Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
04
Shreya Ghoshal Live In concert හිරුගෙන්....!!

- Shreya Ghoshal Live In concert හිරුගෙන්....!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41 Views
හින්දි සිනමාවේ සදාතනික ප්‍රේමවන්තිය වෙනුවෙන් සුගැයු මේ ඉමිහිරි හඬ ඇගේ නම කියූ සැනින් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ දෙසවනෙහි රැව් දෙන්නේ , ඒ හඬෙහි ඇති අපූර්වත්වය නිසාම‍යි. ඒ හඬෙහි හිමිකාරිය නමින් Shreya Ghoshal වන්නීය.

1984 වසරේ මාර්තු මස 12 වන දින උපත ලබන Shreya  ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායනයේ සදාතනික රන් ස්වරය බවට පත්වන්නේ ඇගේ ජීවිතයේ අපූරු කඩඉම් පසු කරමින් , ඒ කඩඉම් අපූරු වන්නේ , ඒ හඬින් සැනසෙන්නට අප වරම් ලැබූ නිසාද නැත්තම් ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූ නිසාද යන්න සිතා බැලීම මේ ලිපිය කියවන ඔබ සතු වන්නේය.


1995 වසරේ දී ඉන්දීය ළමා සංගීත තරඟයකින් ජයග්‍රහණය ලබන Shreya ඉන්දියාවේ ප්‍රකට ස.රි.ග.ම.ප. නම් සංගීත වැඩසටහනට එක්වීම ඇගේ දිවියේ සුවිශේෂී සටහනක් වුනා, 1997 වසරේදී ඉන් ජයග්‍රහණය ලබන ඇය ප්‍රථම වරට ගීයක් පටිගත කරන්නේ 1998 වසරේදී . ඒ ලතා මන්ගේෂ්කර් ගායනා කල ගීතයක් . ඉන් ඇරඹෙන ඇගේ ගායන දිවිය පුරාවට ඇය තබන සටහන් බොහොමයකි. ඇය චිත්‍රපට පසුබිම් ගී ගායනයට එක්වන්නේද ඉතා සුවිශේෂී වූ අහම්බයකිනි.

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිගේ මව ස.රි.ග.ම.ප. නම් වැඩසටහන නරඔන විට එහි තරඟ කල Shreya ව දැක ඇති අතර ඇගේ හඬෙහි ඇති අපූර්වත්වය නිසාම වැඩසටහන නරඹන ලෙස තම පුතුට පවසා තිබෙනවා. ඇයව නරඹන බන්ග්සාලි ඇගේ හඬ ‘‘දේවදාස්‘‘ හි පාරෝ ගේ හඬට ගැලපෙනම හඬ ලෙස තීරණය කර තිබෙනවා. පසුව බන්ග්සාලි ඇයව සොයාගෙන ගියත් බන්ගසලිට මතක තිබී ඇත්තේ ඇගේ නමේ මුල් අකුර පමණි.

එහෙත් ඇගේ හැඩහුරුකම් ඔස්සේ ඈ සොයාගැනීමට බන්ග්සාලි සමත් වෙනවා . ඒ අනුව 2000 වසරේදී Shreya දේවදාස් චිත්‍රපටය වෙනුවෙන් ගීත 5ක් පටිගත කරනවා . එහි විශේෂත්වය වන්නේ ඒ වනවිටත් ඇය 16වන වියේ පසුවීමත් එම ගායනය වෙනුවෙන් භාරත සුපිරි ගී තරු අභිබවා ඇය සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමත්ය . දේවදාස් චිත්‍රපටය ඇගේ වෘත්තීය ගායන ජීවිතයේ සම්භවය යැයි පැවසුවහොත් එය වරදක් නොවේ.

ඉන්පසු භාරතයේ නිපදවන චිත්‍රපට ගණනාවකට පසුබිම් ගායිකාවක් ලෙස සිය මධුර හඬ මසු කරන Shreya හින්දි, බෙංගාලි, කන්නඩ, තෙළිගු ආදී භාෂා ගණනාවකින්ම ගීත ගායනය කර තිබෙනවා . රසිකයන් අමන්දානන්දයට පත් කල සිය මනමොහිනිය හඬ වෙනුවෙන් ඇය Filmfare ඇතුළු තවත් ජාතික සහ ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ අතර එම සම්මාන මෙපමණක් යැයි ගණනින් පැවසීමට දුෂ්කර වන්නේ , ඒ තරමට ඇගේ හඬ සම්මානයට පත්‍ර වී තිබීම නිසාය .

ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ ජුනි මස 26 වන දිනය Shreya Ghoshal දිනය ලෙස නම් කර තිබෙන්නේත්, ඇය නමින් බොහෝ ස්ථාන නම් කර තිබෙන්නේත් ලොව පුරා රසිකයන්ගේ ආදරය නිසාමය.

ලාංකීය ප්‍රාසාංගික කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ඔබේ වින්දනීය සන්නිවේදකයා හිරු ගෙන් මේ අපුරු ගී හඩ ශ්‍රී ලංකේය රසික ඔබ වෙනුවෙන් අවදිවන ඒ අමරණිය රාත්‍රිය මාර්තු මස 28 වනදා උදාවේ. ඒ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේදීයි.

Shreya Ghoshal Live In concert පිළිබඳ වැඩි විස්තර මෙතනින්

සටහන - කණිෂ්ක මීගස්මුල්ල
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top