Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
"මෙයාව බැඳලා ගෝනියක දාලා පා කරල යවමු'' - පෙර භවයේ පුරුද්දට කෝප වූ කුඩා දරුවන් ඔවුන්ගේ පෙර භවය ගැන හෙළි කළ කතා

- "මෙයාව බැඳලා ගෝනියක දාලා පා කරල යවමු'' - පෙර භවයේ පුරුද්දට කෝප වූ කුඩා දරුවන් ඔවුන්ගේ පෙර භවය ගැන හෙළි කළ කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88 Views
මාවත් ඉස්සර අරගෙන ගිහින් ගහලා ගෝනියක දැම්මා....

පෙර භවයේ මිය ගිය වයසේදීම ඇය මේ භවයෙදීත් මිය ගියා....

කෝපය හෙවත් මනෝ අවේගය (Temperament) සියලු සත්ත්වයන්ගේ හැසිරීම් රටා තුළින් දක්නට ලැබේ. සිඟිති දරුවන් ඇතැම් විට කිසිදු හේතුවක් නොමැතිව දැඩි ලෙස කෝපයට පත්වීම සිරිතය. ඇතැම් විට අතට හසු වන විවිධ භාණ්ඩ ඉවතට විසි කරමින් කෝපය විදහා දක්වන අවස්ථා ඕනෑ තරම්ය. කුඩා දරුවන්ගේ එවැනි කෝප වීම් සිදු වන්නේ ඇයිද? යන්න දෙමාපියන්ට බලවත් ගැටලුවක් බවට ද පත් වේ. ඇතැම් විට එවැනි දරුවන්ගේ කෝපවීම් නතර කිරීමට ආගමික සෙත් සාන්ති සිදු කිරීමට ද දෙමාපියෝ උත්සාහ ගනිති.

පුනර්භව පර්යේෂණවලදී කුඩා දරුවන්ගේ එවැනි කෝප වීම් (Behavioral Memories) යනුවෙන් හඳුන්වනු ලැබේ. දරුවන්ගේ මනෝ ආවේග හෙවත් කෝපවීම පිළිබඳව සිදුකරන පර්යේෂණ (CHILD PSYCHIATRY) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මේ පිළිබඳව රටවල් රැසක මනෝ විද්‍යාඥයෝ දැඩි ලෙස පර්යේෂණවල නිරත වී සිටිති.
 
කුඩා දරුවන්ගේ හැසිරීම් රටා මගින් ඔවුන්ගේ කෝපය විදහා දැක්වීම සිරිතය. ඇතැම් දරුවෝ බහ තෝරන වියේදී කිසිදු හේතුවක් නොමැතිව අධික ලෙස කෝපයට පත්වන බැව් ද දක්නට ඇත. පෙරභවය හෙළි කළ දරුවන් රැසක් මගින් එවැනි කෝපවීම් විදහා දැක්වූ අවස්ථා රැසක් තිබේ. කිසි විටෙකත් ශ්‍රවණයවීමට නොලැබුණ පරුෂ වචන පවා දැඩි කෝපයෙන් ප්‍රකාශ කළ දරුවෝ ද පුනර්භව පර්යේෂණවලදී හමුවී සිටිති.

පුනර්භව පර්යේෂණවලදී හමුවූ එවැනි දරුවන් කීප දෙනෙකු අස්වාභාවික ලෙස කේන්තිකාරයන් බැව් දක්නට ලැබුණේ බහතෝරන වියේ සිටය. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ අනුව එම කෝපවීම් පෙර භවය හා සම්බන්ධ වී තිබූ බැව් පර්යේෂණවලදී අනාවරණය විය. ඔවුන් හෙළි කළ පෙර භවයේ පුද්ගලයින් ද ඒ අයුරින්ම කේන්තිකාරයන් වී සිටි බැව් ද සනාථ විය.

ශ්‍රී ලංකාවේ පුනර්භවය හෙළි කළ එක් දරුවෙක් ඔහුට කිරි ප්‍රමාදවීමෙන් දැඩි ලෙස කෝපයට පත්වූ අවස්ථා තිබිණි. එවැනි අවස්ථාවලදී ඇතැම් විට පරුෂ වචනයෙන් බැණ වැදීම සිදුවිය. එහිදී ඔහු භාවිතා කළ වචන දෙමාපියන්ගේ මවිතයට හේතු විය. එම දරුවා හෙළි කළ පෙර භවය පිළිබඳ සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වූයේ පෙරභවයේ තැනැත්තා ද දැඩි ලෙස කෝපයට පත්වූ අයෙකු බවය.

