ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 05 කට ආසන්න ණය පිළිබඳව වර්තමාන රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. චීනයේ බීජිං නුවරදී අමාත්‍යවරයා ඊයේ (28) ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් චීන රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක බීජිං නුවර සංචාරය කරනු ඇති බවයි.
චීනයෙන් පසුගිය රජය සමයේ ගනු ලැබූ විශාල ණය සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න නගා ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙනවා. විශේෂයෙන් එම ණය ලබාගෙන ඇති පොළී අනුපාතික පිළිබඳවද ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. නව රජය ඒ පිළිබඳ චීනය සමඟ අදහස් හුවමාරු කර ගන්නේ විනිවිදභාවය සුරැකීමේ පියවර වශයෙන් බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.
බීජිං නුවරදී ඉන්දීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත්තේ පසුගිය රජය සමයේදී මෙන් චීන සබ්මැරීන යාත්‍රා මෙරටට පැමිණීම පිළිබඳ සැක පළ නොකළ යුතු බවයි. චීන ව්‍යාපෘති ඇතුළු සියලූ විදේශ ව්‍යාපෘති ඇගයීම ඒ සඳහා ආයෝජනය කළ පුද්ගලයන්ගේද යහපත උදෙසා වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.