Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
"වැඩ නැති දවස්වලට කුලී වැඩටත් ගියා, ප්ලාස්ටික් භාණ්ඩ අරගෙන ගෙයක් ගෙයක් ගාණේ ගියා විකුණන්න..." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

- "වැඩ නැති දවස්වලට කුලී වැඩටත් ගියා, ප්ලාස්ටික් භාණ්ඩ අරගෙන ගෙයක් ගෙයක් ගාණේ ගියා විකුණන්න..." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,336 Views
"ඒ රස්සාව මහා වදයක්. මට තිබුණේ කැලෑ කපන්න..."

"දඩොස් ගාලා මුණින් අතට වැටිලා ඉස්සරහට විසි වෙලා ගියා.."

එදත් අදත් ඔහු ගයන හැම ගීතයක්ම ආදරයෙන් රසිකයින් වැළදගත්තා කිව්වාට වරදක් නැහැ. විරහ ගීතයෙන් ආදරණිය රසිකයින්ගේ හිතට ලං වූ ඔහු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. නිරන්තරයෙන්ම ඔහුගේ හඩින් අලුත් ගීත අහන්න නොලැබුණත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ඔහු ගැනයි මේ.

උපන් ගම කියන්න බලන්න?
යටියන්තොට, ගරාගොඩ ගම. ඒ කාලේ නම් හරිම ලස්සන ගම්මානයක්. ගම පිහිටලා තියෙන්නේ කැලණි ගං මිටියාවතේ. දැන් නම් ඉතින් දියුණුවත් සමග ඒ සුන්දරත්වය නැතුව ගිහින්.

අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් ගැනත් විස්තර කියන්න?
තාත්තගේ නම, හෙට්ටිආරච්චිගේ ගුණවර්ධන. වඩු කාර්මිකයෙක්. අම්මගේ නම වැලිවිට විදානලාගේ මේරි නෝනා. ගෘහණියක්. පවුලේ අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. මං පවුලේ තුන්වැනියා.

ඔබ ගායකයෙක් වීමේ පෙරමග සලකුණු පහළ වූ ආකාරය මතකද?
මම නම් විශ්වාස කරන්නේ මගේ ගායන හැකියාව මට අපේ තාත්තගෙන් ලැබුණු දායාදයක් හැටියට. තාත්තා කලාකාරයෙක් කිව්වත් වැරැදි නැහැ.

ඒ කතාව හරියට විස්තර කරන්න බලන්න?
තාත්තා වැඩ කරලා හවසට ගෙදර එනකොට සමහර දවස්වලට හිස් සාඩින් ටින් දෙක තුනක් ගෙදර අරගෙන එනවා. ඒවායින් අපට සෙල්ලම් බඩු හදලා දෙන පුරුද්දක් තිබුණා. මේ දේවල් කරන්න පුළුවන් හොඳ කලාකාරයෙකුට විතරයි.

එතකොට තාත්තගේ ගායන හැකියාව?
ඒ හැකියාව මම දැක්කේ තවත් කාලයක් ගියාට පසුව. එක දවසක් හවසක තාත්තා අරගෙන ආවා දිග පාර්සලයක්. මම හිතුවේ ලොකු පාන් ගෙඩියක් කියලයි.

ඉතින් ගෙදර සාලෙ පැදුරක් එළලා අර පාර්සලේ ලිහලා පැදුර උඩින් තිබ්බා. ඒකේ එක පැත්තක බොත්තම් තිබුණා. කම්බි පොටවල් කීපයක් තිබ්බා. ඊට පස්සේ තාත්තා මේක වාදනය කරමින් ‘සිළුමිණ සෑය වඳිම්.. රම්‍ය තව්තිසා භවනේ..’ සිංදුව කියන්න පටන් ගත්තා. සිංදුව නැගලා ගියා. සිංදුව නැගලා යනකොට අපේ අම්මත් හැඳි දෙකක් අරගෙන ඇවිත් තාලයට ගහන්න පටන් ගත්තා. නංගිලාත් කිට්ටුවෙලා තාලයට අත්පුඩි ගහන්න පටන් ගත්තා.

මේ අමුතු භාණ්ඩය දිහා බලාගෙන මමත් සිංදුවට තාලය ඇල්ලුවා. අන්තිමටම තාත්තා කිව්වා මේක ජපන් මැඩ්ලින් එකක් කියලා.

