Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
කෙල්ලන් වසඟයට ගත් හින්දි සිනමාවේ දඩබ්බර ‍ප්‍රේමවන්තයා ශම්මි කපූර්ගේ වත ගොත මෙන්න - Video & Photos

- කෙල්ලන් වසඟයට ගත් හින්දි සිනමාවේ දඩබ්බර ‍ප්‍රේමවන්තයා ශම්මි කපූර්ගේ වත ගොත මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,528 Views
රාජ් කපූර් පවුල මුතු හරයක් නම් එක් මුතු ඇටයක් බඳු ප්‍රමුඛයකු වන්නේ ෂම්මි කපූර්ය. ෂම්මි රාජ් කපූර්ගේ බාල සොහොයුරෙකි. ප්‍රීති විරාජ් කපූර් නම් නළුවා, චිත්‍රපට නිෂ්පාදකවරයාගේ පුත්‍රයෙකි. මුළු පවුලම සිනමා කර්මාන්තයට සම්බන්ධ වී සිටි නිසාම රාජ් කපූර්ගේ කීර්ති නාමයත් සමඟ ෂම්මි කපූර්ටද සිනමාවේ ඉඩකඩ විවර වීමක් සිදුව තිබුණේය. එනිසා ෂම්මි සිනමා රංගනය උපන්ගෙයිම වාසනා ගුණයක් සමඟම උරුම කරගෙන උපන්නෙකි.

 ෂම්මි දඟකාර යෞවනයකු සිනමාවේදී රඟන්නේ කෙසේ දැයි ජනතා ආකර්ෂණය දිනා ගනිමින් හින්දි සිනමාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයන් මන්මත් කළේය. ඔහුගේ කොණ්ඩා මෝස්තරයත් රංගනයත් නර්තනයත් සිහිගැන්වූයේ එවක ලොව ජනප්‍රියම ගායකයා වූ එල්විස් ප්‍රේස්ලිය. ඒ නිසාම ෂම්මි කපූර් යනු Elvis Presley of India යනුවෙන් සිනමා පුවත්පත් හා සඟරා ඔහු හැඳින් වූයේය.

1931 ඔක්තෝබර් මස 21දා බොම්බායේදී උපත ලද ෂම්මි චිත්‍රපට නළුවකු හා අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රකට විය. 1950 මැද භාගයේ සිට 70 දශකයේ මුල් යුගය තෙක් එක දිගට ජනාදරය දිනා ගනිමින් යොවුන් හදවත් තුළ ලැගුම් ගත් ප්‍රමුඛම නළුවකු වූවේය.

1968 තිරගත වූ ‘බ්‍රහ්මචාරි’ චිත්‍රපටය සඳහා හොඳම නළුවා ලෙස පිදුම් ලද ෂම්මි 1982දී හොඳම සහාය නළුවා ලෙස ‘විදාතා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ද සම්මානයට පාත්‍ර වූයේය.

ඔහු රඟපෑ, පළමු චිත්‍රපටය ලෙස වාර්තාවන්නේ 1953 තිරගතවූ ‘ජීවන් ජෝතිය.’ කාන්තාව මුල්කරගත් හැඟීම්බර තේමාවෙන් යුතු චිත්‍රපට හැදුණු කලෙක ඔහුට මධුබාලා සමඟ රේල්කා දිබ්බා (1953) හිද, නූටාන් සමඟ ‘ලයිලා මජ්නු’ (1953) හිද, තෝකුර් (1953) හි ෂ්‍යාම් සමඟද, නාලිනී ජෙයවන්ත් සමඟ ‘හම් සබ් මොර් හේන්’ (1956) ද රඟපාන්නට අවස්ථාව ලැබුණේය. “ශ්‍යාමා පර්වානා” (1954) හි සුරෙය්යා සමඟද, හාසේ‍යාත්පාදක චිත්‍රපටයක් වූ ‘චෝර්බසාර්’ හි (1954) මීනා කුමාරි සමඟද රඟපෑවේය. එවක ඉහළම පෙළේ ජනප්‍රියම නිළියන් රොත්තක් සමඟ ප්‍රධානම චරිත රඟපාන්නට තරම් ෂම්මි වාසනාවන්තයකු වූයේය.

මේ අතර 1957 තිරගතවූ ශ්‍යාමා සමඟ ඔහු රඟපෑ “මිර්සා සහිබාන්” චිත්‍රපටය ආදණීය තේමාවක් රැගත් ආකර්ෂණීය නිර්මාණයක් වූයේය. 1953 පටන් ගත් චිත්‍රපට පෝලිමේ කිසිදු චිත්‍රපටයක් අසාර්ථක නොවීම වැදගත් විය. ඔහුගේ කඩිසර රංගනය හා නර්තනය ඉස්මතු කරමින් චිත්‍රපට නිපැයුණු යුගය ඇරැඹුණේ 1957න් පසුව බැව් කියැවේ. ඒ අනුව ෆිල්ම්ස්ටාන් නිෂ්පාදනය වෙනුවෙන් නසීර් හුසේන් අධ්‍යක්ෂණය කළ ‘තුම්සේ නාහින් දේකා’ සාර්ථක ඇරැඹුමක් ලබා දුන්නේය. එහි ඔහු හා රඟපෑවේ අමීතාය. එවැනිම සාර්ථකත්වයක් ලැබූ ‘දිල් දෙක දේකෝ, (1959) හි ආශා පරේක් සමඟ වඩාත් ආකර්ෂණීය රංගනයක නිරත විය. කෙළිලොල් කඩවසම් වේගවත් නළුවා මතු වූයේ එම චිත්‍රපට තුළිනි.

