදුසු රටක් බවට ලෝකයා හමුවේ පැවසිමට අපි දෙන්නා මෙවැනි පාපැදි සවාරියක් ආරම්භ කරේ."
 
අව්ස්සාවේල්ල,රත්නපුර,ඇඹිලිපිටිය හරහා පාපැදියෙන් ගමන් කර ලබන 16 වෙනිදා අපි සිය ගමනාන්තය අවසන් කිරිමට සැලසුම් කරගෙන සිටින බව චමිදු ආධිත්‍ය පවසනවා.
 
චමිදු ආධිත්‍ය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය සදහා සුදුසුකම් ලබා ඇති අතර යසිත් විරසුන්දර විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටිනවා.
 
මෙම තරුණයන් දෙදෙනාගේ සිය අභිප්‍රාය සාර්ථක කර ගැනිම සදහා එම තරුණයන්ගේ දෙමාපියන් සහ මිතුරන් පිරිසක් ඔහුන්ගේ සහයෝගයට වාහනයකින් ගමන් කරනු ලබනවා.
 
රංජිත් රාජපක්ෂ (මව්බිම)
ඡායාරූප මුහුණු පොතෙනි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,042 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,003 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,655 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,835 Downloads



Top 10 Commenters

Latest Comments

Top