Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
08
මම ගොඩක් අසරණ වුණා. තාමත් මට තියෙන ලොකුම ප්‍රශ්නය මගේම කියලා ඉන්න හිටින්න තැනක් නොමැතිකමයි - ප්‍රවීණ රංගන ශිල්පිනී සමන්ති ලැනරෝල්

- මම ගොඩක් අසරණ වුණා. තාමත් මට තියෙන ලොකුම ප්‍රශ්නය මගේම කියලා ඉන්න හිටින්න තැනක් නොමැතිකමයි - ප්‍රවීණ රංගන ශිල්පිනී සමන්ති ලැනරෝල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

134 Views
මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා
මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා

සමන්ති ලැනරෝල් කියන්නේ හැටේ දශකයේ සිනමාවට සම්බන්ධ වුනු රංගන ශිල්පිනියක්. සිනමාව, පුංචි තිරය වගේම වේදිකා නාට්‍ය සදහාත් සම්බන්ධ වෙන සමන්ති ඇයගේ ජිවිතේ ගැන මේ විදිහට කතා කරනවා. මේ ඒ කතාබහ ගැනයි.

මේ අගෝස්තු 24 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.00ට මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් !

කලක් වාණිජ සිනමාවට නැතුවම බැරි වූ ඇය අද ගතකරන්නේ හු‍‍ෙදකලාවූ දිවිපෙවතකි. 'විජය ධර්ම ශ්‍රී' ගේ දුහුළු මලක්හි ‘ලෙච්චමී‘ ලෙස ඇය ඉදිරිපත් කළ ඒ අපුර්වතම රංගනය තාමත් අපට අමතක නැත. සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව නිසා අසිමිත ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිණියකු වූ 'සමන්ති ලැනරොල්' සිනමාව , පුංචි තිරය හා වේදිකාව ජයගත් රූපණවේදිනියකි. හැටේ දශකය අග භාගයේදී රංගනයට පිවිස සිනමාවට එක්ව අඩසිය වසක් ගතවි ඇත. ඇගේ රංගන දිවියේ ප්‍රතිභාව අගයමින් ජාතික චිත්‍රපට සංස්ථාව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කර ඇති බව අපට දැනගන්නට ලැබුණේය. ඒ ගැනත්, ඇගේ අලුත්ම ‍තොරතුරුත් ඔබට සමීප කරවීමේ අටියෙන් අප ඇය සොයා අතුරුගිරියේ ඇගේ නිවහනට ගොඩවැදුණෙමු.

ළෙන්ගතුව අප පිළිගත් ඇය මා අසලය. 'රජ ගෙදර පරවියෝ,අවරගිර, ආදර රත්නේ, අහිංසා, ජය සිකුරු ඇතුළු චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය සැපයූ මේ රංගන ශිල්පිණිය සහ ඇගේ සම්මාන අප ඡායාරුප ශිල්පී රුවන් ද සිල්වා ඔහුගේ කාමරා කාචයට ගන්නා අතර තුර මම ඇය සමඟ කතාබහ ඇරඹුවෙමි.

“මේ දවස්වල සොබා දහමත් එක්ක මම වැඩිපුර කාලය ගතකරනවා.“ ඇය එලෙස කියාගෙන ගියේ ගෙමිදුලේ ඇය විසින් සිටුවන ලද නා නා විද විසිතුරු මල්වගාව දෙස නෙත්යොමුකරමිනි.

පසුගිය දිනවල ඔබ අසනීපෙන් සිටි බව දැනගන්න ලැබුණා..

ඔව්. දැන් මට සනීපයි. විවේකී සුවයෙන් කාලය ගත කරනවා. රංගනය පිළිබද නවකයින්ට වැඩමුළු පවත්වන්නත් දුර පළාත්වලට යනවා. විවේකයක් ලැබෙන හැම වෙලාවක්ම මම වෙන් කරන්නේ මල් පැළ නඩත්තු කරන්නයි.

ඔබේ සිනමා ජීවිතයට හරියටම අඩසිය වසරක් ගතවෙලා, ඒ ගැන මොකද හිතෙන්නෙ?

පුදුම සතුටක් දැනෙනවා. අනේක විද දුක්කම් කටොලු විඳ දරාගෙන මෙතෙක්දුර ගමනක් ආවා නේද කියලා ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවම සතුටු වෙනවා.

ඇය එසේ පවසද්දී ඇගේ දෙනෙතින් කඳුළක් වැටුනේ ඇයටත් නොදැනීමය. ඒ ඇගේ ජයග්‍රහණයේ කඳුළුදැයි මට සිතුණි. ඇය නැවත කතාව ආරම්භ කළාය. “මේ අගෝස්තු විසිහතරවන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.oo මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.“

අලුත් චිත්‍රපටවල ඔබ පෙනෙන්නට නැත්තෙ දැන් සිනමාවෙන් ඈත් වෙලාද?

නෑ.. එදා වගේම අදටත් මම කලාවට ආදරෙයි. ඒත් අද අලුත් කලාකරුවන් ඕනෑතරම් බිහිවෙලා ඉන්නවනේ. ඒ නිසා මට නිර්මාණවලට කතා කරන්නෙ අඩුවෙන්.

ඔබේ රංගන ජිවිතයේ ආරම්භය සරසවිය පුවත්පත කීවොත්?

ඔව්. හැටේ දශකය අගභ‍ාගයේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට නළුනිළියන් බඳවාගන්නවා කියලා සරසවිය පත්තරේ දැන්වීමක් තිබුණා. මගේ මතකයේ හැටියට ඒ 1966 ඔක්තෝබර් මස නව වැනිදා. 'කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, සරසවියේ කතාවක්‘ කියලා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. පත්තරේ තිබුණු ඒ දැන්වීම නිසයි මම හන්තානේ කතාව චිත්‍රපටයට එකතු වුණේ. ස්වර්ණා මල්ලව ආරච්චියි, මමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ චරිත දෙකටයි පණ පෙවුවේ.

සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වඩාත් ජනප්‍රිය වුණේ 'ලෙච්චමී' චරිතයෙන් නේද?

ඔව්, එදා වගේම අදටත් මාව ගොඩක් දෙනාගේ හිත්වල ජීවමානව ඉන්නේ 'ලෙච්චමී' කියන චරිතය නිසයි. මට මතකයි 'දුහුළු මලක්' මංගල දර්ශනය තිබුණේ වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ. චිත්‍රපටය නරඹලා පහළට එන්නට බැරි තරමට රසික රසිකාවියන් මාව වටකරගත්තා. ගොඩක් අය හිතු‍වේ මම ඇත්තටම දමිළ තරුණියක් කියලයි.

“දුහුළුමලක්” මංගල දර්ශනය දා තවත් සුවිශේෂි සිදුවීමක් වුණා නේද? ඒ ගැන ඔබට මතකද?

ඔය සිදුවීම වන කාලයේදී අපි හිටියේ ගම්පහ' හෝලීක්‍රෝස්' විදුහල ළඟ ගෙදරක. ඔය සිදුවීම වුණු දා නිමල් වීරක්කොඩි සහ විල්ෆ්‍රඩ් ද සිල්වා අපේ ගෙදර ආවා. ඒ ඔවුන්ගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. ටික වෙලාවකට පස්සෙ තවත් කාරෙකක් ආවා. ඒ ආවේ හර්බට් රංජිත් පීරීස්, ඔහුගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. චිත්‍රපට දෙකටම ආරාධනා ලැබුණේ එකම දවසෙ. එය මට කලා ජිවිතයේ සුවිශේෂ දවසක්. ඇය කීවේ හැඟීම්බරවයි.

“අවරගිර” චිත්‍රපටය හා සම්බන්ධ වීමත් ඔබේ සිනමා දිවියට සුවිශේෂීයී නේද?

