Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මත් බීම දී කාන්තාවක් සිහි නැති කර, රුපියල් ලක්ෂ ගණනක රන්භාණ්ඩවලට විද්ද නරුමයා පොලීසියට මාට්ටු වුණ හැටි

- මත් බීම දී කාන්තාවක් සිහි නැති කර, රුපියල් ලක්ෂ ගණනක රන්භාණ්ඩවලට විද්ද නරුමයා පොලීසියට මාට්ටු වුණ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,185 Views
සැකකරුට එරෙහිව වරෙන්තු 3ක්..
මත්පෙති 11කුත් සොයාගෙන..
 
මත් බීම වර්ගයක් බීමට දී බස් රථයක් තුළදී සිහිමූර්ඡා වූ කාන්තාවකගේ මුදල් සොරකම් කර කිසිවකුටත් සැකයක් ඇති නොවන පරිදි ඇය පැලඳි රන් ආභරණ ගලවා ගත් පුද්ගලයකු එම බස් රථයේ ගමන් ගත් කොස්තාපල්වරයකු විසින් පසුගියදා (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කන්තලේ මූලස්ථාන පොලිසියට භාරදීමට සමත් විය.
 
කුරුණෑගල සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළදී සැකකරුට යාබද අසුනේ සිටි කාන්තාව සමඟ මිතුරු වී මත් බීම වර්ගයක් බීමට සලස්වා මෙම සොරකම සිදුකරද්දී ඒ බව දුටු පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය සැමියාට පැවැසීමෙන් පසුව ඒ අනුව ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ කොස්තාපල් පී.එම්. සමින්ද බණ්ඩාර මහතා (59362) සැකකරු අත්අඩංගුවට ගෙන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාට භාරදෙනු ලැබීය.

සැකකරු පරීක්‍ෂා කිරීමේදී කාන්තාවගෙන් සොරකම් කරන ලද රුපියල් 129,000ක මුදලක් රුපියල් ලක්‍ෂ පහහමාරක රන් ආභරණ, මත්පෙති 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. මීට අමතරව මත් බීම බෝතලය බීම සමඟ සොයාගත් අතර කාන්තාව සිහිමූර්ඡා ගතියෙන් පසුවීම නිසා ප්‍රතිකාර සඳහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
 
මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්.එච්. රන්දික තුෂාන්, කොස්තාපල් දිසානායක (11619) යන මහත්වරු සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී දිවයිනේ නමගිය සොරකු බවට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
 
සැකකරු දිවුලන්කඩවල මැදිරිගිරියේ පදිංචිකරුවකු වන අතර සැකකරුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු තුනක් ඇති බවද පොලිසිය කියයි.
 
මෙම කාන්තාවගෙන් ගලවා ගත් මුදු පහක් වළල්ලක්, මාලයක්, පෙන්ඩනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම පමණක් රුපියල් ලක්‍ෂ පහහමාරක් පමණ වන බව පොලිසිය කියයි.
 
කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 11 ප්‍රදීප් වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  569 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,759 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,282 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  248 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  261 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,730 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,573 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,875 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,754 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,901 Downloads



Top 10 Commenters

Latest Comments

Top