Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
පවුල් අවුල් ගොඩක් එක්ක, බ්‍රිතාන්‍යයේ අවුල භාරගත් අලුත් අගමැතිගේ කවුරුත් නොදන්න රහස් - Photos

- පවුල් අවුල් ගොඩක් එක්ක, බ්‍රිතාන්‍යයේ අවුල භාරගත් අලුත් අගමැතිගේ කවුරුත් නොදන්න රහස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,596 Views
බ්‍රිතාන්‍යයෙහි පසුගිය සතියේ අලුත් අගමැතිවරයකු පත්වීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ වඩාත්ම කැපී පෙනුණු සිදුවීමක් බවට පත්විය. මේ ආකාරයෙන් එරට නව අගමැතිවරයා ලෙස පත්වූයේ බොරිස් ජොන්සන් ය.
 
ඔහුට මෙලෙස අගමැති ධුරයට පත්වීමට අවස්ථාව ලැබුණේ කලින් එම ධුරය දැරූ තෙරේසා මේ එරට බලය හොබවන කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයෙන් මෙන්ම අගමැතිකමෙන් ද ඉල්ලා අස්වීම නිසාය.
 
බේ‍රක්සිට් (Brexit) හෙවත් බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාදාමයට නිසි නායකත්වයක් ලබාදීමට ඇයට නොහැකි වීය යන චෝදනා හේතුවෙන් තෙරේසාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම කොන්සර්වේටිව් පක්ෂය තුළ ද නැග ආ විරෝධය ඇයගේ ඉල්ලා අස්වීමට හේතු විය.

පසුගිය ජූලි 24 වෙනි දින එළිසබෙත් මහ රැජන හමුවීමට ගිය බොරිස් සිය ධුරයේ වැඩ භාර ගත් අතර ඔහු දෙවෙනි එළිසබෙත් රැජින යටතේ අගමැති ධුරය හොබවන 14 වෙනි අගමැතිවරයා වේ. මහ රැජන යටතේ අගමැති ධුරය දැරූ පළමු පුද්ගලයා වන්නේ වින්ස්ටන් චර්චිල් ය.
 
කෙසේ වෙතත් බොරිස් ජොන්සන් තරමක් අසම්මත ගති පැවතුම් ඇති, ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ දේශපාලන ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ද නිතර මාධ්‍ය තුළ අවධානයට ලක්වන්නකි.
 
අගමැති ධුරයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී පවා 55 හැවිරිදි බොරිස් සහ ඔහුගේ වත්මන් පෙම්වතිය වන 31 හැවිරිදි කේරී සිමන්ඩ්ස් අතර හටගත් බව කියන රණ්ඩුවක් ගැන විශාල හාහෝවක් ඇති විය.
 
මෙයට සති කිහිපයකට පෙර දිනක් පාන්දර යාමයේ පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබුණේ කැරී සිමන්ඩ්ස්ගේ නිවස තුළින් විශාල රණ්ඩුවක හඬක් ඇසෙන බව කියමිනි. බැණ අඬගසා ගැනීම් ද, අඩි පොළොවේ හප්පා ගැනීම් ආදියද මෙහි දී අසන්නට ලැබුණු බව සඳහන් වේ. ඇමතුම දී තිබුණේ සිමන්ඩ්ස්ගේ අසල්වැසියෙකි. තමාගෙන් ඉවතට යන ලෙස ද, නිවසින් ‍ෙදාට්ට බසින ලෙස ද මෙහි දී සිමන්ඩ්ස් බොරිස්ට පැවසූ බවක් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
 
මෙම අසල්වැසියා පොලිසියට කතා කර ඇත්තේ කිහිප වරක් සිමන්ඩ්ස්ගේ ‍ෙදාරට තට්ටු කර පිළිතුරක් නොමැති වූ තැනය. ඇයට කිසියම් කරදරයක් වනු ඇතැයි යන සැකය නිසා ඔහු මේ ආකාරයෙන් පොලිසිය කැඳවූ බව සඳහන් විය. ඒ අතර මෙම අසල්වැසියා නිවස තුළින් ඇසුණු බැණ අඬගසාගැනීම් පටිගත කර ඇති බවක් ද පැවසේ. නිවසින් ‍ෙදාට්ට බසින ලෙස පෙම්වතිය කීවත් බොරිස් එයට එකඟ වී නැති බවක් පෙනේ. තමාගේ සෝපාවක රතු වයින් හලා නාස්ති කිරීම ගැන ද සිමන්ඩ්ස් බැණ වදින හඬක් පටිගතවී ඇති බව පැවසේ.
 
