ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සහ එම පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාවක් ඓතිහාසික රුවන්වැලි මහසෑ මළුවේදී ඊයේ පැවැත්වුණා.
අටමස්ථනාධිපති, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේ. ඊට භික්ෂූන් වහන්සේලා 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.
..