දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ඊයේ (02) ප්‍රශ්න කර තිබෙනවා.
එම කොමිසමේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පැය 07කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
අල්ලස් කොමිසම කරනු ලැබූ දැනුම් දීමකට අනුව සජින් ද වාස් ගුණවර්ධන ඊයේ උදෑසන එම කොමිසම හමුවේ පෙනී සිටියා. අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කරනු ලැබූ පැමිණිලි අතර මොහුට ද විරුද්ධව පැමිණිලි පවතිනවා.
කෙසේ වෙතත්, පසුගිය 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මොහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. මීට අමතරව හිටපු රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් අල්ලස් කොමිසම සහ රහස් පොලීසිය පසුගිය කාලයේ ප්‍රශ්න කළා.