Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
කදුළුගල කන්ද රක්ෂිතයේ සිදුවන මහා වන විනාශයක් පිළිබඳව හිරු CIA තොරතුරු අනාවරණය කර ගනී - Video

- කදුළුගල කන්ද රක්ෂිතයේ සිදුවන මහා වන විනාශයක් පිළිබඳව හිරු CIA තොරතුරු අනාවරණය කර ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,026 Views
මේකෙ නීතියෙන් අවසරය දුන්නෙ උපරිම අඩි 05...
හොරට කටු තියාගෙන අඩි 08 ගහනවා. හංගගෙන....
 
මේ දකුණු පළාතේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාමගුලිය හා කදුළුගල කන්ද ආශ්‍රිත රක්ෂිත වනාන්තර ප්‍රදේශයයි.
 
අතිශය රමනීය භූමි ප්‍රදේශයක් වන මෙහි සිට බැලු කළ ඈතින් මෙලෙස දිස්වන්නේ කතරගම පුරවරයේ පිහිටා ඇති වැඩසිටිකන්දයි.
 
2013 ඔක්තෝබර් 17 වනදා එවක පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම ප්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස නම් කර තිබෙනවා.

වනය රැකීමට නීතී රීති සම්පාදනය කළ ද මෙම රක්ෂිතයේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමත් සමග මෙම වනාන්තර පද්ධතිය මුළුමනින්ම විනාශය කරා ඇද දමා තිබෙනවා.
 
එම ගල්කොරියේ සේවය කර ඉන් ඉවත් වු සේවකයෙකු හිරු සී.අයි.ඒ.වෙත මෙම ගල්කොරියේ හිමිකරුවන් සිදුකරන අක්‍රමිකතා හෙළි කළා.
 
ඉවක් බවක් නොමැතිව අවසර ලබාදුන් ප්‍රමානයන් ද ඉක්මවා ගල් කණිමින් මෙම ගල්කොරිය පවත්වාගෙන ගිය ද වගකිව යුතු බලධාරීන් ඒ පිළිබඳව නිහඩව සිටීම විමතියට කරුණක්.
 
ඒ අවසරයෙන් ගල්කොරිය පවත්වාගෙන යන පුද්ගලයන් මෙලෙස රක්ෂිතයේ ඇති ගස්වැල් ද සුනුවිසුනු කරමින් රිසි සේ රක්ෂිතය වැනසීම අරඹා තිබෙනවා.
 
ඒ අතරතුර තවත් පිරිසක් රක්ෂිතය ඇතුළත කම්බිවැටවල් ඉදිකරමින් පෞද්ගලික භූමි ප්‍රදේශ ද වෙන්කර තිබෙන්නේ කොඩිගහවැවට යන මාර්ගයක් ද වසා දමමින්.
 
ගල් පිරවු ටිපර් රථ දිනපතා අධික ලෙස ධාවනය කිරීම හේතුවෙන් ජුල්පල්ලම ග්‍රාමයේ මාර්ග රැසක් ද මෙලෙස විනාශවෙමින් පවතිනවා.
 
මෙම ගල්කොරියෙන් සේදී යන පස් හේතුවෙන් කොඩිගහවැව හා වැව් රක්ෂිතය ද මුළුමනින්ම ගොඩ වී විනාශ වී අවසන්.
 
ජුල්පල්ලම කෘෂි පර්යේෂණ නිලධාරීවරයා මේ පිළිබදව හම්බන්තොට ගොවිජන සංවර්ධන කොමසාරිවරයාව ලිපියක් මගින් දැනුවත් කර තිබෙනවා.
 
එහි දැක්වෙන්නේ 2019-07-20 වන දින ගල්කොරියෙන් සිදුවන හානිය පිළිබදව දුරකථනයෙන් දැනුවත් කළ බවත් ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
 
එහෙත් මෙම ගල්කොරිය හරහා කොඩිගහවැවට හෝ මෙම රක්ෂිත වනාන්තර කලාපයට සිදුවන හානිය සොයා බැලීමට හෝ අදවනතුරුත් කිසිදු නිලධාරියෙකු පැමිණ නැහැ.
 
මෙරට වගකිවයුතු පරිසර බලධාරීන්ගේ දෑස් හැරෙන්නේ සාමාගුලිය හා කදුළුගල කන්ද රක්ෂිතය ගල්කොරිකරුවන් විසින් මුළුමනින්ම විනාශ කර දැමීමෙන් පසුව ද ?
 
හිරු සී.අයි.ඒ.මේ පිළිබදව ඉදිරියේදීද් අවධානයෙන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  217 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,699 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,488 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,855 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,806 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,143 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,324 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,754 Downloads



Top 10 Commenters

Latest Comments

Top