ඝාතනය කර ඇත්තේ කාන්තාවගේ සැමියා විසින්...
යතුරුපැදියක යද්දි මන්නයෙන් ගහලා...
තිදරු මවක සමග අනියම් ඇසුරක් පැවැත්වූ තරුණයකුට එම කාන්තාවගේ සැමියා මාළු කපන මන්නයකින් පහරදී ඝාතනය කළ පුවතක් බේරුවල පොලිසියෙන් වාර්තා වනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඝාතනය වී ඇත්තේ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ධීවර කර්මිකයෙක්.
මියගොස් ඇති තරුණයා බේරුවල කරදගොඩ ශාන්ත ආනා පාරේ යතුරු පැදියකින් යමින් සිටියදී අනියමි ඇසුර පැවැත්වූයේ යැයි කියන කාන්තාවගේ ස්වාමි පුරුෂයා තියුණු මුවහත් මන්නයකින් වම් අතට පහරදී තිබෙනවා.
මන්නා පහර එල්ල වීමත් සමගින් යතුරුපැදිය බිම දමා තුවාලකරු අත අල්ලා ගෙන දිවගොස් ඇති බවත් පසුව මීටර් 20ක් පමණ එළවාගෙන ගොස් බෙල්ලට මන්නා පහර දෙකක් එල්ල කර ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසුවා.
බරපතළ තුවාල ලබා වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි තුවාලකරු ප්‍රදේශවාසීන් විසින් කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එල්ලවූ මන්නා පහරින් වම් අතේ ඇගිලි දෙකක් කැපී පහරදීම සිදුවූ ස්ථානයේම වැටී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් පවසනවා.
රෝහල් ගත කරන විටත් පහරකෑ අය මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
සිද්ධිය වූ ස්ථානයේ දී කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීහු ද පරීක්‍ෂණ පවත්වනු ලැබුවා.
පහරදීම සිදුකළ කාර්මික ශිලපියකු ලෙසින් කටයුතු කරන බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මන්නය පොලිස් භාරයට ගත් බව බේරුවල පොලිසිය සඳහන් කළා.
පශ්චාත් මරණ පරීක්‍ෂණය නාගොඩ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රීයන්ත අමරසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතයි.