Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
13
පන අදිමින් පවතින ලංගමය තව තවත් අගාධයට ඇද දැමීම සදහා නිලධාරීන්ගේ සටකපට වැඩක් ගැන හිරු CIA හෙළිදරව්ව - Video

- පන අදිමින් පවතින ලංගමය තව තවත් අගාධයට ඇද දැමීම සදහා නිලධාරීන්ගේ සටකපට වැඩක් ගැන හිරු CIA හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පොදු ගමන් සේවාවල වැඩි කාර්යභාරයක් සිදු කරන ලද්දේ ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් ලං.ග.ම යි.

එහෙත් නිදහසින් පසු තට්ටු මාරු ක්‍රමයට මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ හා ලංගමයේ ඇතැම් නිලධාරීන් එම සාර්ථක පොදු ගමනාගමන සේවය වලපල්ලට යැවීමට කටයුතු කළ බව නොරහසක්.

අද සී.අයි.ඒ.අනාවරණය ද ලංගමය තව තවත් අගාධයට ඇද දැමීම සදහා නිලධාරීන්ගේ සටකපට ක්‍රියාදාමයක් පිළිබදවයි.

මේ ලංකා ගමනාගමන මණ්ඩලය අයත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපලයි.
 

දිවයින පුරා ඇති ඩිපෝවලට අයත් ලංගම බස් රථවල සිදුවන කාර්මික දෝෂ, නවීකරණ, පින්තාරු කටයුතු ආදී සේවාවන් මෙම ස්ථානයෙන් සිදුකෙරෙනවා.

මෙතෙක් කලක් ලංගම බස් රථවල එන්ජින් බෝර් කිරීම, හෙඩ් ෆේස් කිරීම, පට්ටල් කටයුතු සිදුකරන ලැබුවේ මීට වසර 40 කට පමණ පෙර මෙරටට ගෙන්වන ලද මෙම යන්ත්‍ර සුත්‍ර හරහායි.

ජර්මනිය, එංගලන්තය ආදී රටවලින් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයෙන් යුතු මේවා අදටත් කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වනවා.

එහෙත් හිරු සී.අයි.ඒ.අනාවරණය කර ගත්තේ ඉතා උසස් තත්ත්වයේ ක්‍රියාත්මක මට්ටමේ පවතින මේ යන්ත්‍ර මෙසේම පවතිද්දී කොමිස් කුට්ටි හරහා තම මඩිය තර කර ගැනීමේ අරමුණින් නිලධාරීන් කිහිපදෙනෙකු චීනයෙන් තත්ත්වයෙන් බාල යන්ත්‍ර සුත්‍ර මෙම ප්‍රාදේශීය වැඩපලට ඇනවුම් කර ඇති බවයි.

එම යන්ත්‍ර සුත්‍ර ස්ථානගත කිරීම සදහා නව යන්ත්‍රාගාරය නමින් ස්ථානයක් ද අධික මුදලක් වැය කරමින් සකස් කර තිබෙන්නේ මෙලෙසයි.

එහෙත් විමතිය දනවන කරුණ වන්නේ නිලධාරීන් කොමිස් කුට්ටි ගිල දමා චීනයෙන් ආනයනය කර ඇති එම යන්ත්‍ර සුත්‍ර භාවිතයට ගැනීමටත් ප්‍රථම අක්‍රීය මට්ටමේ පැවතීමයි.

හිරු සී.අයි.ඒ.කළ ගවේෂණයේදී හෙළිවුයේදී මේ වනවිට ලහි ලහියේ මෙම බාල තත්ත්වයේ ආනයනික යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගැනීමට දිවා රෑ නොබලා අළුත්වැඩියා කටයුතු සිදුකරන බවයි.

ලංගම කුරුණෑගල ප්‍රාදේශීය වැඩපලේ සේවක මහතෙකු මෙම ආනයනික යන්ත්‍ර සුත්‍ර පිළිබදව හිරු සී.අයි.ඒ.වෙත මෙලෙස අදහස් පළ කළා.

T.P. CARD – ලං.ග.ම. කුරුණෑගල ප්‍රාදේශීය වැඩපලේ සේවකයෙක්

- නව යන්ත්‍රාගාරය හැදුවෙ 2018
- ලක්ෂ 550 ක් විතර ගිහිං තියෙනවා.
- කොන්ත්‍රාත්කාරයන්ටදීලා මැෂින් ටික ගෙනාවා.
- මැෂින් ගෙනාවෙ මොන රටින් ද ?
- චීනයෙන්
- මොනා ද ඒ ගෙනාව මැෂින්වලින් කරන්නෙ ?
- එන්ජින්වල බෝර් එක කරනවා.
- හෙඩ් ෆේසින් කරනවා.
- ලේත් මැෂින් දෙකක් තියෙනවා.
- මැෂින් ටික හයිකරාට පස්සෙ වැඩකරන්න බෑ එක මැෂින් එකකවත්.
- ප්‍රමිතියෙන් තොර මැෂින්.

කෝටි ගණන් මහජන මුදල් නාස්තිකර ගෙන්වූ මෙම බාල යන්ත්‍ර සුත්‍ර හරහා දුෂිත නිලධාරීන් පිරිසකගේ මඩිය තර වනවිට සිදුවන්නේ පන අදිමින් පවතින ලංකා ගමනාගමන මණ්ඩලය තව තවත් වලපල්ලට යැවීම නොවේ ද ?

මෙම ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර සුත්‍ර හරහා ලංගමයට කෝටි ගණනක පාඩුවක් සිදු කළ දුෂිත නිලධාරීන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද ?
හිරු සී.අයි.ඒ.ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top