Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
අපේක්ෂකයාට පෙර සන්ධානය හැදීමට එරෙහිව සජිත් අවි අමෝරයි - Video

- අපේක්ෂකයාට පෙර සන්ධානය හැදීමට එරෙහිව සජිත් අවි අමෝරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,749 Views
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගොඩනැගිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය මෙන්ම, එකී සන්ධානයට එකතුවීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ ද එම ස්ථාවරයේ සිටින බවයි.
 
එසේ සිදුකළහොත් යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව ඊට තවත් පක්ෂ සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් එකතුවී එය ජයග්‍රාහී සන්ධානයක් බවට පත්වන බව ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් හැකි ඉක්මනින් සන්ධානයක් පිහිටුවිය යුතු බවට තමත් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවයක් ඇති වූ බවට පලවන වාර්තා, අසත්‍ය බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
 
අමාත්‍යවරයා අද මේ බව සඳහන් කළේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
 
ජනාධිපතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානය හැකි ඉක්මනින් පිහිටුවීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් ඇති වූ බවට ජාතික පුවත්පතක් අද වාර්තා කර
තිබුණා.
 
පුවත් පත් වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සන්ධානයේ ව්‍යවස්ථාවේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්විමේදී සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි.
 
ඉහත පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කළා.
 
ඒ නව සන්ධානයක් පිහිටු වීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර එකඟතාවක් ඇති වූ බවට වන පුවත් පත් වාර්තාව ප්‍රතික්ෂේප කරමින්.
 
සිය නිවේදනයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එකී සන්ධානය බිහි විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් වීමෙන් පසුව බවයි.
 
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මෙන්ම එකි සන්ධානයට එක්වීමට අපේක්ෂාවෙන් පසුවන ප්‍රබල පක්ෂ බහුතරයක අපේක්ෂාව එය වන බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
එසේ සිදු කළ හොත් පමණක් නව සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව එය ජයග්‍රාහී සන්ධානයක් වනු ඇති බව ඔහු පවසනවා.
 
අද සිදුවිය යුත්තේ සාවාද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොව පළමුව ජනාධිපති අපේක්ෂකයා නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීම බව සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
 
මේ අතර අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ සාකච්ඡාව පිළිබඳව අදහස් පල කළා.
 
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙතු අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර ඔවුන් එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවයි.
 
පසු පෙල මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පල කළා.
 
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල මතු වී ඇති අර්බුදය පිළිබඳව එම පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද අදහස් පල කළා.
 
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ඒකමතිකව තීරණය කළා.
 
ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීයි.
 
අද 11.30 ට පමණ ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවති බව සඳහන්.
 
මේ අතර, පසුපෙළ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු එක්ව එළඹි මෙම තීරණය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා අදහස් පළ කළා.
 
එමෙන්ම, ලබන 12 වනදා බදුල්ලේ පැවැත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනරැළියක් සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් දක්වා සිටියා.
 
මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් ද අද යාපනයේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.
 
එහිදී ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස විය යුතු බව තමන් අපේක්ෂා කළ ද, කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසන් තීරණය ගත යුතු බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,041 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,999 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,372 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,835 Downloads



Top 10 Commenters

Latest Comments

Top