Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
"මහ එවුන් හොඳට කුට්ටි කාලා පාඩුවේ ඉන්නවා අපේ කුණු දාන්න තැනක් නැහැ" - කොළඹ කුණුවෙන කුණු නිසා ජනතාව දැඩි අසීරුතාවයට - Video

- "මහ එවුන් හොඳට කුට්ටි කාලා පාඩුවේ ඉන්නවා අපේ කුණු දාන්න තැනක් නැහැ" - කොළඹ කුණුවෙන කුණු නිසා ජනතාව දැඩි අසීරුතාවයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,096 Views
කෙරවළපිටිය අංගනයට කසළ බැහැර කිරීම නතර කිරීමත් සමග කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක එක්රැස්වී ඇති කසළ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදාළ බලධාරීන් සඳහන් කළේ පරස්පර අදහස්.

මීතොටමුල්ල කසළ කන්ද නායනාමෙන් අනතුරුව 2017 වසරේ සිට වසර දෙකක පමණ කාළයක් කසළ බැහැර කළේ වත්තල කෙරවළපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම කසළ අංගනයටයි.

කොළඹ මහනගර සභා බලප්‍රදේශයෙන් මෙන්ම කෝට්ටේ කැළණිය ඇතුලු තවත් ප්‍රෙද්ශ රැසකින් එක් රැස් වන කසළ මෙට්‍රික්ටොන් 300කට වැඩි ප්‍රමාණයක් දෛනිකව එම ස්ථානයට බැහැර කරනු ලබනවා.
 

එම ස්ථානට බැහැර කල හැකි කසළ ධාරිතාව උපරිම සීමාවට පැමිණ ඇති හෙයින් එය නතර කිරීමට තීරණය කල බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පුත්තලම අරුවක්කාරුව කසළ අංගනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වුවත් එයට කසළ බැහැර නොකරන්නේ එය අයත් වන පුත්තලම වනාතවිල්ලුව නගර සභාව එහි කසළ බැහැර කිරීම සදහා අදාළ පළාත් පාලන ආයතන වලින් දිනකට රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන්.

අරුවක්කාරුව කසළ අංගනය ඉදි කිරීම පිළිබද පසු දින වල දැඩි මහජන විරෝධයක්ද එල්ල වුණා.

උද්ගතව ඇති ගැටලුව පිළිබඳ අප කොළඹ මහනගර සභාවෙන් කළ විමසීමකදී එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේ අද පැවති සාකච්ඡාවලින් අනතුරුව ගැටලුව විසඳාගත් බවයි.

කෙසේ වෙතත් නගරයේ ස්ථාන රැසක කසළ ගොඩ ගැසීම හේතුවෙන් නගර සභා සේවකයින්ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

තවමත් නොවිසඳුණු තැන තැන කසළ ගොඩගැසීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් වැය කරමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ අරුවක්කාරුව කසළ අංගනයේ වැඩකටයුතු අවසන්ව තිබියදී ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ ඉල්ලීමට යටත්ව එය සක්‍රිය කර ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණක්.

ජනතා ප්‍රශ්න දෙස සානුකම්පිතව නොබලන බලධාරීන් මේ කසළ ගැටලුව තවදුරටත් ගැටලුවක් ලෙසම කොතෙක් කලක් පවතින්නට ඉඩ හරින්නේද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,279 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top