Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
ලොවක් කැළඹූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඉන්දියාව සිදු කළ අලුත්ම අනාවරණය මෙන්න

- ලොවක් කැළඹූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඉන්දියාව සිදු කළ අලුත්ම අනාවරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,752 Views
පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මුම්බායි කේන්ද්‍ර කොට ගත් ඉන්දීය ඉස්ලාමීය පූජකවරයෙකු වූ සකීර් නායක්ගේ සංවිධානයේ දිරි ගැන්වීමෙන් සිදුවූවක් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
 
ඉස්ලාමීය පර්යේෂණ පදනම නැමති සංවිධානයේ සභාපතිවරයා මෙන්ම මිලියන 200ක් පමණ පිරිසකට විකාශය කෙරෙන පීස් ටී.වී. නිර්මාතෘවරයා වූ ඔහු 2016 වසරේ සිට ඉන්දියාවෙන් පිටව සිටින බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
 
මැලේසියාවේ රැකවරණ ලබමින් සිටින සකීර් නායක් බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර දිරි ගැන්වූ බව එම මාධ්‍යවල අදහසයි.

සකීර් නායක්ගේ සංවිධානය මගින් අන්තවාදී මත පතුරුවන අතරම අති විශාල මුදලක් ත්‍රස්ත කටයුතු සඳහා යොදවන බවට ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහුගේ සංවිධානය ඉන්දීය රුපියල් කෝටි 212ක් ත්‍රස්ත කටයුතු සඳහා ලබාදී තිබෙනවා.
 
එමෙන්ම, ඉන්දීය කොංග්‍රස් පක්ෂයට මූල්‍යාධාර ලබාදී රැකවරණ ලැබූ බවට ද ඔහුට චෝදනා එල්ල කෙරුණා. සකීර් නායක් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කළා.
 
එමෙන්ම, ඔලූවිල් විශ්වවිද්‍යාලය තුළ තහනම් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ හා ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සංවිධානයට අයත් තවත් සාමාජික සිසුන් සිටින්නේ ද යන්න පිළිබද පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
පසුගිය දා එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ හා ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම හේතුවෙන්.
 
පසුගිය දින තුන තුළ පමණක් අදාළ සංවිධානවලට අයත් ක්‍රියාකාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
 
මේ අතර, ළමා සොල්දාදුවෙකු ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැදී කටයුතු කර පසුව නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ගොස් පදිංචි වූ ශ්‍රී ලාංකිකයෙකුට මිනී මැරුම් චෝදනා යටතේ දීර්ඝ දඬුවමක් නියම කෙරෙනු ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.
 
ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහු වරදකරු කෙරුණේ පසුගිය මාර්තු මාසයේ ඇඩිලේඞ් නගරයේදී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන්.
 
ගනේෂමූර්ති ත්‍යාගරාජා නැමති මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා මොහොමඞ් මන්සූර් නැමති ඔහුගේ මුස්ලිම් ජාතික මිතුරා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති අතර, පසුව එය සැඟවීමට උත්සාහ කර තිබෙනවා.
 
ඒ සඳහා නිදහසට ඔහු ඉදිරිපත් කර තිබූ එක් කරුණක් වූයේ මන්සූර්, අයි.එස්. සංවිධානයට බලහත්කාරයෙන් බදවා ගැනීමට උත්සාහ කළ බවයි.
 
කෙසේ නමුත්, ඔහුගේ තර්ක ප්‍රතික්ෂේප කළ ඕස්ට්‍රේලියානු අධිකරණය 44 හැවිරිදි ත්‍යාගරාජා වරදකරු බවට පත් කර ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  36 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  135 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  976 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,657 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,933 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  356 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,262 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,910 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,327 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,853 Downloads



Top 10 Commenters

Latest Comments

Top