Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
"මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි" - විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානය අත්හැරිය බෙන් ස්ටෝක්ස් කියන කතාව - Photos

- "මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි" - විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානය අත්හැරිය බෙන් ස්ටෝක්ස් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ....

මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා....

'වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ, 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බවය.

"වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වනවා. ඒ වගේ ම මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා. ඒත් මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ කියලා මට හිතෙනවා," බෙන් ස්ටෝක්ස් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, "මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි," යනුවෙනි.

"ඔහු තමයි ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ. ඒ වගේ ම ඔහු පිරිමින්ට ආධ්‍යාත්මික නායකයෙක්. ඒ සම්මානයට සුදුස්සා ඔහුයි. මගේ ඡන්දයත් ලැබෙන්නේ ඔහුටයි," බෙන් ස්ටෝක්ස් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ කර තිබිණි.

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් බොහෝ සම්මානවලට නිර්දේශ වෙමින් සිටී. එහෙත්, වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට ඔහු නිර්දේශ වෙයි යැයි කිසිවෙකු අපේක්ෂා නොකරන්නට ඇත.

ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූවේ බෙන් ස්ටෝක්ස් ය.

තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.

"ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ. ඒත් ඔහු ක්‍රයිස්ට්චර්ච්වල ඉපදුණේ. ඔහුගේ දෙමාපියනුත් දැන් ඉන්නේ නවසීලන්තයේ. ඒ වගේ ම ඔහු මාඕරි ආදිවාසී පරපුරට සබඳතා ඇත්තෙක්. ඒ නිසා ඔහු නිර්දේශ කරන්න පුළුවන් යැයි සිතන 'කිවි'වරුන් ඉන්නවා" එම සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු වන කැමරන් බෙනට් පැවසීය

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන්ජමින් ඇන්ඩෲ ස්ටෝක්ස් හෙවත් බෙන් ස්ටෝක්ස් 2016 වසරේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තයට නිශ්චිතව ජය ගත හැකිව තිබූ කුසලානය අහිමි කරගෙන පිටිය මැද හඬා වැටුණේය.

එහෙත්, ඉන් වසර 3කට පසු එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කරමින් එංගලන්තයේ පමණක් නොව ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර විය.

1991 වසරේ ජූනි 04 වන දා ඔහු උපත ලැබුවේ, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදීය.

12 වන වියේදී දෙමාපියන් සමග එංගලන්තයේ පදිංචියට පැමිණ පසුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු විණි.

බෙන් ස්ටෝක්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වේගවත් ම ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්ව සිටින අතර ලෝකයේ තත්ත්වය තුළ ඔහු එම වාර්තාවේ දෙවන ස්ථානයේ පසුවෙයි.

2016 වසරේ පැවති පන්දු වාර 20 ලෝක කුසලානය කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට එංගලන්තයට අහිමි වූයේ, අවසන් පන්දු වාරයේදීය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රෙත්වයිට්ගේ කිසිදා අමතක නොවන අනපේක්ෂිත පිතිහරඹය හේතුවෙනි.

තරගයෙන් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 19ක් අවශ්‍ය වී තිබිණි. ඒ වන විට කොදෙව් පිතිකරුවන් 6 දෙනෙකු දැවී ගොස් තිබිණි.

අවසන් පන්දු වාරය යැවීමේ කාර්යය පැවරුණේ, බෙන් ස්ටෝක්ස්ටය.

එංගලන්තය කුසලානය හිමි කර ගනු ඇතැයි සියල්ලන් විශ්වාස කර සිටිය ද කාලෝස් බ්‍රෙත්වයිට් එංගලන්ත අපේක්ෂා අනපේක්ෂිත අයුරින් බිඳ දැමුවේ, බෙන් ස්ටෝක්ස් යොමු කළ පළමු පන්දු හතරකට 6 පහර එල්ල කරමිනි.

කාලෝස් බ්‍රෙත්වයිට් මිනිත්තු කිහිපයක් තුළ ක්‍රිකට් ලෝලීන්ගේ වීරයා බවට පත් විය. බෙන් ස්ටෝක්ස් තණතිල්ල අසල බිම හිඳගෙන කඳුළු සැලුවේය.

කෙසේ වෙතත්, බෙන් ස්ටෝක්ස්ගේ දක්ෂතා පිළිබඳව එංගලන්තය තවදුරටත් විශ්වාසය තැබූ අතර ඔහු කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ නැත.

2016 වසරේදී බෙන් ස්ටෝක්ස්ගෙන් ජයග්‍රහණය තමන් සතු කර ගත් කාලෝස් බ්‍රෙත්වයිට් මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් කළ මෙහෙය ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රශංසාවට ලක් කර තිබිණි.

2016 වසරේ අමිහිරි පරාජයකට මුහුණ දුන් මේ සුවිශේෂී ක්‍රීඩකයා කෙරෙහි 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කළ පූනේ කණ්ඩායමේ හිමිකරුවන් විශ්වාසය තැබීය.

එහිදී එම වසරේ වැඩි ම මිලක් ගෙවූ විදෙස් ක්‍රීඩකයා ලෙස බෙන් ස්ටෝක්ස් පූනේ කණ්ඩායමට ඇතුළත් කර ගැනුණේ, ඉන්දීය රුපියල් කෝටි 14.5ක මුදලකටය.

