Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
12
"මම සීමා නැතිව වැඩ කරන කෙනෙක් බව මා එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරු දන්නවා..." - චමත්කා ලක්මිණි

- "මම සීමා නැතිව වැඩ කරන කෙනෙක් බව මා එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරු දන්නවා..." - චමත්කා ලක්මිණිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46 Views
"උඩින් පාත්වුණු කෙනෙක් විඳිහට ලේබල් වෙන්න මම කැමැති නැහැ.."

"හරි අඩක්ම මම මැරුණු කෙනෙක්..."

චමත්කා ලක්මිණි කියන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට කලාවට පිවිසිලා නිලියක් බවට පත් වුණු කෙනෙක්. විවිධ හේතු නිසා නිරන්තරයෙන්ම කට කතා වලට ලක් වෙන චමත්කා මේ වෙද්දී සිනමා රංගනය තුලින් දැකගන්න ලැබෙනවා. මේ ඇය ගැන තොරතුරුයි.

චමත්කා, තාරුකාට හුස්ම දීලා මොකද වුණේ?
තාරුකාත් හොඳින්. මමත් හොඳින්. මගේ වගේම ‘හුස්මටත්‘ හුස්ම හොඳට වැටෙනවා.

ප්‍රතිචාර අහන්න තවම කල් වැඩියි නේද?
පසුගියදාක හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම තිබුණා. ඊට කලින් එක්තරා චිත්‍රපට උලෙළකටත් ‘හුස්ම‘ චිත්‍රපටය පෙන්නුවා. එහිදි චිත්‍රපටයට හා මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි.

තාරුකා විජේසිංහ ගැන ඔබට මොකද හිතෙන්නේ?
තාරුකා මේ සමාජයේ සැබෑ චරිතයක් නම්, මම ඇයම නම් මටත් ඇයට වු දෙයම අවසානයේ සිදු වේවි.

තාරුකාට හුස්ම දෙන්න ඔබට කොහොමද මං පෑදෙන්නේ?
‘සරුංගල්‘ චිත්‍රපටය එළිදැක්වීමට සුදේශ් අයියත් සහභාගී වුණා. එදා ඔහු ආරාධනා කළා ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ වෙලාවේ මම එයට කැමැති වෙන්නේ නැහැ. අපි පිටපතත් අරන් කතා කරමු කියලා එදා මම ඔහුට කියනවා. පස්සේ දවසක මේ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන නළුවෝ තුන්දෙනාටයි මටයි හමුවක් තිබුණා. එදා මට තේරුණා මම මේ තුන් දෙනා සහ සුදේශ් අයියා එක්ක වැඩ කරද්දි ඔවුන්ගෙන් මට ලොකු සහයක් ලැබෙයි කියලා. පිටපතත් ඉතා හොඳ තත්ත්වෙක තිබුණා. එය මං හොයපු විදිහේ ස්ක්‍රිප්ට් එකක්.

මෙහි රංගනයෙන් දායක වෙන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පින් තිදෙනෙක්. ඒ දක්ෂතා අතර ඔබේ දක්ෂතාව තිබුණේ කොතැනද?
පුබුදු, ඉසුරු, දසුන් කියන්නේ රංගනය පැත්තෙන් ඉතාම ඉහළින් ඉන්න නළුවන් තිදෙනෙක්. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමම මට ලැබුණූ භාග්‍යයක් හා ලොකු සතුටක්. මේ චරිතයට පන පොවන්න ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් මඟපෙන්වීමක් ලැබුණා. පුබුදු, ඉසුරු අයියාගෙන් රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දසුන්ගේ තියෙන්නේ වෙනම ශෛලියක්.

ඒ වෙනුවෙන් ඔබ කොපමණ කාලයක් කැපවීම්, පුහුණු වීම් කළාද?
මේ චරිතය ටිකක් අමාරු, බැරෑරුම් චරිතයක්. චිත්‍රපටයේ හරි අඩක්ම මම මැරුණු කෙනෙක්. ඒ චරිතයට අදාළ ගොඩක් දේවල් මම ක්‍රමයෙන් ඉගෙන ගත්තා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෝස්තර නිරූපිකාවක් ලෙස. ඒ භූමිකාව දැන් වෙනස් වෙලාද?
මේ වෙද්දි නිරූපණ කටයුතු, ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම හරිම අඩුයි. අවුරුද්දටම එක චිත්‍රපටයක රඟපාලා ගෙදර ඉන්න පුළුවන් තත්ත්වෙකයි මම ඉන්නේ. මෙය මගේ රස්සාව සහ විනෝදාංශය යන දෙකම. මේකෙන් මම හම්බ නොකරනවා නෙමෙයි. නමුත් රංගනයෙන් මට ලොකුවට මුදල් ඉපැයීමේ ආසාවක් නැහැ.

එක හොඳ වැඩක් කරලා ගෙදරට වෙලා ඉන්න තිබ්බා නම් මට ඒ ඇති. මේ ක්ෂේත්‍රයේ මට පුළුවන් තාක් කල් රැඳේවී. හැබැයි බදාගෙන වැඩ කරන්න කැමැති නැහැ.

වසරකට එකක් තෝරා ගන්න තරම් ඇරයුම් ඔබට එනවා කියලද කියන්නේ?
ඕනෑතරම් ඇරයුම් තිබෙනවා. හැබැයි ලැබෙන හැම පිටපතම ඕකේ කරන්න මම කැමැති නැහැ. තෝරා ගත් ෆිල්ම්ස්වලට විතරයි මම දායකත්වය දෙන්නේ. මේ චිත්‍රපටයේ දකින මාව නෙමෙයි ඊළඟ චිත්‍රපටයේ දකින්නේ. මම බොහොම තෝරා ගැනීම් එක්ක වැඩ කරන කෙනෙක්. හැබැයි මගේ රංගනයට සීමා නැහැ.

මේවා ඔබ ඔබටම පනවා ගත් සීමාද? පැනවු සීමාද?
මගේ සැමියා හරිම කැමැතියි මම වැඩ කරනවාට. ඉතින් මට එහෙම පැනවුණු සීමා නැහැ. මම, මට සීමා පනවාගෙනත් නැහැ. මම සීමා නැතිව වැඩ කරන කෙනෙක් බව මා එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරු දන්නවා.

රංගනයේ යෙදෙන්න ඔබ එකඟයි?
අනිවාර්යයෙන්ම. මේක කොහොමත් විවේචනයට ලක් වෙන ක්ෂේත්‍රයක්.

සිනමාවේ දිගු ගමනක් යන්න නම් රංගනයේ ගැඹුරු හැදෑරීමකුත් අවශ්‍ය වේවි?
මම දැනටමත් රංගනය, අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ගැන ජාතික චිත්‍රපට සංස්ථාවේ උපාධිය කරන ගමන්.

සිනමාවේ සහ හෙට දවසේ ඔබේ ඉලක්ක?
මම මැරෙනකල් සිනමාවේ රැඳෙන්න හරිම කැමැතියි. රංගනය පිළිබඳ ඉගෙන ගනිමින් සිනමාවේ රැඳෙන්න හදන කෙනෙක්. රංගනයට උඩින් කඩා පාත් වූ කෙනෙක් විඳිහට ලේබල් වෙන්න මම කැමැති නැහැ. එනිසාම මොන බාධක ආවත් මම සිනමාවේ රැඳේවී.

ටානියා මෝසස්
සිළුමිණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top