ඊට පස්සේ පුංචි චන්ද්‍ර‘සේනත් ඒ අමුතු භාණ්ඩය අතට ගන්න ඇති?
ඔව්.. ඔව්.. ටික දවසක් යනකොට සිංදුවක තාලයකට ජපන් මැඩ්ලිනය වාදනය කරන්න පුළුවන් වුණා මට.

ඊට පස්සේ?
ඊට පස්සේ හැමදාම හැන්දෑවට අපේ ගෙදර සංගීත සන්ධ්‍යාවක්. අපේ සංගීතේ කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් අහල පහල අම්මලා, තාත්තලා අයියලා, අක්කලා හැමදාම රාත්‍රියට හුළු අතු පත්තු කරගෙන අපේ ගෙදර එන්න පටන් ගත්තා අපේ සංගීත සන්ධ්‍යාව රසවිඳින්න. දැන් සිංදු කියන්නේ මමයි, තාත්තයි. හැමදාම ගමේ ජනතාව අපේ සිංදු අහන්න එනකොට අම්මා කොස් ගෙඩියක් තම්බලා පොල් සම්බෝලයක් හදලා ඒ ඔක්කොටම කන්න දෙන්නත් පුරුද්දක් ඇතිකර ගත්තා.

ඉස්කෝලෙට ඇතුළු කරපු දවස මතකද?
ඔව්. අපේ ගෙවල් ළඟ තිබුණු ගරාගොඩ කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළු කරන්න මාව එක් කරගෙන ගියේ තාත්තා. ලොකු මහත්තයා මට එදා අකුරු කියෙව්වා. එතුමාගේ නම ආතාගොඩ අබේවර්ධන. එතුමා ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ කවියෙක්.

පාසලේදී ගායනයක් ඉදිරිපත් කළ අවස්ථාවක් මතකද?
සති අන්තයේ පාසල් ඇරිලා හවසක තිබුණා ලොකු ළමයින්ට රැස්වීමක්. මේ රැස්වීමේදී ලොකු ළමයි රඟපානවා. කවි, සිංදු ගායනය කරනවා කියලා පුංචි මට දැනගන්න ලැබුණා. ඒ රැස්වීමේ සිංදුවක් කියන්න තියෙන ආසාවට ඊළඟ සතියේ මම හවසක රැකලා හිටියා.

එදා විදුහල්පතිතුමා කිව්වා දැන් කැමැති කෙනෙකුට ඇවිත් සිංදුවක් ගායනා කළ හැකියි කියලා. මම ටක්ගාලා දුවලා ගියා වේදිකාවට. මම මෙතැනට පැමිණියේ සිංදුවක් ගායනා කරන්නයි කියලා සිංදුවක් කියන්න පටන් ගත්තා.

මොකක්ද සිංදුව?
ඇම්.ඇස්. ප්‍රනාන්දු ගායනා කළ ‘පොල් පොල් පොපොල් පොල්..’ සිංදුව. ඒ සිංදුවේ එක පදයක් තියෙනවා ‘මැගි අක්ක විකුණන්නෙත් පොල් තමයි අද තැඹිලි ගෙඩිය වගේ ලස්සනයි’ කියලා. ඒ පදය කියනකොටම ශාලාවේ හිටපු ඔක්කොමලා මහා හඬින් හිනාවෙන්න පටන් ගත්තා.

ඒ ඇයි?
අපේ ගමෙත් ඉන්නවා මැගි නැන්දා කියලා ගැහැණු කෙනෙක්. ඒ නිසයි හිනාවෙලා තියෙන්නේ. එදා තමයි මං ජීවිතේ ප්‍රථම වතාවට වේදිකාවකට පය තිබ්බේ.

ඊළඟට?
අම්මත් එක්ක ගමේ මඟුල් ගෙදරකට ගියාම ලවුඩ්ස් ස්පීකර් එකෙන් මම සින්දුවක් කියනවාමයි. ගමේ පන්සලේ පින්කමක් තිබුණාමත් මං සිංදුවක් කියනවාමයි. මේ විදිහට සිංදු කියලා ඒ පුංචි කාලෙදිම මාව ගමේ ගායකයෙක් විදියට ප්‍රසිද්ධියට පත්වුණා.

මොනවද ගායනා කරන සිංදු?
‘රාජ සඟබෝ හිස දී දුගියාට’,’ හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා’,’අපෙ අම්මා කොළඹ ගිහිල්ලා මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා’ ආදී සිංදු තමයි කියන්නේ.