ඔහු තමන් කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ගෙවූ මුදලට ණයගැති වූයේ නැත. එම වසරේ තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔහුය.

එහිදී ඔහු පිතිකරුවෙකු ලෙස තරග 12කදී ලකුණු 316ක් රැස් කළ අතර පන්දු යවන්නෙකු ලෙස කඩුලු 12ක් බිඳ හෙළීය.

එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථා රැසකදී බෙන් ස්ටෝක්ස් සාර්ථකව පන්දුවට පහර දෙමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ම දක්නට ලැබිණි.

තරග 11කට සහභාගි වෙමින් ඔහු එහිදී ලකුණු 465ක් රැස් කිරීමට සමත් විය.

ඒ සියලු ඉනිම් අතරින් වඩාත් සුවිශේෂී වූයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු නොදැවී රැස් කළ ලකුණු 84ය. ජොස් බට්ලර් හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වී සිටි මොහොතක බෙන් ස්ටෝක්ස් සිය ඉනිම ගොඩ නගමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් විය.

එහිදී බෙන් ස්ටෝක්ස්ගේ සිරුරෙහි වැදී පන්දුව 4 සීමාව පසුකරගෙන ගිය අතර ඉන් ලකුණු 6ක් එංගලන්තයට ලැබිණි.

ඒ සම්බන්ධයෙන් බීබීසී ටේල්එන්ඩර්ස් විශේෂාංගය සමග අදහස් දැක්වූ එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පැවසුවේ, බෙන් ස්ටෝක්ස් තරග විනිසුරුවරුන් වෙත ගොස් එම ලකුණු 4 ඉවත් කර ගත හැකි ද? යනුවෙන් විමසූ බවය.

කෙසේ වෙතත්, තරගයේ විස්තර විචාරකයින් පැවසුවේ, පන්දුව අනපේක්ෂිත ආකාරයෙන් ඔහුගේ සිරුරෙහි වැදුණු හෙයින් බෙන් ස්ටෝක්ස්ට දොස් පැවරිය නොහැකි බවය.

"ඒක තමයි නීතිය," ජේම්ස් ඇන්ඩර්සන් පැවසීය.

අනතුරුව පැවති අතිරේක පන්දු වාරයේදී පන්දු 3කදී ලකුණු 8ක් රැස් කරමින් ජොස් බට්ලර් සමග එක්ව නවසීලන්තයට ලකුණු 15ක ඉලක්කයක් ලබා දුන්නේය.
කෙසේ හෝ අවසානයේදී එංගලන්තය පළමු වරට ලෝක කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද බෙන් ස්ටෝක්ස් නම් කෙරිණි.

බෙන් ස්ටෝක්ස් ඡායාරූපවලට පෙනී සිටින ඇතැම් අවස්ථාවල සිය අතෙහි ඇඟිලිවලින් අමුතු අභිනයක් දක්වයි. ඒ, සිය වමතෙහි මැදැඟිල්ල නමාගෙන ඡායාරූපවලට පෙනී සිටීමෙනි. ඔහු පවසන්නේ එය සිය පියාට ගෞරවයක් ලෙස කරන බවය.

බෙන් ස්ටෝක්ස්ගේ පියා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩකයෙකි.

"මගේ තාත්තා ක්‍රීඩා කරන කාලයේ දණහිසේ ආබාධයක් නිසා දවසක් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තිබුණා. ඒ වෛද්‍යවරයා කියලා තිබුණා තාත්තාගේ ඇඟිල්ලක ශල්‍යකර්මයක් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ තාත්තා කියලා තිබුණේ, මට ක්‍රීඩා කරන්නේ නැතුව ඉන්න බැහැ, ඒ නිසා ඇඟිල්ල කපලා දාන්න පුළුවන් ද? කියලා," බෙන් ස්ටෝක්ස් අයිටීවී නාලිකාවේ ගුඩ් මෝර්නිං බ්‍රිටේන් වැඩසටහනට එක්වෙමින් පවසා තිබිණි.

"මම හැම කණ්ඩායම් ඡායාරූපයකදී ම ඇඟිල්ල නවාගෙන ඉන්නේ ඒ නිසයි."

බෙන් ස්ටෝක්ස් පැවසුවේ, ලෝක කුසලාන අවසන් තරගයේ අතිරේක පන්දු වාරය වෙනුවෙන් පන්දුවට පහර දීමට තමන්ට අවශ්‍යතාවක් නොවූ බවය.

"මම කිව්වේ ජොස් බට්ලර් එක්ක ජේසන් රෝයි යවන්න කියලා. ඒත් නායක මෝගන්ට ඕන වුණේ වමත් දකුණත් යුගලක් යවන්න. ඒ නිසා මට යන්න වුණා. ආයෙත් නම් එහෙම කරන්න බැහැ," ඔහු පැවසීය.

2011 වසරේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු එක්දින තරග 95කදී ලකුණු 2682ක් රැස් කර තිබේ.ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 20ක් අයත්ය. ඊට අමතරව ඔහු එක්දින කඩුලු 70ක් බිඳ හෙළා ඇත.

ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 3152ක් රැස් කර ඇති අතර කඩුලු 127ක් බිඳ හෙළා තිබේ.

"BBC සිංහල"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top