අද (01) දිනයේ එංගලන්ත තරඟයේදී අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ සුරංග ලක්මාල් පන්දු යැවීමෙන් ඉවත් කරන්නට විනිසුරුවන් පියවර ගත්තේ පිතිකරුවාගේ ඉනට ඉහළින් ෆුල්ටොස් පන්දු දෙකක් යොමු කිරීම හේතුවෙන්.
එමෙන්ම, මෙම අනතුරුදායක පන්දු යැවීම පිළිබද කනගාටුව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඔහුගේ තරග මුදලින් සියයට 30 ක දඩයක් පනවන්නටත් තරග තීරක ඩේවිඩ් බූන් තීරණය කළා.
ඒ අනුව අවසන් පන්දු දෙක යැවීම සදහා ටී.එම්. ඩිල්ෂාන් යොදා ගන්නට ශ්‍රී ලංකා නායකයාට සිදුවුණා.