කේරී සිමන්ඩ්ස් සහ බොරිස් දෙදෙනා අතර සම්බන්ධය පටන්ගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේය. ඇය කොන්සර්වේටිව් පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ කෙනෙකි. එමෙන්ම බොරිස් පක්ෂ නායකත්වය දිනා ගැනීම සඳහා කළ මෙහෙයුමට ද ඇය සහාය දී තිබේ. ඔවුන් අතර පෙම් සබඳතාව පටන් ගෙන ඇත්තේ බොරිස් ඔහුගේ බිරිඳ වූ මරීනා වීලර් ගෙන් වෙන්වීමෙන් පසුවය.
 
මරීනා වීලර් යනු බොරිස්ගේ දෙවනි බිරියයි. එයට පෙර ඔහු විවාහ වී සිටියේ ඇලිග්‍රා මොස්ටින්-ඔවන් නැමැති කාන්තාව සමඟය. 1987 ඇය සමග විවාහ වූ ඔහු 1993 දී ඇයගෙන් වෙන් වූයේය. මරීනා විවාහ කරගත්තේ එයින් අනතුරුවයි. පසුගිය කාලයේ ඔහුගේ අනියම් සම්බන්ධකම් පිළිබඳව ද විවිධ ආරංචි සහ චෝදනා නැඟුණු බව රහසක් නොවේ.
 
මරීනා සමඟ විවාහ වී සිටියදීම ඔහු පුවත්පත් කලාවේදිනියක සමඟ ද සම්බන්ධයක් පැවැත් වූ බවට චෝදනා එල්ල විය. මේ අතර ඔහුට විවාහයෙන් පිටත දරුවන් සිටින බවට ද චෝදනා නැඟුණු අතර මේ පිළිබඳ නඩුහබ පවා පැවැති බව සඳහන් වේ. කෙසේ හෝ වේවා, මේ සියලු හැලහැප්පීම් මැද ඔහු 2018 වසරේ සැප්තැම්බරයේ මරීනාගෙන් වෙන් වූයේය.
 
බොරිස් සහ ඔහුගේ වත්මන් පෙම්වතිය කෙරී සිමන්ඩ්ස් පසුගිය දිනෙක තවත් වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූහ. ඒ සුප්‍රකට ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේ පදිංචියට ආ පළමු අවිවාහක යුවළ බවට පත් වෙමිනි. විවාහ නොවූ පෙම් යුවළක් මෙයට පෙර කිසි දිනෙක මෙම නිල නිවෙසේ වාසය කර නැත.
 
බොරිස් සම්බන්ධයෙන් පවතින තවත් ආන්දෝලනාත්මක කතාවක් වන්නේ ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ මත්ද්‍රව්‍ය භාවිතාකර ඇතැයි යන්නයි. වරක් ඔහු මේ චෝදනා පිළිගෙන තිබූ බවක් ද සඳහන් වේ. නමුත් පසුගිය දිනවල අගමැති ධුරයට තරග කරද්දී මාධ්‍යවේදීන් මේ ගැන විමසන විට ඔහු එය මඟහැර යෑමට උත්සාහ කර තිබිණි.
 
