Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
"මට ඉෂාරා ආයෙම ගෙදර එක්කන් එන්න ඕන වුණා..." - චානකගේ බීමත්කම නිසා මහගෙදර ගිය ඉෂාරාගේ අවසානය තීන්දු වූ හැටි - Video

- "මට ඉෂාරා ආයෙම ගෙදර එක්කන් එන්න ඕන වුණා..." - චානකගේ බීමත්කම නිසා මහගෙදර ගිය ඉෂාරාගේ අවසානය තීන්දු වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,519 Views
එයාගේ අම්මයි තාත්තයි එයාගේ හිත වෙනස් කළා..
 
කෑ ගහලා කිව්වා මම, ඒත් එයා කැමති වුණේ නෑ සර්...
 
සමාජ සම්බන්ධතා බොහෝමයක් ඇතුළේ විවිධ අවස්ථාවන්වල පුද්ගලයින් අසීරු තීන්දු තීරණ ගන්නවා. ඉතින් එවන් මොහොතක නොහිතන විදිහට තමන්ගේ අරමුණු වෙනුවෙන් මිනීමැරුම්, දූෂණ, අපරාධ කරන්න ඔවුන් පෙළඹෙනවා.
 
ඊට පස්සේ ඔවුන් ඒ කිසිවක් නොකළ පුද්ගලයින් විදිහට ලෝකයෙන්ම හැංඟෙන්න උත්සහ කරනවා. ඒත් කවදමහරි දවසක... ඒ අපරාධ හෙළිදරව් වෙනවා. කොයි තරම් සූක්ෂමව ඒ දේ කළත් ඔවුන්ට හැංඟෙන්න බැරි වෙනවා.
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

ජිවිතේ ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ අහම්බෙන්. ඒ අහම්බය කොච්චරද කියනව නම් ජිවිතේ අංශක 180ක් වෙනස් වෙන වෙලාවල් අපි දැකලා තියනවා. මේ ජිවිතය වෙනස් කරපු අහම්බයක් ගැන, තවත් ගමක් සසල කළ අභාග්‍යසම්පන්න කතාවක්.
 
චානක පෞද්ගලික අංශයේ ආරක්ෂක සේවයේ රැකියාවක නිරත වුණා. ඉෂාරා වැඩ කළේ ගාමන්ට් එකක. දුරකථන ඇමතුමක් වැරදීමෙන් දුර දිග ගිහින් තමයි ඉෂාරාගෙත් චානකගෙත් ආදර අන්දරය ආරම්භ වුණේ. ඔවුන් විවාහ වෙනවා. කාලයක් ගිහින් ඔවුන්ට දරුවෙක් ලැබුණා. ඒත් මේ හැමදේම අතරතුර චානක තදින්ම බීමට ඇබ්බැහි වෙලා හිටියා. ඒ දේවල් ඉවසගෙන හිටියා වුණත් ඉෂාරාට හැමදාම ඒ විදිහට ඉන්න බැරිවුණා. අන්තිමේදී ඇය දරුවත් එක්කගෙන අම්මායි තාත්තායි ගාවට යනවා.
 
චානක කොයි තරම් ඇවිටිලි කළත්, ඇය ආයෙමත් ආවේ නැහැ. දවස් ගාණක් ඇයව හොයාගෙන ගිහින් "එන්න ගෙදර යමු" කිව්වත්, ඇය චානකට කන් දුන්නේ නැහැ. ඉතින් චානක තීරණයක් ගන්නවා ඇයව අවසන් ගමන් යවන්න. කී දේ නාහන ඇයව මරා දාන්න. ඒකට නිශ්චිත සැලස්මක් හදාගෙන ඔහු එතනින් පිටත් වෙනවා. ඉෂාරා පුරුද්දක් විදිහට ගමේ දියපාරට නාන්න යනවා. එදත් ඇය ගියා. ඒ අතරේ චානක ඇය එනකන් බලන් හිටියේ පිහියකුත්, වස දාපු අරක්කු බෝතලයකුත් අතේ තියාගෙනයි.
 
එතනින් හෝරා කිහිපයකට පස්සේ ඉෂාරාගේ මළසිරුර ගමේ අයට හම්බවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේ අම්පාර පොලීසියේ නිලධාරින් විසිනුයි. ඔවුන් ඝාතකයා සොයා ගැනීමට නිල සුනඛ "බාරා" යොදාගත්තා. ගමෙන් පලායමින් සිටි චානකව සොයාගන්න "බාරා" සමත් වෙනවා. ඉෂාරාට තමන් කරපු අපරාධය ඔහු විසින් පොලීසියේදී පාපොච්චාරණය කරනු ලබනවා.
 
"මම හවසට නිතරම වගේ අඩියක් එහෙම දානවා. ඒක කාලයක් යනකොට ඉෂාරාට ඒක ප්‍රශ්නයක් වුණා සර්.. අපි අතරේ පොඩි පොඩි රංඩු ඇති වෙන්න ගත්තා.. ඉෂාරා මාව දාලා යන්න ගියා.. මගේ දරුවත් එක්ක එයා ගියා සර් අම්මා ළඟට.. මම ඒ දුක ඉවසගත්තා සර්.. සැරින් සැරේ ඉෂාරාට ඇවිටිලි කරා ගෙදර යමු කිව්වා, මගේ වැරදි හදාගන්නම් කිව්වා.."
 
"ඉෂාරා එන්න කැමති සර්.. ඒත් එයාගේ අම්මයි තාත්තයි එයාගේ හිත වෙනස් කළා.. මම ඉෂාරට බල කළා දරුවා එක්ක එන්න කියලා.. මම ඉෂාරාව හම්බෙන්න ගියා... ඒ ගියේ ඉෂාරා එක්ක කොහේ හරි ගිහිල්ලා සතුටින් ජිවත් වෙන්න සර්.. මම කැලේදී බොරුවක් කියලා ඉෂාරා එක්ක එකතු වුණා.. ඒ අතරේ මම එයාට ඇවිටිලි කළා. මා එක්ක එන්න කියලා.. කෑ ගහලා කිව්වා මම.. ඒත් එයා කැමති වුණේ නෑ සර්... අන්තිමට මම තීරණය කළා ඉෂාරාව මරලා දාන්න..."
 
ඉව ලුහුබඳින හෝරාව, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව!

චානකගේ ජිවිතයේ ඉදිරියට සිදුවන දේ පහත වීඩියෝවෙන් බලන්න...



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,995 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,350 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top