Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
" මම විදෙස්ගත වෙලා ඉන්නකොට තාත්තා ඇහුවෙ අද මොනවාද දැක්කෙ? බලන්න ගියේ මොනවාද? කියලා..." - කේමදාසයන්ගේ දියණිය කියයි

- " මම විදෙස්ගත වෙලා ඉන්නකොට තාත්තා ඇහුවෙ අද මොනවාද දැක්කෙ? බලන්න ගියේ මොනවාද? කියලා..." - කේමදාසයන්ගේ දියණිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,241 Views
"තාත්තා අපිට මොන ක්‍ෂේත්‍රයද තෝරාගන්න ඕනේ කියලා බල කළේ නැහැ..."

"අපිව පාසල් එක්කගෙන ගියේ පන්ති එක්කගෙන ගියේ පවා තාත්තා..."

කේමදාස පදනමෙන් මේ අවුරුද්දෙ ඉඳලා විශේෂ වැඩ කොටසක් ආරම්භ කරලා තිබෙනවා. සංගීතය ඉගෙන ගැනීමට විවිධ දුෂ්කරතා තිබෙන සහ අවස්ථා නැති පාසල් තෝරාගෙන පදනමේ නවක ශිෂ්‍යයන් විසින් ඒවායේ සංගීත වැඩමුළු පවත්වනවා. මේ වෙන කොට රත්මලාන ධර්මරාජ විද්‍යාලයේ, වාද්දුවේ සෙන් මේරි විද්‍යාලයේ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලක වැඩමුළු පැවැත්වූවා. ඉදිරියටත් ඒ වැඩමුළු පවත්වන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම විදෙස් රටවල සිටින ශිල්පීන් සම්බන්ධ කරගෙන ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට දැනුම ලබාදීම සිදුකරනු ලබනවා.

යම් ප්‍රදේශයක් තුළද මේ කර්තව්‍ය සිදුවෙන්නෙ?
කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල අප මෙම වැඩමුළු පවත්වනවා. මේ වගේ වැඩමුළු පැවැත්වීමට අවස්ථාව උදා නොවුණු පාසල්වලට මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට අවශ්‍ය නම් කේමදාස පදනමෙන් ඒ පිළිබඳව විමසීමක් කරන්න පුළුවන්.

වැඩමුළුවක් කිරීමටත් සෑහෙන වෙහෙසක් දරන්නට වෙනවා නේද?
ඔව්. වැඩමුළු පවත්වන්න කලින් පදනමේ ළමයි ගෙන්නලා ඔවුන්ව දින ගණනක් ඒ වෙනුවෙන් පුහුණු කරනවා. එය පහසු කාර්යයක් නෙවෙයි. අපේ අම්මලා තාත්තලා අපිව රට යවලා ඉගැන්නුවා. ඉතින් ඒ ලබාගත් දැනුම අනෙක් අයටත් ලබාදීමටයි මට අවශ්‍ය.

ඔබේ පියා දක්ෂයෝ පිරිසක් රටට දායාද කර තිබෙනවා. ඔබටත් එවැනි දක්ෂයන් පිරිසක්  ගොඩනඟන්න පුළුවන්ද?
ඔව්, අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ මැද ‘මාද ඔබම විය’ කියලා ප්‍රසංගයක් කළා. පදනමේ අලුත් කණ්ඩායමේ පිරිසක් එදා ගීත ගායනා කළා. වයස අවුරුදු 7-8 සිටම අය මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. මම පිටරට කරන වැඩසටහන්වලටත් ඔවුන්ව සම්බන්ධ කර ගන්නවා.

මම අවුරුද්දක් පාසා අලුතින් ළමයි පුහුණු කිරීම සිදුකරනවා. ඔවුන්ටත් අවස්ථාවක් දෙමින් සමාජයට යම් සේවාවක් ලබාදිය යුතුයි යන හැඟීම ඔවුන් තුළ ඇති කිරීමත් මේ වැඩමුළු පැවැත්වීමේ එක් අරමුණක්.

පියාගේ නිර්මාණ නැවත ප්‍රේක්ෂකයන් අතරට  ගේන්න මොනවගේ දේවල්ද කරන්නේ?
ගිය වසරේ කළ ප්‍රසංගයේදී කාලෙකින් අසන්නට නොලැබුණු තාත්තාගේ ගීත නව නිර්මාණ ලෙස කරලා ඉදිරිපත් කළා. එවැනි ගීත වගේම වෙනත් සංගීත ශෛලීන් පදනමේ අලුත් ළමයි හරහා රූපවාහිනි වැඩසටහන් සහ විවිධ වැඩසටහන් ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදුකරනවා.

ලංකාවේ පවතින ඔපෙරා සංගීතය  ගැන ඔබට මොකද හිතෙන්නේ?
ගීතයට කටහඬ භාවිත කරන විධියයි ඔපෙරාවට කටහඬ භාවිත කරන විධියයි හාත්පසින්ම වෙනස්. ඒ නිසා එය අභියෝගයක්. මනා අවබෝධයක් ඇතිවයි ඒවා කරන්න ඕනේ. ලංකාවේ බටහිර සංගීතය කරන අය ගොඩක් කොළඹ ආශ්‍රිතව රැඳිලා ඉන්නේ. එහෙම අවස්ථාවක් නැති අය තෝරාගෙන කටහඬ පුහුණු කිරීමයි වැදගත්.