එහිදී සනාථ වූ වැදගත් කරුණ වූයේ පෙරභවයේ තැනැත්තා කෝපයට පත්වූ පසු ඔහු භාවිතා කළ වදන් එම දරුවා ඒ අයුරින්ම ප්‍රකාශ කළ බවය.
පෙර භවය හෙළි කළ එක් දරුවෙකුගේ කෝප වූ විට හැසිරීම් පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් වරක් සියුම් විමර්ශනයක් සිදු කැරිණි. එහිදී පෙර භවය හෙළි කළ දරුවාත් පෙර භවයේ පුද්ගලයාත් අතර තිබූ ගති සිරිත් සමාන වන බැව් සඳහන් කර ඇත්තේ (Personality Traits and Temperament) යනුවෙනි. කෝපයට පත්වූ දරුවාගේ වදන් (Use of Indecent Language) යනුවෙන් හඳුන්වා දී ඇත. එම දරුවා හෙළි කළ පෙර භවයේ තැනැත්තාගේ හැසිරීම් රටාවේදී ඔහු පරුෂ වචන හඬ නගා ප්‍රකාශ කර ඇති බව (Shouted Obscenities) සනාථ වී තිබේ. පුනර්භව පර්යේෂණවලදී මෙම කරුණ අනාවරණය වන්නේ (Behavior Between Subject and Previous Personality) පෙර භවය හෙළි කළ දරුවන් පෙර භවයේ තැනැත්තාත් අතර කරන ලද සැසඳීමේදීය.

එවැනි පුනර්භවය සාධක පර්යේෂණවලදී හඳුන්වනු ලබන්නේ. (Temperament of Subject Related to Previous Life) යනුවෙනි. ඇතැම් දරුවන්ගේ ​පෙර භවය පිළිබඳ හෙළි කළ කරුණු විමර්ශනය කිරීමේදී ඔවුන් දැක්වූ අධික කෝපවීම පෙර භවයේ පුද්ගලයින් දැකීමෙන් පසුව ආරම්භ වූ අවස්ථා ද ඇත.

පෙර භවයේ ඥාතිවරයන් හෝ වෙනත් පුද්ගලයන් සමග තිබූ ආරවුල් නිසා ඔවුන් දැකීමෙන් පසු කෝපවූ අවස්ථා කීපයක් හෙළි වූ සාධක ද ඇත. තවත් විටෙක පෙර භවයේ ඔහුට පහර එල්ල කිරීමක් හෝ මරණාසන්න තුවාල සිදුකිරීමක් සිදුවූ අවස්ථාවලදී එයට සම්බන්ධ වූවන් දුටු සැණින් කෝපවූ දරුවෝ ද මේ අතර සිටිති.

පෙර භවයේ සිට පැවති කෝපවීම නිරූපණය කළ දැරියක් අධික කෝපයට පත්වූයේ ඇගේ පෙර භව ඥාතිවරයෙකු දැකීමෙන් පසුවය. ළිඳේ වැටීමක් නිසා මරණයට පත්වූ බැව් හෙළි කළ එම දරුවා උපත ලැබුවේ මීට වසර ගණනකට උඩදී අම්බලන්ගොඩ ප්‍රදේශයේදීය. පෙර භවයේ පිරිමි දරුවකු ලෙස ඇය ජීවත්ව සිටි බැව් එම දැරිය ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටයි.

කුසුමා නම් වූ එම දැරිය හෙළි කළ පෙර භව තොරතුරු අනුව පෙර භවයේ නෑදෑ හිතවතුන් හමුවීමට ඇයට අවස්ථාව උදා විය.

