Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
මුදලට කෑදර වී ඉන්ධන පිරවුම්හලේ ලිපිකාරිනියක සහාසික ලෙස ඝාතනය කළ අයියා මලෝ දෙන්නාට වසර 14 පසුව ලැබුණු දඩුවම

- මුදලට කෑදර වී ඉන්ධන පිරවුම්හලේ ලිපිකාරිනියක සහාසික ලෙස ඝාතනය කළ අයියා මලෝ දෙන්නාට වසර 14 පසුව ලැබුණු දඩුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,348 Views
"ඉන්දන පිරවුම්හලේ ලක්ෂ 9ක් හොරකම් කළේ.."

"නිදි පෙති දීලා ගෙළ සිරකර මරා දැම්මා.."

ඉබ්බාගමුව යකල්ල ඉන්ධන පිරවුම් හලේ ලිපිකාරිනියක ලෙස කටයුතු කළ අනූශා හේමන්ති රත්නායක, (අවුරුදු 22) තරුණියට නිදි පෙති බීමට සලස්වා ඇගේ ගෙල සිර කර අමානුෂික ලෙස ඝාතනය කළ එකම පවුලේ අයියා මලෝ දෙදෙනාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය  මරණ දඩුවම නියම කළා.
 
 දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනා.

2005 වසරේ සැප්තැම්බර් මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉබ්බාගමුව යකල්ල ඉන්ධන පිරවුම් හලේ ගිණුම් ලිපිකාරිනියක ලෙස කටයුතු කළ අනූශා හේමන්ති රත්නායක නමැති මෙම සේවිකාව සතුව තිබූ ඉන්ධන පිරවුම් හලට අයත් රුපියල් ලක්ෂ 9ක සහ රුපියල් ලක්ෂ 3ක චෙක්පත් කොල්ල කා ඇගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට සම්බන්ධ වැල්ලව මරලූ‍වාවේ පදිංචි ධම්මික ප්‍රසන්න විජේසින්හ (අවු 41) සහ අනුර ජයතිස්ස විජේසින්හ (අවු 50) යන සොයුරන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබුණු අතර එය දීර්ඝ කාලයක සිට විභාග වුනා.
 
මියගිය තරුණිය ඉන්ධන පිරවුම් හලට අයත් රුපියල් ලක්ෂ 9 ක මුදලක් සහ ලක්ෂ 3 චෙක්පත් කුරුණෑගල නගරයේ මූල්‍ය ආයතනයකට රැගෙන ගිය අවස්ථාවේ එහි පැමිණි මෙම නඩුවේ චෝදනා ලැබ සිටි දෙදෙනා තරුණිය කැඳවා ගෙන යන දර්ශන සහිත වීඩියෝව සාක්ෂි වශයෙන් නඩුව විභාග වන මොහොතේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම විත්තිකරුවන් දෙදෙනා කුලී පදනමක් මත ලබාගත් මෝටර් රථයකින් තරුණිය ඉබ්බාගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවා ගෙන ගොස් එහිදී ඇයට නිදි පෙති පානය කිරීමට සලස්වා තිබූ බවට අධිකරණයේ සාක්ෂි මෙහෙයවීමේ දී අනාවරණය වී තිබෙනවා.

මරණය සිදු වී පසු දින තරුණියගේ මළ සිරුර ඉබ්බාගමුව බතල ගොඩ වැව ආසන්නයේ ඇළක් අසල තිබියදී ගොකරැල්ල පොලිසිය විසින් සොයා ගෙන තිබුණු අතර පොලිස් පරීක්ෂණයෙන් පසුව මෙම සිදුවීමට අදාළ සැකකරුවන් දෙදෙනා අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කොල්ල කෑ මුදල්වලින් කොටසක් සොයාගැනීමට ද හැකි වූ බව සදහන්.
 
සාහසිකයන්ගෙන් ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුරේ සිදු කළ තුවාල 23ක් නිරීක්ෂණය වූ බවත් ඇගේ ගෙල සිර කර මුඛය හා නාසය අවහිර කිරීමෙන් ඇතිවූ සංකූලතාවය හේතුවෙන් මරණය සිදුවී තිබෙන බවත් කුරුණෑගල මහා රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් පියසේන මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා තිබෙනවා.
 
වසර 14කට ආසන්න කාලයක් පුරා විභාග වූ මෙම නඩුව පසුගිය සති 3ක පමණ කලයක සිට කුරුණෑගල මහාධිකරණයේ අඛණ්ඩව විභාගයට ගත් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය පසුගිය 9 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කර වැරදිකරු වූ චූදිතයන් දෙදෙනාට මරණ දණ්ඩනය නියම කළා
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,994 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,349 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top