Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
ලොවම කළඹමින් සදාම් හුසෙන්ගේ සැඟවුණු ජිවිතේ රහස් රැසක් එළියට එයි - Photos

- ලොවම කළඹමින් සදාම් හුසෙන්ගේ සැඟවුණු ජිවිතේ රහස් රැසක් එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,754 Views
වසර 1937 අප්‍රේල් මස 28 වැනි දින ඉරාකයේ අල් අව්ජා ගම්මානයේ හුසේන් අබ්ඩ් අල් මජීඩ් සහ සුභා තුල්ෆා අල් මුසල්ලත් යුවළට දාව උපත ලද සදාම් හුසේන් අබ්ඩ් අල්මජීඩ් අල් ටික්රිට් සැලකෙන්නේ මැද පෙරදිග කලාපයේ පමණක් නොව මුළු ලොවේම බිහිවූ දරුණුතම පාලකයකු වශයෙනි. අරාබි බසින් ඔහුගේ සදාම් යන නමේ අරුත වූයේ ‘ගැටුම්වලට නොබියව මුහුණ දෙන්නා’ යන්නය.
 
එ‍ෙඩ්රකු වූ සදාම්ගේ පියා ඔහු මෙලොව එළිය දැකීමට මාස කීපයකට පෙර අතුරුදහන් විය. ඉන් මාස කීපයකට පෙර සදාම්ගේ වැඩිමල් සොයුරාද පිළිකාවකින් මිය ගියේය.
 
තම සැමියාගේ අතුරුදන් වීම සහ වැඩිමල් පුතුගේ වියෝව හේතුවෙන් මහත් මානසික පීඩාවකට පත්ව සිටි සදාම්ගේ මව කුඩා සදාම් හදා වඩා ගැනීම කෙරෙහි යොමු කරන ලද්දේ අඩු සැලකිල්ලකි.

මේ හේතුව නිසා ඔහුට වයස අවුරුදු 3ක් සපිරෙද්දී බැග්ඩෑඩයේ විසූ ඔහුගේ මාමා කෙනෙක් වූ කයිරල්ලා තුල්ෆා වෙත යවන ලදී. අනතුරුව සදාම්ගේ මව නැවත වතාවක් විවාහ වූ අතර එම විවාහයෙන් ඇය පුතුන් තිදෙනෙකු බිහි කළාය.
 
වසර කීපයකට පසු නැවත සදාම් තම මව සමඟ විසීමට පැමිණි නමුත් ඔහුගේ බාප්පා වූ ඊබ්‍රාහිම් අල් හසන්ගේ කෲර සැලකුම් නිසා වයස අවුරුදු 10දී නැවත තම මාමා වෙත ගියේය. මව ළඟ සිටියදී කුසගිනි නිවා ගැනීම සඳහා සොරකමටද පෙලඹී සිටි සදාම් වයස අවුරුදු 10 වන තුරු අකුරු ලිවීමට දැන සිටියේ නැත.
 
කයිරල්ලා සුන්නි මුස්ලිම් භක්තිකයකු වූ අතර ඔහුගේ සහායෙන් සදාම්ට ජාතික පාසලකට ඇතුළත් වීමේ වරම් ලැබිණි. තම ද්විතීය අධ්‍යාපනය නිමකිරීමෙන් අනතුරුව ඉරාක නීති විද්‍යාලයට ඇතුළත්ව වසර 3ක කාලයක් අධ්‍යාපන කටයුතු හැදෑරුවද අවුරුදු 20දී ඔහුව නීති විද්‍යාලයෙන් නෙරපා හරින ලදී. පසුව 1957දී සදාම් තම මාමා සහාය දුන් අරාබිභාත් පක්ෂයට බැඳී දේශපාලන කටයුතුවල නිරත විය.
 
ආගම පිළිබඳව එතරම් විශ්වාසයක් නොතිබූ සදාම් නිරන්තරයෙන්ම අරාබි ලෝකය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පෙලඹී සිටියේය. ඔහු ඉස්ලාම් භක්තිකයකු වූයේ 1990න් පසුවය.
 
සදාම්ගේ විවාහය සිදු වුණේ තම මාමාගේ දියණිය වූ සජීඩා තුල්ෆා සමඟය. එම විවාහය තීන්දු වූයේ සදාම්ට වයස අවුරුදු 5දීය. එවකට සජීඩාගේ වයස අවුරුදු 7කි. 1958දී දෙදෙනාගේ විවාහය සිදු වූයේ ඊජිප්තුවේදීය.
 
එම විවාහයෙන් ඔවුන්ට දරුවන් 5 දෙනකු වූ අතර ඉන් පුතුන් දෙදෙනා වූ උදේයි සහ කුසේයි පසු කලෙක කෲරත්වය අතින් ඉරාකයේ ප්‍රකට චරිත දෙකක් බවට පත් විය. දියණියන් වූයේ රග්දාද්, රානා සහ හාලාය. 2003 සිදුවූ ඉරාක යුද්ධයේදී මොසුල් නගරයේදී සිදුවූ වෙඩි තැබීමකින් උදෙයි සහ කුසේයි මිය ගිය අතර දියණිවරු තිදෙනා ජෝර්දානයට පලා ගියහ.
 
