Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
ගගෙන් වැලි ගොඩ දමා රටේ අභිමානය වෙනුවෙන් දහදිය වගුරන වැල්ලවාය ත්‍රෝ බෝල් ක්‍රීඩකයින්ගේ කදුළු කතාව - Video

- ගගෙන් වැලි ගොඩ දමා රටේ අභිමානය වෙනුවෙන් දහදිය වගුරන වැල්ලවාය ත්‍රෝ බෝල් ක්‍රීඩකයින්ගේ කදුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,682 Views
මට ඉන්න ගෙදරක් නැහැ.මම ඉන්නේ යාළුවගේ ගෙදර මගේ
ඇත්තම කිව්වොත් අපේ ටීම් එකේ අයට සපත්තු දෙකක්වත් නැහැ හරියට

මේ කතාව වැල්ලවාය ජේ.එම් කුමාරදාස විද්‍යාලයීය ත්‍රෝ බෝල් කණ්ඩායම ගැනයි.

ඔවුන් මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තා.

ඒ නිසාම මෙම ක්‍රීඩකයින්ට මේ මස අගදී මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදා වුනා.

මීට පෙරත් මෙම විද්‍යාලයේ ක්‍රීඩකයි කිහිපදෙනෙකුට මැලේසියාවේ පැවති ආසියානු තරගාවලිය නියෝජනය කිරීමට අවස්තාව උදා වී තිබූ නිසා මෙවරත් එය කුමාරදාස ක්‍රීඩකයින්ට එය අරුමයක් වුනේ නැහැ.
 

නමුත් මෙවර කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21ක් දෙනෙක්ම ඒ සදහා සුදුසුකම් ලබා තිබීම තත්ත්වය බරපතල කාරණයක් බවට පත් කළා..

මෙවර තරගාවලියට එක්වන එක් ක්‍රීඩකයෙකු දැරීමට සිදුවන මුදල රුපියල් ලක්ෂයකට ආසන්නයි.

එදා වේල පිරිමසා ගන්නට නොවිදිනා දුකක් විදින මේ දරුවන්ගේ දෙමා පියන්නට මෙවැනි මුදලක් සොයා ගැනීම සිහිනයක්ම පමණක් වනවා.

ත්‍රෝ බෝල් ක්‍රීඩක උදාර ප්‍රියන්ත

"පළාත් මැච් විතරයි අපේ ඉස්කෝලේ තියෙන්නේ.අනිත් ඒවාට අනුරාධපුරේ,පොලොන්නරුව කොළඹ වගේ දිහාවලට යනවා.ඒ යනකොට ගොඩාක් වියදම් යනවා.ඒ ගිහිල්ල අපිම උයාගෙන කාලා අපේ බස් වියදම් වලින්.ගොඩාක්ම අමාරු වුනා. ඒ වලින් තමයි මේ ජයග්‍රහණ ඔක්කොම ලබා ගත්තේ.තරගාවලියට යන්න අපිට සල්ලි නැහැ.අපි හැමෝම කතා වුනේ හැමදාම දෙමව්පියන්ට බරක් වෙන්න බැහැ.මොනවම හරි කරලා සල්ලි ටිකක් හොයා ගන්න"

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එක් ක්‍රීඩකයෙකුට ලබාදුන් රුපියල් 10 000ක මුදල හැරෙන්නට ඔවුන් සන්තකයේ මේ වනවිට කිසිදු මුදලක් නැහැ.

ක්‍රීඩාවෙන් ලද පන්නරයම නිසාම පරාජය බාර ගන්නට අකමැති මේ දරුවන් අවසානයේ තීරණය කරන්නේ අසල පිහිටි ගගෙන් වැලි ගොඩ දමා සිය අරමුණ මුදුන් පමුණුවා ගන්නටයි.

ඒ අනුව උදේ පාන්දර සිට රෑ බෝ වනතුරුම මේ අහිංසක දරුවන් ගතේ සවියටත් වඩා වැඩි සිය සිතේ සවියට ජවයක් දෙමින් රටේ අභිමානය වෙනුවෙන් දහදිය වගුරන්නට සිදුව තිබෙනවා.

ප්‍රශ්නය - වැලි ගොඩදැමීමෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ දැන් කීයක් විතර හොයන්නද බලාපොරොත්තු වෙන්නේ?
අපිට පුළුවන් තරමක් ඉතින් හොයන්න තමයි අපි බලාපොරොත්තුවෙන්නේ.

කුමාරදාස විද්‍යාලයීය ත්‍රෝ බෝල් කණ්ඩායමේ නායක චමත් නිම්සර

"ගොඩක් අමාරු සංජුලට.එයා තවම රුපියල් කීයක්වත් දීලා නැහැ. මහ ඇමතිතුමාගෙන් එක්කෙනෙකුට හම්බවුන රුපියල් 10 000 විතරයි.එයාට තව 90 000ක වගේ මුදලක් ඕන.අනිත් කට්ටියට නම් 60 000ක 50 000ක වගේ අඩුවක් තමයි තියෙන්නේ.ඇත්තම කිව්වොත් අපේ ටීම් එකේ අයට සපත්තු දෙකක්වත් නැහැ හරියට"

කටින් පමණක් ක්‍රීඩාවේ සංවර්දනයට උරදෙන බලධාරීන් සිටින මෙවන් රටක වැල්ලවාය කුමාරදාස විදුහල් ත්‍රෝබෝල් ක්‍රීඩකයින්ගේ කදුළු කතාව නොපෙනීම පුදුමයක් නොවේ.

නමුත් ඔවුන්ගේ මේ අප්‍රතිහත ධෛර්යට යම් තරමකින් හෝ සවියක් වන්නට ඔබට හැකිනම් මේ මස අගදී මැලේසියානු ගුවනේ සිංහ ධජය ලෙලදීම කාටනම් වැළක්විය හැකි වෙයිද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  56 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  139 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  978 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,662 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,941 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  358 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,268 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,918 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,329 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top