21 හැවිරිදි යුවතියක් මුහුදේ කිමිදෙමින් සිටියදී මෝරුන්ගේ ප්‍රහාරයකට ලක්ව මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිටි 21 හැවිරිදි ජෝර්දාන් ලින්ඩ්සේ බහමාස්හි නම් තරුණියක් මෙලෙස මෝර ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබෙනවා.
ඇය සිව දෙමව්පියන් සමඟින් රෝස් දූපතේ සංචාරයකට ගොස් තිබෙනවා.
එහිදී ඇය මුහුදේ කිමිදෙමින් සිටියදී මෝරුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වයි ඇය මිය ගොස් තිබෙන්නේ.
ඇයගේ මව සහ පියා පවසන්නේ වෙරළේ සිට ඔවුන් ඇයට මෝරුන් පහර දීමට පෙර කෑ ගසා ඒ බව කී බවත් නමුත් ඇයට මෝර ප්‍රහාරයෙන් බේරෙන්නට නොහැකි වූ බවයි.
ඇගේ පියා විදෙස් මාධ්‍යට පවසා තිබුණේ ඇය වෙරළ දෙසට පිහිනා එන්නට උත්සහ දරණ විටදී පළමුවෙන් ඈ අසලට පැමිණි මෝරා ඇගේ දකුණු අත කඩා ශරීරයෙන් වෙන් කර ගත් බවයි.
එසේ වුවත් ඇය එක් අතකින් පිහිනමින් සිටියත් තවත් මෝරෙකු පැමිණ ඇගේ පාදයක කොටසක් කඩාගෙන තිබුණා.