Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
ෆීල්ඩ් මාර්ෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන ත්‍රිවිධ හමුදාවේ ඉහළම තනතුරු ගැන ඔබ නොදත් තොරතුරු - Photos

- ෆීල්ඩ් මාර්ෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන ත්‍රිවිධ හමුදාවේ ඉහළම තනතුරු ගැන ඔබ නොදත් තොරතුරු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,036 Views
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා "අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" යන තනතුරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක මහතා " මාර්ෂර් ඔෆ් එයාර්ෆෝස්" යන තනතුරටත් පත් කරමින් ඊයේ (06) අති විශේෂ ගැසට් පතයක් නිකුත් කෙරුණා.

අවසන් වරට ශ්‍රී ලංකාවේ මෙවැනි ගෞරව නාමයක් ගැන අසන්නට ලැබුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට " ෆීල්ඩ් මාර්ෂල්" තනතුර ලබා දුන් අවස්ථාවේදීය.

යුධ හමුදාවේ ඉහළම තනතුර " ෆේලිඩ් මාර්ෂල්" ද "අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ලෙසද, "මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්" ගුවන් හමුදාවේ ඉහළම තනතුරද වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා "අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" යන තනතුරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක මහතා " මාර්ෂර් ඔෆ් එයාර්ෆෝස්" යන තනතුරටත් පත් කරමින් ඊයේ (06) අති විශේෂ ගැසට් පතයක් නිකුත් කෙරුණා.

අවසන් වරට ශ්‍රී ලංකාවේ මෙවැනි ගෞරව නාමයක් ගැන අසන්නට ලැබුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට " ෆීල්ඩ් මාර්ෂල්" තනතුර ලබා දුන් අවස්ථාවේදීය.

යුධ හමුදාවේ ඉහළම තනතුර " ෆේලිඩ් මාර්ෂල්" ද "අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ලෙසද, "මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්" ගුවන් හමුදාවේ ඉහළම තනතුරද වේ.

ෆීල්ඩ් මාර්ෂල් නම ආරම්භය සොයා යන විට එහි අතීතය මධ්‍ය කාලීන යුගය දක්වා දිව යයි. අතීතයේ ෆීල්ඩ් මාර්ෂල් යන නම රජුගේ අශ්වයින් බලාගැනීම සඳහා යොදාගත් බව අතීත වාර්තාවල දැක්වෙනවා.

එය ආරම්භවනුයේ පැරණි ජර්මනියෙනි. එය මා ස්කල්ක් "Marh-scalc" යනුවෙන් හැඳින්විණි.

මේ වදනේ අරුත අශ්ව සේවයකයා යන්නයි. මෙය අතීතයේදී ජර්මානු ගෝත්‍රයක් වූ ෆ්‍රැන්කිෂ් රජවරුන් විසින් යොදාගනු ලැබූවක්.

"මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්" යන්න ඉංග්‍රීසි වදනකි. "අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" යන්න දීර්ඝ ඉතිහාසයක් ඇති වදනක් හා තනතුරකි. 

අතිතයේදී "අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්" තනතුර පිනිනැමුවේ විශේෂ මෙහෙයුමක් හෝ විශේෂ කාර්යයක් හෝ සඳහා පිටත්ව යන නාවුක හමුදාවකට අණ දීම සඳහා රජු විසින් පත් කරනු ලැබූ වංශාධිපතියන්ටය.

බොහෝ විට කියා රටක් ෆීල්ඩ් මාර්ෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන තනතුරු ලබා දෙන්නේ යුද්ධයකදී එකී හමුදා නායකයින් අත්පත් කරගන්නා සුවිශේෂී ජයග්‍රහණයක් වෙනුවෙනි, යුධ ජයග්‍රහණයක් වෙනුවෙනි.

මෙය අතීතයේදී තනතුරක් ලෙස සැලකුවද වර්ථමානයේදී නම්බු නාමයක් නැතහොත් ගෞරව නාමයක් ලෙස සලකයි.

කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලීමේදී එක් එක් රටවල් ඉහත කී නිලයන් විවිධාකාරයෙන් භාවිතා කර ඇති බව පෙනී යයි.

මෙම තනතුරු ත්‍රිත්වයම තරු පහේ නිලය. මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලය මුලින්ම කරලියට පැමිණෙන්නේ 1919 වසරේදීය. 

එම තනතුර මුල් වරට හිමි වූයේ ට්‍රෙන්චාඩ් සාමිවරයාටයි. ඒ 1927 වසරේදීය.

