ඔවුන් සලකන්නේ "කුමාරි දෙවඟන" කුඩා දැරියකගේ ශරීරය තුළ සිටින බවයි.
නේපාලයේ මල්ව කියන රාජවංශයේ පටන් මේ ආගමික චාරිත්‍ර පවතිනවා.
කත්මණ්ඩුවල උප ප්‍රදේශ තුනක මෙලෙස දෙවඟනන් තුන් දෙනෙකු සිටිනවා.
ඒකාධිපති පාලන සමයක් පැවති කාලයෙත් මේ දෙවඟන තේරීමේ බලය හිමිවුණේ නේපාලයේ අගබිසවටයි.
නමුත් අද වෙද්දි මේ චාරිත්‍රය වෙනස් වෙලා. අද පූජකතුමන්ලා විසින් මෙය තෝරනු ලබනවා.
මෙලෙස තෝරාගන්න දැරියගේ සුරක්ෂිතතාවයට කළුවර කාමරයක ඇය රඳවනවා.
පූජකතුමා විසින් පිළිගනු ලැබූ කුමාරි දෙවඟනගේ ශරීරයේ විශේෂ ලක්ෂණ 32ක් පමණ ඇති බව සඳහන්.
සර්ව සම්පූර්ණ දෙවඟනට මිනිස්සු පුද පූජා, වැඳුම් පිදුම් සිදු කරනු ලබනවා.
දෙවඟනගේ පිරිසිදුකම ආරක්ෂා කරන්න කිසිම දිනෙක ඇගේ පාද පොළවේ ස්පර්ශ වීමට නම් ඉඩ දෙන්නේ නැහැ.
ඇය කතාබහ කිරීම සිදු කරන්නේ පවුලේ අය සමඟ පමණයි.
නමුත් වැඩිවියට පැමිණිමත් සමඟ තවදුරටත් ඇය දේවත්වයෙන් සැලකීම නම් සිදු කරන්නේ නැහැ.
එතැන් පටන් ඇය සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකනවා.