Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඉහලම නිලයන් දක්වා උසස් කෙරෙමින් ඉහළටම එසවුණු යුද සෙන්පතියෝ - Video

- නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඉහලම නිලයන් දක්වා උසස් කෙරෙමින් ඉහළටම එසවුණු යුද සෙන්පතියෝ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,389 Views
හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඉහලම නිලයන් දක්වා උසස් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ උසස්වීම් ලබා දී ඇත්තේ පසුගිය 5 වැනිදා සිට බලපැවැත්වෙන ලෙසයි.

ශ්‍රී ලංකා මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීත භාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය සහ අද්විතීය මෙහෙවර ඇගයීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා උසස් කර ඇත්තේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් වූ ගෞරවනීය නිලය සඳහායි.

එය නාවික හමුදාවේ ඇති ඉහලම නිලය වන අතර මෙරට නාවික හමුදා නිලධාරියෙකුට මෙම ගෞරවනීය නිලය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නම් වූ ගෞරවනීය නිලය දක්වා උසස් කර තිබෙනවා.

ගුවන් හමුදා නිලධාරියෙකුට හිමිවන උසස්ම නිලය මෙය වන අතර මෙරට ගුවන් හමුදා නිලධාරියෙකුට මෙම නිලය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

නව උසස්වීම් ලැබීමත් සමඟ වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිලය හා සම නිලයන් බවට පත්වනවා.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු ලෙස හිමිවන ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද මෙම නිලයන් සඳහා ද හිමිවීමට නියමිතයි.

ඔවුන්ට අදාළ නිලයන් නිල වශයෙන් පිළිගැන්වීමේ උත්සවයක් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලය සඳහා උසස්වීම් ලැබූ වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සිට 2009 වසර දක්වා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා ද මහඟු දායකත්වයක් ලබා දුන්නා.

2006 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ ගුවන් හමුදාපති ධුරය දැරූ රොෂාන් ගුණතිලක මහතා ත්‍රස්තවාදය තුරන් කිරීමේ මානුෂීය මෙහෙයුමට දායකත්වය ලබාදුන් අතර ගුවන් හමුදාපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  210 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,432 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,788 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top