ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය පෝට් ඔෆ් ස්පේන් හිදී අද පැවැත්වෙනවා.
කොදෙව් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ගේ 300 වන එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.
එමෙන්ම මෙම තරගයේදී තවත් ලකුණු 9 ක් රැස් කළහොත් ක්‍රිස්ගේල්ට කොදෙව් ක්‍රීඩකයෙකු එක්දින තරගවලදි ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන බ්‍රයන් ලාරාගේ ලකුණු 10,405 ඉක්මවා යාමට හැකිවනු ඇති.
ක්‍රිස්ගේල්, මෙම තරගයට පිවිසෙන්නේ කැනඩාවේ පැවති ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලියේදී නොදැවී ලකුණු 122 ක් සහ 94 ක් රැස් කරගැනීමෙන් අනතුරුවයි.
මෙම තරගයේදී ඉන්දියාව සිය අංක හතරේ පිතිකරු පිළිබඳ තවත් අත්හදාබැලීමක් සිදුකරනු ඇති.
තරගය පැවැත්වෙන ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට වාසිදායක බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කළේ.