සුපිරි ක්‍රිකට් තරඟාවලියක් අතරතුර ක්‍රීඩාගාරයේ ආවරණ වීදුරු දෙකක් හයේ පහර 2 කින් බිඳීගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ කැනඩාවේ පැවැත්වෙන Global T20 Canada 2019 තරඟාවලිය අතරතුරයි.
එහි අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට Vancouver Knights සහ Brampton Wolves අතර පැවති තරඟය අතරතුරයි මෙම සිදුවීම වාර්තාවන්නේ.
මෙලෙස වීදුරු දෙකක් බිඳහෙලීමට තරම් හයේ පහර ද්විත්වයක් එල්ලකරන්නේ පාකිස්ථාන සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් විසින්.
එම තරඟයේ 13 වන පන්දුවාරයේ Brampton Wolve කණ්ඩායමේ දඟ පන්දු යවන නවසීලන්ත ක්‍රීඩක Ish Sodhi විසින් යොමුකළ දෙවන පන්දුවට ෂොයිබ් මලික් එල්ලකළ පහරක් මෙලෙස ක්‍රීඩාගාරයේ වීදුරු ආවරණයේ වැදී එය බිඳී යනවා.
එසේම එම තරඟයේ 15 වන පන්දුවාරයේදී වහබ් රියාස් යොමුකළ පන්දුවකට නැවතත් ෂොයිබ් මලික් එල්ලකළ පහරකින් නැවතත් එම ක්‍රීඩාගාරයේම වෙනත් වීදුරුවක් බිඳවැටෙනවා.
මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Vancouver Knights ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ පන්දුවාර 16 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 170ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Brampton Wolve කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 103 ක් පමණයි.
ඒ අනුව තරඟයේ Vancouver Knights කණ්ඩායමට ලකුණු 77 ජයක් හිමිවූවා.