අඩු ආදායම්ලාභී සංක්‍රමණිකයන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීම හෝ වීසා බලපත් දීර්ඝ කිරීම දුෂ්කර කිරීම සඳහා එරට සංක්‍රමණික නීතිය වෙනස් කිරිමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වසරකට වැඩි කාලයක් රජයේ ආහාර සලාක, සෞඛ්‍ය හෝ නිවාස පහසුකම් ලබන සංක්‍රමණිකයන්ට එලෙස වීසා දිගු කිරීමට හෝ පුරවැසිභාවය ලැබීමට හිමිකමක් නොලැබෙනු ඇති.
නව නීති සංශෝධනය ඇමරිකාවේ දැනට නීත්‍යානුකූලව රැඳී සිටින මිලියන 22ක් පමණ වූ සංක්‍රමණිකයන්ගෙන් බහුතරයකට බලපානු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
...