හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අද කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොශාන්ත ද සිල්වා මෙම කරුණ තහවුරු කළා.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි යෝෂිත රාජපක්ෂට කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා ඇත්තේ.
මෙම කුඩා ගුවන් යානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයා ගත්තේ ජනවාරි මස 13 වැනිදායි. මෙම යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් යෝෂිත රාජපක්ෂට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවට පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණා.