Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
"බොහෝ දෙනෙක් මගේ රසිකයෝ නිසා එහෙම හොරකමක් කරයි කියලා සැකයක් තිබුණු කෙනෙක් හිටියේ නැහැ.." - ගායක රෙඩ් රාජ් කියයි

- "බොහෝ දෙනෙක් මගේ රසිකයෝ නිසා එහෙම හොරකමක් කරයි කියලා සැකයක් තිබුණු කෙනෙක් හිටියේ නැහැ.." - ගායක රෙඩ් රාජ් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,936 Views
"අල්ලන්න එපා කිව්වා කිසිදෙයක්. මම හිතුවේ ඒ වෙලාවෙත් හොරු ගේ ඇතුළේ ඉන්නවා ඇති කියලා.."

"උදේ ඇවිත් මගෙන් උදව්වක් ඉල්ලුවා. මමත් කිව්වා ඕන උදව්වක් කරන්නම් කියන්න කියලා..."


"රාජ මාළිගේ පරවියා වගේ.." කියූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ රෙඩ්ව. රෙඩ් කියන්නේ කාලයක් මේ රටේ ආන්දෝලනාත්මක චරිතයක්. ගීත නිසා විවිධ කතාබහට ලක් වූ ඔහු ජනතාවගේ ආදරේ දිනා ගන්න සමත් වුණේ රාජ මාළිගේ පරවියා වගේ ගීතය නිසයි. ඒ විදිහට දැනහදුනා ගත් රෙඩ් මේ වෙද්දී ඉතා ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙලා. ඔහුගේ නිවසට හොරු පැනලා කියලා කසුකුසුවක් තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත ඔහු හිරුට කිව්වේ මෙහෙමයි.

රෙඩ් කොහොමද..?
හොදයි හොදින් වැඩකටයුතු කරගෙන ඉන්නවා. ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්නත් හිතාගෙන ඉන්නවා.

රෙඩ්ගේ නිවසට හොරු පැනලා කියලා කතාවක් තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලත් කියමු..?
ඔව්. මගේ අලුත් ව්‍යාපාර කටයුත්තේ වැඩකට සිකුරාදා දවල් ගෙදරින් පිටත් වුණා. අපේ ගෙදර ඉන්නේ මගේ දරුවෝ දෙන්නයි බිරිදයි මගේ හා බිරිදගේ අම්මා. මේ හැමෝමත් එදා ගෙදර හිටියේ නැහැ. ගෙදර නැති අතරතුර ගෙදරට හොරු පැනලා අල්මාරියේ තිබුණු ලක්ෂ ගණනක රත්තරන් බඩු  හොරකම් කරගෙන ගිහින් තිබුණා.

ඒ ගැන මුලින්ම දැනගත්තේ කොහොමද..?
එදා රෑ 11.25 ට විතර තමයි අපි ගෙදර අවේ. ඒ එනකොට රෑ  ගෙදර ලයිට් දාලා තියෙනවා මම දැක්කා. මට වෙනසක් තේරුණා. මම ඒ වෙලාවේ කිව්වා අපි දවල් ගියේ කවුද ලයිට් දාලා තියෙන්නේ කියලා. ඒත් එක්කම දුව වාහනෙන් බැහැලා බලලා කිව්වා තාත්ති ජනේල්ලේ ඇරලා කියලා. පහල මහලේ ජනේලයක් කඩලා තමයි ගෙට රිංගලා තියෙන්නේ. මම දුවට කිව්වා මම බලනකම් කාටවත් ගේ ඇතුලට යන්න එපා කියලා. අල්ලන්න එපා කිව්වා කිසිදෙයක්. මම හිතුවේ ඒ වෙලාවෙත් හොරු ගේ ඇතුළේ ඉන්නවා ඇති කියලා. මම ගේ ඇතුලට ගිහින් සියලුම තැන් සෝදිසි කරලා බැලුවා. කවුරුත් හිටියේ නැහැ. අල්මාරි ඇරලා සේරම රෙදි සී සීකඩ ඇදලා දාලා තිබුනා. අල්මාරියේ තිබුණු රත්තරන් බඩු තිබුනේ නැහැ. ඒවා හොරකම් කරගෙන ගිහින්.

ඒ වෙද්දී ඔබ දැනගෙන හිටියද එවැනි හොරකමක් කරන්න හිටියේ කවුද කියලා..?
ඒ පැත්තේ කුඩු ගහන අය ඉන්නවා. ඒ අය හොරකම් කරන අය කියලා දැනගෙන හිටියා. නමුත් බොහෝ දෙනෙක් මගේ රසිකයෝ නිසා එහෙම සැකයක් තිබුණු කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම 11.40 විතර කුඩුගහන මනුස්සයෙක් ගිහින් හම්බෙලා මුලින්ම 1000ක් දුන්නා. එයාට කුඩු සික් එකලු. ඊට පස්සේ මම එයාව කතාවට අල්ලාගෙන තවත් 1000ක් දීලා මගේ කතාව කියලා කුඩු ගහන මිනිස්සුන්ගේ ගෙවල් කිහිපයකට ගියා. එයාට මම කිව්වා මට කෙනා හොයලා දුන්නොත් 5000ක් දෙන්නම් කියලා. එයා එක්කම තැන තැන ගියා. එහෙම සැකකරන්න කිසිදෙයක් තිබ්බේ නැහැ.

හොරකම් කළ පුද්ගලයින් එහෙම හොයලා පලක් නැහැ කියලා හිතුනේ නැද්ද..?
මට විස්වාසයක් තිබ්බා කුඩු ගහන කෙනෙක් තමයි හොරකම් කරන්න ඇත්තේ කියලා. ඒ සැකේ හරි ගියා. අර මනුස්සයා තව කෙනෙක්ගේ ගෙදරකට එක්කගෙන ගියා. එහෙ මළගෙයක්. ඒ ගෙදර අයියා මල්ලි ඉන්නේ. මල්ලි තමයි මැරිලා හිටියේ. ඒ මනුස්සයයි තව කෙනෙකුයි උදේ අපේ ගෙදර ආවා. එයාව දැක්කම මට සැක හිතුනේ නැහැ. උදේ ඇවිත් මගෙන් උදව්වක් ඉල්ලුවා. මමත් කිව්වා ඕන උදව්වක් කරන්නම් කියන්න කියලා. ඒ වෙලාවේ තමයි කිව්වේ මල්ලි මැරිලා පෙට්ටියක් අරන් දෙන්න කියලා. මම කිව්වා හරි මම අරන් දෙන්නම් දැන් මම ගමනක් යනවා ගිහින් ඇවිත් මම ගෙදර එන්නම් කියලා. එයාට කිව්වා එන්නේ රෑ වෙලා කියලා. එහෙම තත්ත්වයකදී කොහොමද හිතන්නේ හොරකමක් කරයි කියලා.

ඊට පස්සේ මොකද කළේ හොරකම පිළිගත්තද ඔහු..?
හොරකම් කළා කියලා පිළිගත්තේ නැහැ. ඔහු කිව්වා සර් මට උදව් කරන්නම් කිව්වනේ මම එහෙම කෙනෙක්ගෙන් හොරකම් කරයිද කියලා. මම බොරුවට කිව්වා ගෙදර CCTV කැමරාවේ ඔක්කොම තියෙනවා ඔයා තමයි මේ වැඩේ කරේ කියලා. ඊට පස්සේ  මම ගියා කදාන පොලිසියට පැමිණිල්ලක් දාන්න. මම පැමිණිල්ල දාලා ආවා. පහුවදා ගිහින් බලද්දී ඔහුත් ඔහු එක්ක හොරකම් කළ පුද්ගලයත් ගෙදරින් පැනලා ගිහින්. ඊට පස්සේ ඒ ගැන පෑලියගොඩ පොලිසිය සැකකටයුතු පුද්ගලයින් හදුනාගෙන මේ  වෙද්දී විමර්ශන කටයුතු සිදුකරමින් යනවා. ඒ පුද්ගලයින් මේ වෙද්දී නිවාස 20ක විතර හොරකම් කරලා තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා.

නැතිවුණු භාණ්ඩ නැවත ලැබුණද..?
තවම ලැබුනේ නැහැ. ඒ අය ඒවා උකස් කරලා සල්ලි අරගෙන. සමහර රන් භාණ්ඩවල රිසිට් තියෙනවා. සමහර රන් භාණ්ඩවල රිසිට් නැති කරලා. විමර්ශන කටයුතු අවසන් වෙනකල් ඉන්න සිදු වෙනවා. කදාන පොලිසියේ හා පෑලියගොඩ පොලිසියේ සියලුම නිලධාරීන් මේ ප්‍රශ්නයේදී මට උදව් කළා. ඉක්මනින්ම හොරකම් කළ පුද්ගලයින් නිතිය හමුවට ගෙන්න. ඒ නිසා ඔවුන්ට මම ස්තුති කරනවා

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  205 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,694 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,429 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,783 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,141 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,302 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top