1961 ‘ජුන්ග්ලි‘ තිරගත වන්නේ මේ ප්‍රතිරූපයේ වෙනස් බවක් මතු කරමිනි. මොහොමඩ් රාෆි පසුබිම් ගායනයට එකතු වෙමින් ෂම්මි වඩාත් රසවත් ඉමකට රැගෙන ගියේය. ඇරැඹුණු අලුත් කඩඉමේදී ඔහුට රඟපාන්නට ලැබෙන්නේ ආශා පාරේක්, සයිරා බානු, ෂර්මිලා තාගෝර් වැනි ආකර්ෂණීය තරුණ ජනප්‍රිය නිළියන් සමඟය. ඒ සියලු දෙනා සමඟ කළ රගපෑම් ඇතුළත් චිත්‍රපට අතිසාර්ථක ඒවා විය. රාජශ්‍රී , ආශා පාරේක්, ෂර්මිලා තාගෝර් මේ ගැන පසු කලෙක කතා කරද්දී කීවේ ෂම්මි සමඟ රඟපාන්නට අපහසු නොවූ බවය. ඔහු ඒ තරමටම නම්‍යශීලී නළුවකු වූයේය.

1964 තිරගත වූ කාෂ්මීර් කීකාලා හි ශර්මිලා තාගෝර් සමඟ කළ රඟපෑමත්, 1961 තිරගත වූ ‘ජුන්ග්ලි‘ හි සයිරා බානු සමඟ කළ රඟපෑමත් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නට සමත් විය.

ආශා පාරේක් හා ඔහු රඟපෑ චිත්‍රපට හතරකි. 1960 දශකයේ ඔහු වඩාත් සාර්ථක වූ චිත්‍රපට කිහිපයක් විය. එනම් “කොලේජ් ගර්ල් (1960) බසාන්ට්, සිංගප්පෝරේ, බෝයි ෆ්‍රෙන්ඩ්, ප්‍රොෆෙසර්, දිල් තෙරා දීවානා, වල්ලා කෙයා බාත්නේ, ප්‍යාර් කියා හෝ දර්නා කයා, චයිනා ටවුන්, කාශ්මීර් කී කාල්, බ්ලුෆ් මාස්ටර්, ඡන්වාර, සහ රාජ්කුමාර්ය.”

ඔහු දකුණු ඉන්දීය නිළියන් සමඟද සාර්ථක වූ නළුවෙකි. සරෝජා දේවි සමඟ රඟපෑ “ප්‍යාර් කියා හෝ දර්නා ක්යා, සහ පද්මිණි සමඟ රඟපෑ “පී්‍රත් හා ජාතේ රිට්” ඒ අතර විශේෂය. වෛජයන්තිමාලා හා රඟපෑ “කොලේජ් ගර්ල්” හා “ජින්ස්” ද මේ අතර විය. සුරූපී සාධානා හා කළ “බ්‍රඩ්නාටිස්” සහ සාචායි අදටත් කතා බහට ලක් කෙරෙන චිත්‍රපටය. “ලාට් සහෙබ්” නූටාන් සමඟ රඟපෑ අතර බබීනා සමඟ “තුම්සෙ අච්චා කෝන් හේ” ද වඩාත් ජනප්‍රිය වූයේය.

1970 දශකයේ මුල් අවධියෙන් පසු ඔහුගේ ශරීර ස්වභාවයේ වූ වෙනස්කම් නිසාවෙන්ද, 70 දශකය රාජේන්ද්‍ර කුමාර් හා රාජේශ් ඛාන්නාගේ සාර්ථක වීමත් හමුවේ ප්‍රධානම චරිතවලින් මෑත්ව යන්නට වන ලකුණු පහළ වූයේය. 1970 දශකයේ මැද වෙද්දි ඔහු සහාය නළුවාගේ තැනට පරිවර්තනය වූයේය.

ඔහු 1974 දී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. ඒ “මනෝරංජන්”ය. පී.සී. මෙහ්රා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර නිළිය වූයේ සිනත් අමාන් නම් සරාගී නිළියයි. රාහුල් දේවි බර්මන්ගේ සංගීතයෙන් චිත්‍රපටය රසගැන්විණි. ඔහු කළ චිත්‍රපටවල ගුණාත්මක වටිනාකම් තිබුණේ වුවද ඒවා එතරම් සාර්ථක වූයේ නැත.

ෂම්මි කපූර්ගේ ප්‍රේමය තිබුණේ ශීතාබාලි නම් නිළිය සමඟය. 1955දී ඔවුන් විවාපත් වූ අතර “රංගීත් රාතේන්” රූගත කරද්දී ඔහු ගීතාබාලි හා විවාහ වූ බව ප්‍රකට විය. ආදිත්‍ය රාජ් කපූර් හා කාංචනා නම් දූ පුතුන් දෙදෙනෙකි. එහෙත් ගීතාබාලි අඩු වයසින් එනම් 1965දී මිය ගියාය.

ඉන් වසර 4කට පසු ෂම්මි 1969දී නීලා දේවි ගෝනිල් නම් ගුජරාටයේ රාජකීය පවුලක යුවතියක් හා විවාහ වූයේය. ගීතා බාලි හා විවාහපත් සිටියදීම ෂම්මි මුම්ටාස්ටද කැමැත්ත පළ කළ බවත් බිනා රමානි හා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බවටත් කතා ඇත. ඔහුට වයස 79ක්ව තිබියදී දිවි සිනමාවෙන් සමුගත්තේය. භාරත දේශය වෙනුවෙන් ඔහු රංගනයෙන් කළ මෙහෙවර උදෙසා භාරත රජය ඔහු නමින් මුද්දරයක් 2013දී නිකුත් කර ගෞරව දක්වා තිබේ.        

මව්බිම - සැණකෙලිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,277 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top