එහිදී ඇය දැඩි ලෙස කෝපවීමක් සිදුවූයේ පෙර භවයේ ඥාතිවරයෙකු ඇය බැලීමට පැමිණි විටදීය. එම ඥාතිවරයා දුටු සැණින් “මොකටද මාව බලන්න ආවේ” යැයි දැඩි කෝපයෙන් ඇය ප්‍රකාශ කළේ රැස්ව සිටි ඥාති පිරිස පුදුමයට පත් කරවමිනි. එහිදී අනාවරණය වූයේ මිය ගිය පෙර භවයේ දරුවා එම ඥාතිවරයා සමග දැඩි අමනාපයකින් සිටි බවය.

කුඩා කල සිටි දැඩි ලෙස කෝපයට පත්වූ තවත් දැරියක් මීට වසර ගණනකට උඩ දී මහනුවර දී උපත ලැබුවාය. එම දැරියගේ කුඩා කල සිට පැවති හැසිරීම් රටාව අනුව ඇය ඉක්මන් කේන්තිකාරියක්ව සිටියාය. ඇය කෝපයට පත් වීම බහ තෝරන වියේ සිටම දක්නට ලැබිණ. එම දැරිය පිළිබඳව පූර්ණ පර්යේෂණයක් පැවැත්වීමට වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහිදී සිදු කළ පර්යේෂණයේදී අනාවරණය වූයේ ඇය හෙළි කළ පෙර භවයේ ජීවිතයේ දී මහලු කාන්තාවක් ලෙස ජීවත්ව සිටි බවකි. බබා නෝනා නම් වූ එම කාන්තාව මිය යාමට පෙර කලක සිට දැඩි ලෙස කෝප වීම සිරිතක් ලෙස පැවති බව සනාථ විය. ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූ වයස්ගතම පෙරභවයක් හෙළි වූ පුනර්භව සාධකයක ද එය විය.

දෙහිවල ප්‍රදේශයේ දී උපත ලද තවත් දැරියක් ද ඇතැම් විට දැඩි ලෙස කෝපයට පත්වන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. බොහෝ විට ඇය කෝපයට පත්වූයේ ඇගේ බාල සොහොයුරා සමග වීම ද සිරිත වී තිබිණි. ඇතම් විට ඇය කෝපයට පත් වී සොහොයුරාට පහර දීමට ද උත්සාහ කළාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු හතරක් පමණ වූ අතර සොහොයුරා බිලිඳු දරුවෙකුව සිටියේය.

අධික ලෙස කෝපයට පත්වූ දැරිය කළ ප්‍රකාශය ද දෙමාපියන්ගේ මවිතයට හේතු විය. දිනක් දැඩි ලෙස කෝපයට පත්වූ දැරිය ඇගේ පුංචි මල්ලිට පහර දෙන්නට උත්සාහ කළාය. එය දුටු මව “ඇයි දුවේ, ඔයාගේ මල්ලිට ගහන්න එපා” යයි කීවාය. මව ඇමතූ දැරිය “මෙයාව බැඳලා ගෝනියක දාලා පා කරල යවමු.” යැයි පැවසුවාය. ඇගේ මෙම ප්‍රකාශයෙන් දැඩි ලෙස මවිතයට පත්වූ මව “ඇයි එහෙම කියන්නේ” යයි පුංචි දියණියගෙන් විමසීමක් කළාය. එයට පිළිතුරු දුන් ඇය ප්‍රකාශ කළේ “මාවත් ඉස්සර අරගෙන ගිහින් ගහලා ගෝනියක දැම්මා” යනුවෙනි. ඇගේ එම ප්‍රකාශවලින් අනාවරණය වූයේ පෙර භවයේදී ඇයට දැඩි ලෙස පහර දීමක් සිදුකර තිබීම නිසා ඇය අධික ලෙස කෝපයට පත්ව සිටි ඇති බවත්, එම කෝපය ඇය තුළින් මතු වන බැව් මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයේදී දක්නට ලැබිණි. එම දැරිය කෝපයට පත්වීම සිදුවූයේ පෙර භවය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සිදු වන අවස්ථාවලදී වීමද විශේෂත්වයක් විය. ඇය පැවසුවේ පෙර භවයේදී ඇය ජීවත්ව සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ බවකි.