වසර 1986දී සදාම් දෙවන වරට සමීරා ෂාබන්දාර් සමඟ විවාහ වූ අතර ඇය සදාම් සමඟ විවාහ වීමට පෙර ඉරාක ගුවන් සේවයේ විධායක නිලධාරියකුගේ බිරිය විය. සදාම් ඇගේ සැමියාට ඇය දික්කසාද කරන ලෙස බලපෑම් කළ අතර සදාම්ට ඇති බිය නිසාම ඔහු ඇයව දික්කසාද කරන ලදී. ඉරාක යුද්ධයෙන් අනතුරුව ඇය ලෙබනනයේ බීරුට් වෙත පලා ගියාය.
 
සදාම්ගේ තෙවන බිරිය වූයේ ඉරාක සූර්ය බලශක්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරිනිය ලෙස කටයුතු කළ නිඩාල් අල් හම්ඩාය. වාෆා එල් මුල්ලා අල් හවේයිෂ් නමින් ඔහුට සිවු වැනි බිරියකද සිටි බව සඳහන් වේ.
 
ඇය ඉරාක නියෝජ්‍ය අගමැතිවරයකු වූ අබ්දුල් තවාබ්ගේ දියණියකි. භාත් පක්ෂයට බැඳී ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කළ සදාම්ගේ එකම අභිප්‍රාය වූයේ කෙදිනක හෝ මැද පෙරදිග සියලු අරාබි රටවල් එකට එක් කිරීමය.
 
නමුත් එවකට ඉරාකයේ පාලකයා වූ අබ්ඩ් අල් කරිම් කාසිම් එම අදහසට එකඟ නොවූ අතර ඉන් කලකිරීමට පත් සදාම් ඇතුළු කණ්ඩායමක් 1959 ඔක්තෝබර් 7 වැනි දින ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ දැරූහ.
 
එම උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ බොහෝ දෙනා අත් අඩංගුවට ගෙන මරණ දඬුවම පනවන ලද අතර ඉරාකයෙන් සිරියාව වෙත පලා ඒමට සමත් වූ සදාම් පසුව ඊජිප්තුවට පැමිණ නීති උපාධියක් ලබා ගැනීමට සමත් විය.
 
වසර 1963දී සදාම්ගේ අරමුණ ඉටු වෙමින් කාසිම්ගේ රජය බිඳ වැටිණි. එම සිදුවීමත් සමඟම සදාම් නැවත තම මවුරට බලා පැමිණියද ඉන් වසරකට පසුව තම පක්ෂය තුළ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සිරභාරයට ගැනිණි.
 
වසර 1968 අගමැති හසන් අල් බකර් ඉරාක ජනාධිපතිවරයා බවට පත් වීමෙන් අනතුරුව සදාම් ඔහුගේ දෙවැනියා බවට පත් විය. අනතුරුව ඔහු ඉරාකය වෙනුවෙන් සැලකිය යුතු වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට සමත් විය. වසර 1968දී ඉරාක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය මඟින් ඔහුට සම්මානයක්ද පිරිනමන ලදී.
 
ඊට අමතරව ඉරාකයේ බොර තෙල් සඳහා ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීම වෙනුවෙන් සදාම් ඉටු කළ මෙහෙය දැවැන්තය. එසේම රටේ සාක්ෂරතාව සහ සෞඛ්‍ය පහසුකම් මෙන්ම අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට සඳහා සදාම් දක්වන ලද දායකත්වය සුළුපටු නොවේ.
 
වසර 1979 ජූලි 16 වැනි දින සදාම් ඉරාක ජනාධිපතිවරයා බවට පත් විය.
 
ජනාධිපති ධුරයට පත් ඔහු වැඩ අරඹන ලද්දේ භාත් පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයන් 68 දෙනකු පක්ෂයෙන් ඉවත් කරමින් සහ ඒ අතරින් 22 දෙනකුට මරණ දඬුවම ලබා දෙමිනි. ඉන් වසරකට පමණ පසුව ඔහු ඉරාකයේ කුසෙස්තාන් ප්‍රදේශයේ තම හමුදා රඳවමින් ඉරානය සමඟ ගැටුමකට මුලපිරූ අතර එය වසර 10ක යුද්ධයක් දක්වා දිග් ගැස්සිණි.
 
පසු කලෙක සදාම්ට එරෙහි වුවද ඇමෙරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල සහාය එකල සදාම්ට නොඅඩුව ලැබිණි. අනතුරුව සදාම් 1990දී අතීතයේ කුවේටය තම රටට අයත් ප්‍රදේශයක් බව පවසමින් එරටද ආක්‍රමණය කළේය. අරාබි රටකට තර්ජනය කොට එය ආක්‍රමණය කළ ප්‍රථම අරාබි පාලකයා වූයේ සදාම් හුසේන්ය.
 
