ටර්කිෂ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමේදි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් මගීන් කිසිවකුගෙත් ජීවිත වලට හානියක් සිදුවී නොමැති අතර, කිහිපදෙනෙකුට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ටර්කිෂ් ගුවන් සේවයට අයත් A330 එයාර් බස් වර්ගයේ ටී.එච්.වයි 726 ගුවන් යානයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ. අදාළ ගුවන් යානය තුර්කියේ සිට නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළ පැමිණීමයි මෙම ගුවන් යානයේ ගමනාන්තය වී තිබුණේ.