​මොරටුව ප්‍රදේශයේ උපත ලද තවත් දරුවෙක් ඉතා කුඩා වයසේ සිට දැඩි ලෙස කෝපයට පත් වන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. බහ තෝරන වියේ සිට ඔහු ඇතැම් විට අතට අසු වන භාණ්ඩ පවා පොළවේ ගසා විසි කිරීම ද සිරිත විය. ඔහු පැවසුවේ පෙර භවයේ දී බිරියක් සිටි බවකි. හදිසි රිය අනතුරකින් මරණයට පත්වූ බවද එදා එම දරුවා අනාවරණය කළේ වයස අවුරුදු තුනේ පමණ සිටය. එම දරුවා පිළිබඳව සිදු කළ පුනර්භව පර්යේෂණයේදී දී සනාථ වූයේ පෙර භවයේදී කේන්තිකාරයෙකු ලෙස සිටි බවකි. පෙරභවයේදී මත්පැන් පානය කළ අයෙකු වූ ඔහු ඇතැම් විට කෝපයට පත් වී බිරිය සමග ගැටුම් ද නිතර ඇති කරගත් අයෙකු බැව් හෙළි විය. පෙර භවයේ ගති සිරිත් කුඩා කල දී හෙළි කළ දරුවෙකු ලෙස එම පුනර්භව සාධකය පර්යේෂණ අතරට එක් වී තිබේ.

කුඩා කල සිට දැඩි ලෙස කෝපයට පත්වූ තවත් දැරියක් උපත ලැබුවේ මීගමුව ප්‍රදේශයේදීය. සිඟිති වයසේ සිටියදී ඇය සුළු දෙයකින් වුවත් දැඩි ලෙස කෝපවීම සිරිත විය. බහ තෝරන වියට පත්වූ ඇය පෙරභවය අනාවරණය කළාය. පෙර භවයේදී ඇයට සොහොයුරියක් සිටි බවත් ඇය සමග ඇති වූ දබරයකදී වස පානය කර දිවි නසා ගත් බවත් ඇය ප්‍රකාශ කළාය. එම සියදිවි නසා ගැනීම සිදුවූයේ ඇයගේ සොහොයුරිය සිටියදී මව විසින් ඇයට පමණක් නිවසේ වැඩ වැඩි වශයෙන් පැවරීම නිසා බවත් ​ඇය හෙළි කළාය.

ඇගේ ගති සිරිත් අනුව තරුණියකගේ ජීවිතය අනුකරණය කිරීම ද ඇගේ සිරිත වූවාය. පෙර භවය ගැන හෙළි කළ තොරතුරු අතර ඇගේ පෙර භවය වයස සඳහන් කිරීමද විශේෂත්වයක් විය. පෙරභෙවයේදී ඇගේ මරණය සිදුවූයේ වයස අවුරුදු 16 දී යයි ද ඇය මව සමග හෙළි කළාය. එම දැරිය පිළිබඳව සිදුකළ පුනර්භවපර්යේෂණයේදී අතිශය කනගාටුදායක සිදුවීමක් ද හෙළි විය. පෙර භවයේ ඇය මරණයට පත්වූ වයස වූ විට දී දෙමාපියෝ ඇය සමග ගාල්ල ප්‍රදේශයට පදිංචියට ගියහ. ඇය තරුණියක බවට පත්ව සිටියදී ද අධික ලෙස කෝපයට පත්වීම සිරිත වුවාය. දිනක් ඇය දැඩි ලෙස කෝපයට පත් වී විෂ ගෙඩි වර්ගයක් කෑම නිසා මරණයට පත් වූවාය. පෙර භවයේ මිය ගිය වයසේදීම ඇය මිය යෑම දෙමාපියන්ගේ අතිශය කකගාටුවට හේතු විය. ඔවුන් ප්‍රකාශ කළේ ඉතා කුඩා අවදියේ සිට ඇය තුළ පැවති හදිසි කෝපවීම මිය යන තුරුත් ඒකාකාරී ලෙසට පැවති බවය.

මේ අයුරින් පෙර භවයේ සිට පැවති ගති සිරිත් අතර කෝප වීම ද පුනර්භව සාධක මගින් හෙළි වේ. එවැනි සිදුවීම් වාර්තාවලට ඇතුළත් කර ඇත.

"ලංකාදීප"
තිස්ස ජයවර්ධන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top