බ්‍රිතාන්‍ය රාකීය ගුවන් හමුදාව මෙම තනතුර මුල් වරට හඳුන්වා දුන් අතර ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයේ අනිකුත් රටවල් ඔවුන්ගේ හමුදාවල නිලධාරීන්ට මෙම තනතුර පිරිනැමුවා.

කෙසේ නමුත් රටින් රටට ඊට ලැබෙන වරප්‍රසාද සහ ඒවායේ ලක්ෂණ වෙනස් විය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුර අතීතයේ සිට පැවතියද බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා එය භාවිතයට ගැනීමත් සමඟ තනතු‍ර ප්‍රසිද්ධියට පත් වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ රටවල රාජ්‍ය නායකයා වන බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ඔස්ට්‍රේලියාවේ නායිකාව හැටියට 1954 දී බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරට පත් කළාය.

මේ අනුව එදින්බර්ග් ආධිපාද බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුන් ඔස්ට්‍රේලියානු නාවික හමුදා බලඇණියේ, කණ්ඩයේ (නාවික හමුදාව) අද්මිරාල් යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි.

පිලිප් කුමරු මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් සහ ෆීල්ඩ් මාර්ෂල් යන තනතුරුද හොබවයි.

පිලිප් කුමරුන් මෙන්ම ඔහුගේ පුත් චාල්ස් කුමරුන්ද මෙම තනතුරු හොබවයි.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රමුක හා ඉහළ පෙළේ පුද්ගලයින්ට මෙම තනතුරු තුන පිරිනැමීම සම්ප්‍රදායකි.

දෙවැන් එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ සේනාධිනායකයා වන බැවින් ඇයගේ පහසුව සඳහා බ්‍රිතාන්‍යයේ යුද, ගුවන් සහ නාවික හමුදාවල ඉහත කී ඉහළම තනතුරු චාල්ස් කුමරුට පිරිනැමිණි.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් තනතුරු පිරිනමන්නේ ගෞරව නාම ලෙසිනි.
වර්ථමානයේදී හමුදාවල තනතුරු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අනුව 
විශේෂ සංකේතයකින් හඳුවනු ලබන අතර ෆීල්ඩ් මාර්ෂල් ධූරයට අදාල සංකේතය වනුයේ OF-10 යි. 

ගුවන් හා නාවික හමුදාවල තනතුරු OF-09 න් අවසන් වේ. ශ්‍රී ලංකා යුධ හමුදාව බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කරන අතර මෙරට මෙතෙක් පැවති උසස්ම තනතුර වන ජෙනරාර් තනතුරට හිමි කේතාංකය වනුයේ OF-09 යි.

බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර එරට රාජකීය නාව්ක හමුදාවේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරටත් රාජකීය ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද ‍රෝයල් එයාර්ෆෝස් තනතුරටත් සමාන වෙයි.

බ්‍රිතාන්‍ය ක්‍රමවේදයට අනුව එරට රාජකීය නාවික හමුදාවේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරටත් රාජකීය ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් තනතුරටත් පත්වන නිලධාරීන් ජීවිත කාලය පුරාවටම නිලධාරීන් ලෙස සලකනු ලබයි.

ෆීල්ඩ් මාර්ෂල් ධූරයේ ලාංඡනය ඉහත සඳහන් කළ පරිදි යෂ්ටියක් වූ අතර එය ධූරයටම ආවේණික වූ විශේෂයකි.

බ්‍රිතාන්‍ය හමුදාවේ ආකාරයට අනුව යෂ්ටිය ඔලිව් අත්තකින් හා උඩු කෙළවෙරේ ඔටුන්නක ලාංඡනයකින් සමන්විතයි.

බොහෝ රටවල් බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කරන අතර අහිදී යෂ්ටියට ඔවුන්ගේ රටේ රාජ්‍ය ලාංඡනය යොදා ගනී.

බොහෝවිට බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල්වරුන්ට රන් ආලේපිත ‍යෂ්ටියක් දෙනු ලැබීය.

කෙසේ නමුත් ඇමරිකානු හමුදාවේ හමුදා ධූරාවලියට අනුව එහි ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් පිරිනමන්නේ නැත.

ඔවුන්ගේ ඇත්තේ තරු පහේ ජෙනරාල් ධූරයක් පමණි. එය ආරම්භ වූයේ 1944දීය.

එම නිලය ඇමරිකානු හමුදාවේ උසස්ම සහ ජේෂ්ඨතම අණදෙන්නා වන අතර නේටෝවේ සම්මත OF -10 ට සමාන වේ.

"ලංකාදීප"
හර්ෂණ තුෂාර සිල්වා 
 
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ඡායාරූප



අද්මිරාල් ඔෆ්  ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ඡායාරූප



මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගේ ඡායාරූප


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,994 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,349 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top