මේ දිනවල බොලිවුඩයේ ගීතයක් අන්තර්ජාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. බොලිවුඩයේ ඉතා ජනප්‍රිය නළුවෙකු වන ජෝන් එබ්‍රහිම් ප්‍රධාන චරිතයට පණ පොවන මෙම චිත්‍රපටය අගෝස්තු මස 15 වනදා නිකුත් කිරීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ එන ගීතයක් වන o saki saki ගීතයයි මෙලෙස සිනමා රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ. එම ගීතයේ රංගනයෙන් දායක වන සුරූපී තරුණිය ගැන හුඟ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. ඇගේ තොරතුරු පහතින් දැක්වේ.
නෝරා ෆටේහී කැනේඩියානු නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක්, නිළියක් සහ ගායිකාවක් වන අතර ඇය ප්‍රධාන වශයෙන් හින්දි චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබෙනවා. නෝරා උපත ලැබුවේ 1992 පෙබරවාරි 6 වන දිනයි.
ඇය මලයාලම් සහ තෙළිඟු චිත්‍රපටවල ද රඟපා ඇති අතර මොරොක්කෝවේ කැනේඩියානු පවුලකින් පැවත එන ඇය ඉපදී හැදී වැඩුණේ කැනඩාවේයි.
සම්මුඛ සාකච්ඡා වලදී ඇය තමා “හදවතින්ම ඉන්දියානුවෙකු” ලෙස සලකන බව ප්‍රකාශ කර ඇති ඇය වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ ඇය කළ සේවය නිසායි.
නෝරා සිය සිනමා දිවියට පිවිසියේ බොලිවුඩ් චිත්‍රපටයක් වන රෝර්: ටයිගර්ස් ඔෆ් ද සුන්දර්බන්ස් චිත්‍රපටයෙනි.ටෙම්පර්, බාහුබාලි සහ කික් 2 වැනි චිත්‍රපටවල item song කිරීමෙන් ඇය තෙළිගු සිනමාවේ ජනප්‍රියත්වය ලබා ගත්තා.
2015 දී ඇය රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන බිග් බොස් 9 හි තරඟකරුවෙකු ලෙසද කටයුතු කළා. 2016 දී ඇය ජලක් දික් ලා ජා නම් රියැලිටි රූපවාහිනී නර්තන වැඩසටහනට සහභාගී වූණා.
ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වන සත්‍යමෙව් ජයතේ හී item song එකකට පෙනී සිටිය අතර "දිල්බාර්" ගීතයේ ප්‍රතිනිර්මාණය කරන ලද අනුවාදයට යූටියුබ් හි මිලියන 20 ක දර්ශන ප්‍රමාණයක් එකතු වුණා.
හිංදි ගීතයක් නිකුත් වී පළමු පැය 24 තුළ එවැනි දර්ශන් ප්‍රමාණයක් ලබාගත් පලමු ගීතයද එයයි.දිල්බාර් ගීතයේ අරාබි අනුවාදයක් නිකුත් කිරීම සඳහා ඇය මොරොක්කෝ හිප්-හොප් කණ්ඩායම වන ෆැනෙයාර් සමඟ සහයෝගයෙන් කටයුතු කළා.
ඇයගේ නවතම ගීතය වන Batla_House චිත්‍රපටයේ එන o_saki_saki ගීතයද වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා..සැබැවින්ම ඇය නම් නර්තනයටම උපන් හපන් ඇත්තියක් වග ඔප්පු කොට හමාරයි..
සමාජ මාධ්‍ය තුලද අද වැඩිපුරම covers සිදුකරන්නේද ඇය රංගනයෙන් දායක වන මෙම o_saki_saki ගීතයටයි.