ඔහුගේ මෙම අසම්මත කල්කිරියාවන් නිසා බොරිස් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට කෙතෙක් දුරට සුදුසු ද යන්න ගැන පවා පසුගිය කාලයේ වාද විවාද ඇති විය. කෙසේ නමුත් ඔහුගේ ජීවන රටාවට ප්‍රිය කරන විශාල පිරිසක් ද රට තුළ සිටින බවක් දැකිය හැකි වේ. ඔවුන් බොරිස් ජොන්සන් වඩාත් අව්‍යාජ දේශපාලනඥයකු ලෙස සලකන බවක් පෙනේ.
 
2008 සිට 2016 වසර දක්වාම ජොන්සන් ලන්ඩනයේ නගරාධිපතිවරයා විය. ඒ කාලයේ ඔහු බොහෝ විට රැකියාවට පැමිණ ඇත්තේ බයිසිකලයෙනි. ඔහු ලන්ඩන් වාසීන්ට නිතර මගතොට දැකිය හැකි කෙනකු විය. ජොන්සන් 2016 වසරේ තෙරේසා මේ යටතේ එරට විදේශ ඇමැති ධුරයට පත් වූ පසුව ද ඒ ආකාරයෙන්ම ගමන් බිමන් යාමට කැමැත්ත දක්වා ඇතත් ආරක්‍ෂක අංශ විසින් එය වළකනු ලැබ තිබේ. ඔහු එයට විරුද්ධව පියවර ගැනීමට සූදානම් වී ඇති නමුත් පසුව ආරක්‍ෂක අංශවල නියමයන්ට කීකරු වීමට සිදු ව ඇත.
 
පෞද්ගලික ජීවිතයේ මොන ගැටලු තිබුණ ද මේ වනවිට ඔහුගේ පක්ෂයේ බහුතරයක් දේශපාලන වශයෙන් ඔහු පිළිබඳ විශ්වාසය තබා ඇති බව පෙනේ. එයට හේතුව ඔහු දැඩි ප්‍රතිපත්ති ඇති වඩාත් සෘජු නායකයකු ලෙසට ඇති පිළිගැනීමයි. පක්ෂයේ නායකයා තේරීම සඳහා පසුගිය දා පැවැති ඡන්ද විමසීමේ දී ඔහු ජයගත්තේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි.
 
ඔහුගේ තරගකාරයා වූ ජෙරමි හන්ට්ට වඩා දෙගුණයකට කිට්ටු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ජොන්සන්ට හැකි විය. කෙසේ වෙතත් අගමැතිවරයා ලෙස බොරිස් ජොන්සන් හමුවේ ඇත්තේ ඉතාම අභියෝගාත්මක කාලයකි. හිටපු අගමැතිනි තෙරේසා මේ ගේ ඉල්ලා අස්වීමට හේතු වූ බේ‍රක්සිට් ප්‍රශ්නය තවම ඉවරයක් නැත.
ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයින් සිතන්නේ බොරිස් ජොන්සන් ද මෙම ප්‍රශ්නයේ ගොදුරක් බවට පත්වීමට ඉඩ ඇති බවයි. මෙම ප්‍රශ්නයට පසුබිම්ව ඇත්තේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමට අදාළ ගිවිසුම් සකස් කර ගැනීමේ ක්‍රියාවලියයි.
 
තෙරේසා මේ ගේ නායකත්වයෙන් සකස් කරන ලද ගිවිසුම් කෙටුම්පතට එරට පාර්ලිමේන්තුවේ මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ ද අනුමැතිය හිමි වූයේ නැත. එය බි්‍රතාන්‍යයට අවාසි සහගත ගිවිසුමක්ය යන්න මේ වැඩි දෙනාගේ මතය වූ බැවිනි.
 
තෙරේසා ට ඉල්ලා අස්වීමට සිදු වූයේ ද මෙම කෙටුම්පතට එරෙහිව එල්ල වූ විරෝධය නිසාය. දැන් කවුරුත් බලා සිටින්නේ හිටපු අගමැතිනියට කළ නොහැකි වූ දේ කිරීමට බොරිස් ජොන්සන් සමත් වනු ඇත් ද කියාය.
 
සනත් වික්‍රමගේ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,044 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,005 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,656 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,836 Downloads



Top 10 Commenters

Latest Comments

Top