පුතා ගායකයෙක් වෙනවට අම්මයි, තාත්තයි මනාපයක් පෙන්නුවද?
අපේ අම්මටයි, තාත්තටයි ජීවිතේ ලොකු ලොකු සිහින තිබුණේ නැහැ. ඒ නිසා මගේ ගමනට කිසිම බලපෑමක් කළේ නැහැ. එක දවසක් අපේ අම්මා මගේ කේන්දරයේ බලවගෙන ඇවිත් තාත්තට කිව්වා කොලුවා ලොකු කලාකාරයෙක් වෙනවයි කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා එහෙමත් කෙනෙක් වෙනවා නම් මදැයි කියලා.

ඒ කාලේ චිත්‍රපටයක සිංදු දහයක් දොළහක් තියෙනවා. ඉතින් චිත්‍රපට බලන්න ගියේ නැද්ද?
බලන්න ගියා. මුලටම බැලුවේ ‘කැලෑ කෙල්ල’ චිත්‍රපටය. සත පණස් පහක් දීලා චිත්‍රපටයක් බලලා සත පහකට ඒ චිත්‍රපටයේ සිංදු පොතකුත් අරගෙන තමයි ගෙදර එන්නේ. ඒ සිංදු පාඩම් කරගෙන තමයි ගම් පළාතේ තිබුණු ආධුනික ගී තරඟවලට සහභාගී වුණේ. ඒ හැම තරඟයකින්ම මං පළවැනියා වෙලා තියෙනවා.

මේ තරම් දුරට කතාව කියනකොට ලොකු කාලයක් ගත වෙලා. හොඳයි ඊළඟට මොකද කළේ?
වැඩ නැති දවස්වලට තාත්තා කුලී වැඩටත් ගියා. මට හරියට දුක හිතිලා මම මහවැලි සංවර්ධන මණ්ඩලයේ රැකියාවකට ගියා.

කොහොමද ඒ රැකියාව?
ඒ රස්සාව මහා වදයක්. මට තිබුණේ කැලෑ කපන්න. ඊට පස්සේ මං ගෙදර වියදමට උදව් කරන්න බලාගෙන ප්ලාස්ටික් භාණ්ඩ අරගෙන ගෙයක් ගෙයක් ගාණේ ගියා විකුණන්න. ඒක මං දිගටම කරගෙන ගියා.

එතකොට ගායනය?
ගායනය අමතක කළේ නැහැ. 1979දී තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ යෞවන සම්මාන උළෙලට ඉල්ලා තිබූ විදිහට මම විසින් රචනා කළ ගීතයක් සහ සංගීත රචනාව තැපැල් කරලා යැව්වා. ඒ නිර්මාණය සුදුසුයි කියලා ලියුමකුත් මට ලැබුණා. ඒ ගායන තරඟය තිබුණේ කෑගලු බාලිකා විද්‍යාලයීය ශාලාවේ.

මම එදා අරගෙන ගියේ ගෙදර තිබුණු ජපන් මැන්ඩලීනය විතරයි. මම රචනා කළ ‘ජයභූමි ශ්‍රී ලංකා..’ ගීතය මම එදා ගායනා කළා හෝල් එක දෙදරන්න.

හොඳයි කොහොමද ප්‍රතිචාර?
ලියුමක් ආවා, ඔබ ගායනා තරඟයෙන් ප්‍රථමයා හැටියට වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා, ඊළඟ වටයට සුදුසුයි කියලා.

ඉතින් හිතේ සතුටට මොකද කළේ?
කියලා වැඩක් නැහැ. සතුට වැඩිකමට එදා මමයි, තාත්තයි එළිවෙනතුරුම සංගීතයක් දැම්මා.

ඊට පස්සේ?
දිස්ත්‍රික් මට්ටමින් පසුව සමස්ත ලංකා තරගයටත් මම මුහුණ දුන්නා.

මොකක්ද ප්‍රතිඵලය?
මට එවලා තිබුණ ලිපියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබුණා. ‘තරගාවලියේ ප්‍රථමයා හැටියට ඔබ තේරී පත් වී සිටී. ත්‍යාග සහ සහතික පත්‍රය ප්‍රදානය කෙරෙන උත්සවයට එන්න’ කියලා.

ඉතින්?
උත්සවය තිබුණෙ කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ. ඒ උත්සවයට අම්මයි, තාත්තත් ආවා. ශාලාවේ ඉදිරිපෙළ තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්ත සර් ඇතුළු ඉහළ පෙළේ පිරිසක් වාඩිවෙලා හිටියා. අපේ අම්මයි, තාත්තයි වාඩිවෙලා හිටියේ ඊට පසුපෙළේ.