සැබවින්ම එය මගේ රංගන ජීවිතයේ මට ලැබුණු ලොකු වාසනාවක් කියලා මට හිතෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් කියන්නෙ සිනමාවේ නොමැකෙන චරිතයක්. ඉතිං ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මගෙ රංගන ජීවිතයේ කිසියම් කඩයිමක් කියලා හිතනවා. සුනිල් ආරියරත්නගේ 'බඹා කෙටූ හැටි' චිත්‍රපටයේ 'මියුරියල්ගේ' චරිතයත් මගේ රංගන ජීවිතයේ සුන්දර සිහිවටනයක්.

ඇය මා සමඟ පැවසුවේ අතීත ඡායාරූප කිහිපයක් රුවන්ටත්, මටත් පෙන්වමිනි.

ඒ වගේ සුන්දර චරිත රාශියක් තියෙනවා. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ නෑ. ඉස්සර වගේ නෙමෙයි දැන් මගේ මතක ශක්තිය දුර්වලයි.

ඔබ සිනමාව වගේම පුංචි තිරයේත් අත්දැකීම් ඇති රංගන ශිල්පිණියක්?

ජයසේකර අපොන්සුගේ 'සීමා බන්ධන' කියන වේදිකා නාට්‍යයෙන් තමයි සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වේදිකාවට හඳුන්වා දෙන්නෙ. එදා මෙදා තුර වේදිකා නාට්‍ය විසි හයක මම රඟපෑවා. පුංචි තිරයේත් 250කට ආසන්න නිර්මාණ ප්‍රමාණයකට රඟපාන්න අවස්ථාව හිමි වුණා. චිත්‍රපට නැති වුණාට පස්සේ අපි ජීවත්වුණේ මේ ටෙලිනාට්‍යවලින්.

ඔබේ සැමියාත් චිත්‍රපට අධයක්ෂවරයෙක්?ඔහුගේ නිර්මාණවල ප්‍රධාන චරිතයට පණපෙවුවා නේද?

මගේ සැමියා සෝමපාල ලැනරෝල්. ඔහු අධ්‍යක්ෂණය කළ 'කිරි කවඩි' චිත්‍රපටයේ මගේ පෙම්වතා වුණේ ලූෂන් බුලත්සිංහලයි. 'චතු මධුර' චිත්‍රපටයේ සනත් ගුණතිලක. ඔයාලා දන්නවද මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වායි. ඇය සිය අමරණීය අතීත මතකයන් අප සමඟ පැවසුවේ මන්දස්මිතයක් මුව'ග තවරාගෙනය.

මෙලෙස සිනමාව, පුංචි තිරය සහ වේදිකාව යන රූපණ ක්ෂේත්‍රයන් ත්‍රිත්වයටම සිය රංගන දායකත්වය සැපයූ ඇය දැන් ගෙවන ,ජීවිතයේත් සැඳෑ සමය කෙබඳුදැයි මම ඇසුවෙමි.

ඇත්තටම මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා. තාමත් මට තියෙන ලොකුම ප්‍රශ්නය මගේම කියලා ඉන්න හිටින්න තැනක් නොමැතිකමයි.ඇගේ දෑසින් කඳුළු රූරා වැටුණු අපි දුටුවෙමු.

එක්දරු මවක මෙන්ම මුනුපුරු දෙදෙනකුගේ මිත්තණියක වන ඇගේ එකම දියණිය කලාවට සම්බන්ධ වුයේ නැත. ඇයට ද ඇයටම කියා ස්ථීර වු නිවහනක් ද නැත. තාමත් දිවි ගෙවන්නේ කුලී නිවහනකය.

'එදා ඉඳලා තාමත් මට ආත්ම ශක්තිය තියෙනවා. ප්‍රශ්න ගැන හිතන්නට ගියොත් අපි ලෙඩ වෙනවා. මේ තරම් සතුටින් ඉන්නෙ කලාව නිසයි.

තම හැත්තැ හයවැනි වියේදීත් කලා ලොවේ නියැළෙමින් තනිවම ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දරන මේ දිරිය කාන්තාව අපට සමුදෙමින් එසේ පැවසුවාය.

සමන්ති වනිගසේකර - සිළුමිණ
ඡායාරූප- රුවන් ද සිල්වා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top