1980 දශකයේ සදාම් විශේෂයෙන් බටහිර රටවල මහත් ප්‍රසාදයට ලක් වූ රාජ්‍ය නායකයකු බවට පත්ව සිටියේය. වරක් ඔහුගේ ඇමෙරිකානු සංචාරයකදී ඩෙට්රොයිට් නගරයේ ක්‍රිස්තියානි පල්ලියකට කළ විශාල ආධාරයක් හේතුවෙන් ඔහුට ගෞරවයක් ලෙස ඩෙට්රොයිට් නගරයේ යතුරද පිරිනමන ලදී.
 
මේ අන්දමින් ඩෙට්රොයිට් නගර ඉතිහාසයේ එහි යතුර පිරිනමා ඇත්තේ 10 දෙනකුට පමණි. එපමණක් නොව වරක් සදාම් ඇමෙරිකාවේ දුප්පතුන් සඳහා ඩොලර් මිලියන 64ක ප්‍රදානයක් කිරීමටද සූදානම් විය. නමුත් ඔහු මෙම ප්‍රදානය කිරීමට සූදානම් වූයේ ඉරාක ජනයාගෙන් 50%ක් පමණ දුගීි බවින් පෙළෙමින් සිටියදීය.
 
කුර්දි සහ ෂියා මුස්ලිම්වරුන් දහස් ගණනින් ඝාතනය කිරීමට පියවර ගත් සදාම් පවුලේ ගෞරවය රැකීම සඳහා කාන්තාවන් ඝාතනය කිරීමට පවුලේ පිරිමින්ට අවසර ලැබෙන නීති රීතිද හඳුන්වා දුන්නේය. සදාම්ගේ ඝාතකාගාරවල බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සමූහ වශයෙන් ඝාතන සිදුවී තිබේ.
 
වරක් සදාම් තම පාලනයට එරෙහි වූ ටයිග්‍රීස් නදිය ආශි්‍රතව ජීවත් වූ ‘වගුරු බිම් අරාබි’ වරුන්ගෙන් පළිගන්නා ලද්දේ අපූරු ආකාරයකටය. වසර 5000ක පමණ කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් ජීවත් වූ එම තෙත් බිම් ඔවුන්ගේ ජීවන රටාව හා බැඳී තිබිණි.
 
සදාම් එම තෙත් බිම්වල රැඳි ජලය ගලා යෑමට සලස්වා ඒවා සිඳීමට ලක් කරන ලදී. මෙය ලෝක ඉතිහාසයේ තෙත් බිමක් සඳහා කරන ලද විශාලතම හානිය ලෙස වාර්තා වූ අතර මේ නිසා අනාදිමත් කලක සිට එහි ජීවත් වූ වගුරු බිම් අරාබිවරුන්ට එම ප්‍රදේශය හැරයෑමට සිදු විය.
 
සදාම්ගේ ආදර්ශවත් චරිතය වූයේ රුසියානු පාලකයකු වූ ජෝෂප් ස්ටාලින්ය. සදාම්ගේ මව සේම ස්ටාලින්ගේ මවද කුඩා කල ඔවුන් ඇති දැඩිකර ඇත්තේ ඉතා දුක්ගැහැට මැදය. සදාම් තම උඩු රැවුල වවා ඇත්තේද ස්ටාලින් අනුකරණය කරමින් බව කියැවේ.
 
සදාම් තම ලෙයින් කුරානය පිටපත් කිරීමට කටයුතු කළ අතර එය ඉස්ලාම් දහම අනුව පවකි. ඒ සඳහා ඔහු තම සිරුරින් ලේ පයින්ට් 57ක් ලබා දී ඇති බව සඳහන්ය. කුරානය නිසා එය විනාශ කර දැමීමට නොහැකිවීමෙන් ඉරාකයේ ආගමික නායකයන් මහත් ගැටලු සහගත තත්වයකට මුහුණපා තිබේ.
 
වසර 2001දී සදාම් ළමයින් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ කාටූන් කතාවක් තහනම් කිරීමට පියවර ගත්තේය. ඒ කාටූන් චරිත ඉස්ලාම් දහමට නොගැළපෙන බැවිනි.
 
සදාම් මරණයට පත් කරන ලද්දේ ඉස්ලාම් දහමේ ඉතා වැදගත් ආගමික දිනයක් වන ඊද්-අල් අදා දිනයේදීය. මෙම දිනය මුස්ලිම් රටවල අපරාධකරුවන්ට පවා සමාව දෙන දිනයක් වීම විශේෂයකි. 2006 දෙසැම්බර් 30 වැනි දින වූ එදින බැග්ඩෑඩ් නුවර කෑම්ප් ජස්ටිස් ඇමෙරිකානු හමුදා කඳවුරේදී එල්ලා මැරීමට පෙර තමන්ව වෙඩි තබා ඝාතනය කරන ලෙස සදාම් ඉල්ලා සිටියේය.
 
නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිලධාරීන් ඔහු එල්ලා මරණයට පත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 31 වැනි දින අල් අව්ජාහි ඔහුගේ දේහය මිහිදන් කරන ලදී.
 
ගැමුණු රත්නායක
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,994 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,349 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top