ඔබ?
මම ප්‍රථම ස්ථානය දිනා ගත් නිසා ඒ ගීතය නැවතත් ගායනා කරන්න මට නියම කළා. ඒ අනුව මම රචනා කළ ගීතයේ ‘ජයභූමි ශ්‍රී ලංකා’ කොටස ඉහළ ස්වරයෙන් ගායනා කළා විතරයි තාත්තට ඇතිවෙච්ච සතුට කොච්චරද කිව්වොත් තාත්තා ඉස්සරහ පුටුවට පයින් දමලා අනිනවා මම දැක්කා. ඒ පුටුවේ වාඩිවෙලා සිටි සර් කෙනෙක් දඩොස් ගාලා මුණින් අතට වැටිලා ඉස්සරහට විසි වෙලා ගියා. අම්මා කෑගහලා තාත්තා අල්ලාගත්තා. ලොකු කලබගෑනියක් වුණත් ප්‍රශ්නය සාමයෙන් බේරගත්තා. ඒ තමයි මං වෙනුවෙන් තාත්තගේ සතුට. ආදරය, සෙනෙහස දෝරේ ගිය අවස්ථාව. මේ සිද්ධිය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

හොඳයි ඔබේ ජයග්‍රහණයෙන් පස්සේ?
ගායනය වැඩිදුර හැදෑරීමට තරුණ සේවා සභාවේ අවිස්සාවේල්ල බටන්ගල මධ්‍යස්ථානයට යවන්න මාව තෝරගත්තා. මා සමග චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, මාෂල් ජානක, ධම්මිකා කරුණාරත්න, එරීන් විජේකෝන්, චන්ද්‍රලතා මුණසිංහ ආදී විශාල පිරිසක් ඒ මධ්‍යස්ථානයට යැව්වා.

කවුද ඔබේ ගුරුතුමා?
ෂර්ලි වෛජයන්ත සර්. ඒ දවස්වල අමරදේව සර් ඇවිත් යොවුන් ගීතය පටිගත කරන්න අපව පුහුණු කළා. යොවුන් ගීතය රචනා කළේ හෙන්රි ජයසේන සර්.

ඊට පස්සේ?
අපිව මාරු කළා මහනුවර ගලහ පිහිටවූ බෙල්වුඩ් මධ්‍යස්ථානයට. එහි වසර තුනක පුහුණුවකින් පසුව අපේ කණ්ඩායම විසිර ගියා. මම සහ චන්ද්‍ර‘ලේඛා බෙල්වුඩ්වල නවතාගත්තා. අනික් අයට ගුරු පත්වීම් ලබා දුන්නා. මම, නිහාල් ගම්හේවා ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙවැනි කණ්ඩායම පුහුණු කළා.

තරුණ සේවා සභාව වෙනුවෙන් ඔබ ගැයූ ගීත මොනවද?        
මගේ ප්‍රථම ගීතය ‘ඈත හමා යන මඳ සුළගේ ඔබ (තවලම් ගීතය)’ මෙහි රචනය හා සංගීතය ෂර්ලි වෛජයන්ත.

තරුණ ඔබට බෙල්වුඩ්වල ජීවිතය කොහොමද?
ඕනෑ තරම් යාළුකම්, නෑදෑකම් තිබුණා. අපි බොහොම සතුටින් හිටියා. අපි විසිර යනකොට සුහද සිතින් සමුගත්තා.

ඔබ ගයා ඇති ගීතවල තේමාව වී ඇත්තේ ඒ මතක සටහන් නේද?
ඔව්.. ඔව්.. ‘කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා’, ‘ටික කලක පටන් මා අමතක වන බව දැනුණා ‘.

ජීවිතේ මිහිරිම මතකය තිබෙන්නේ ගෙදර. ඒ ගැනත් කියන්න?
අනිල් දේවේන්ද්‍ර මගේ හොඳම මිත්‍රයෙක්. අපි ගෙවල්වලට පවා යනවා එනවා. එයාගේ සොහොයුරිය හොඳ කෙනෙක්. අපි අතරේ ප්‍රේම සම්බන්ධතාවයකින් අපි විවාහ වුණා. ඇගේ නම මංගලිකා හෙට්ටිආරච්චි. අපට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. පුතා ගයන මධුවන්ත හෙට්ටිආරච්චි. ඉගෙන ගන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. දුව ලිහිණි හෙට්ටිආරච්චි. දැන් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ. ඇයටත් ගායන හැකියාව තිබෙනවා.

අමරදාස සිල්වා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,045 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,009 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,657 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,836 Downloads



Top 10 Commenters

Latest Comments

Top