අලුත් ඔපෙරාවක් කරන්න අදහසක් නැද්ද?
ඔපෙරාවක් කරන්න අදහසක් තියෙනවා. ගොඩක් අය අහනවා ඔපෙරාවක් කරන්නෙ නැද්ද කියලා. ඔපෙරාවක් කරන්න අවුරුදු හතක් වත් ඔපෙරා සංගීතය පිළිබඳව හැදෑරීමක් කිරීමට අවශ්‍යයි. ඒ වගේම කටහඬවල් පුරුදු කරන්න ඕනෙ. පිටරටක ඔපෙරාවක් කරනවා නම් අවුරුදු හතක්වත් පුහුණු වෙනවා. සෑහීමකට පත්වෙන්න වැඩක් කරන්නනම් කාලයක් ගතවෙනවා.

අවශ්‍ය නම් පිටරට ශිල්පීන් යොදාගෙන ඔපෙරාවක් කළ හැකියි. නමුත් ඊට වඩා හොඳයිනෙ අපේ දරුවන්ගේ කටහඬ යොදාගෙන ඔපෙරාවක් කරන එක.

ඔබේ පියා (ප්‍රේමසිරි කේමදාස) විශිෂ්ටයෙක් ලෙස හඳුනාගත් පුද්ගලයෙක්.  ඔහුගේ රැකවරණයේ රැඳුණු ඔබට ඔහු කොහොම කෙනෙක්ද?
තාත්තා සංගීත ක්‍ෂේත්‍රය තුළත් අසහාය පුද්ගලයෙක්. තාත්තා කෙනෙක් විධියටත් අසහාය පුද්ගලයෙක්. තාත්තා දින චර්යාව පවා අපි වෙනුවෙන් වෙනස් කළා. අපිව පාසල් එක්කගෙන ගියේ පන්ති එක්කගෙන ගියේ පවා තාත්තා.

අපේ රටේ ගැහැනු දරුවන්ව දාන යම්කිසි රාමුවක් තියෙනවානේ. තාත්තා අපිව එහෙම කොටු කළේ නෑ කිසිම විධියකින්. ඒකට නම් තාත්තටයි අම්මටයි දෙන්නටම ස්තුති කරන්න ඕනේ. සමාජයට වැඩක් ඇති විධියට අපිට උගන්වන්නයි තාත්තට ඕනෙ වුණේ.

 තාත්තාගේ අඩිපාරම ඔබ තෝරාගත්තේ  තවදුරටත් පියා කළ දේ ආරක්ෂා කරන්නද?
මම කැමැති දෙයක් තෝරාගන්න මට අවස්ථාව ලැබුණා. මම පොඩිකාලේ ඉඳන්ම සංගීතයට කැමැතියි. තාත්තා මාව හොඳම සංගීත ගුරුවරු ළඟට එක්කගෙන ගියේ. ඔවුන්ගේ උනන්දුව නිසා තමයි මම ක්‍ෂේත්‍රයට ආවේ.

තාත්තා අපිට මොන ක්‍ෂේත්‍රයද තෝරාගන්න ඕනේ කියලා බල කළේ නැහැ. මම විදෙස් ගතවුණාම තේරුණා සංගීතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා.ලංකාවෙනම් සාමාන්‍යයෙන් එක විභාගයක් කරලා අවසන් වෙන තත්ත්වයෙනෙ තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවෙ මවුපියෝ දරුවන්ගෙන් අහන්නෙ මොනවද ඉගෙන ගත්තේ? ලකුණු කීයද කියලනේ. මම විදෙස්ගතව ඉන්නකොට තාත්තා ඇහුවෙ අද මොනවාද දැක්කෙ? බලන්න ගියේ මොනවාද? කියලා.

විදෙස් ගතව ඉගෙන ගන්න විට සමාජ සේවය පිළිබඳව, සමාජයට ආපසු සේවය කළ යුතු බව ඉගෙන ගත්තා. ඉතින් මම තාත්තගේ දේවලුත් ආරක්ෂා කරගෙන අලුත් පරපුරට හොඳ දෙයක් ලබාදෙන්න මහන්සි වෙමින් ඉන්නවා.

 ඔබ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයටත් එකතු වෙලානේ ඉන්නේ. මොනවද අලුත් වැඩකටයුතු?
මම මෑතකදී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලගේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකළා. ඒ චිත්‍රපටයේ එකම ගීතයක් පමණයි අඩංගු වෙන්නේ. නුදුරේදීම මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.  

ඒ වගේම කේමදාස පදනමට බැඳෙන්නට කැමැති අය සිටිනවා නම් ඒ සඳහා විමසීමක් කර සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා.

ඉරේෂා කල්හාරි සේනාධිර




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  212 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,435 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,791 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,305 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top