දෙමාපියන්ගේ ආරවුලක් බේරීමට මැදිහත්වූ පුතු හට පියාගේ පොලු පහරට ලක්ව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්.
පියා විසින් මීට ප්‍රථම සඳහන් කර ඇත්තේ නිවසට පැමිණි උගුඩුවෙකුට මෙම පොලු පහර එල්ල කර ඇති බවයි. කෙසේ නමුත් පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වූ ආකාරයට පියා විසින් එල්ල කරපු පොලු පහරින් මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.