සමලිංගිකයින්ගේ සාමකාමී පෙළපාලියකට පහර දුන් පිරිසක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මෙලෙස පහර දී ඇත්තේ පෝලන්තයේ "Bialystok" නගරයේ පැවති සමලිංගිකයින්ගේ සාමකාමී පෙළපාලියකටයි.
මෙම සාමකාමි පා ගමනට එරට අන්ත දක්ෂිනාංශික අදහස් දරණ පිරිස් විසිනුයි පහර දී තිබෙන්නේ.
ඔවුන් පහර දීමට පැමිණ ඇත්තේ පාපන්දු ක්‍රීඩාවේ යොදාගන්නා ටී ෂර්ට් පැලඳගෙනයි.
මෙලෙස පැමිණි ඔවුන් සමලිංගික ප්‍රජාව අපහාසයට ලක්වන ආකරයෙන් හැසිරී තිබෙනවා.
මෙම පිරිස සමලිංගික ප්‍රජාවට පහර දීමට හේතුව වී ඇත්තේ "සමලිංගිකත්වය පෝලන්තයේ සංස්කෘතියට තර්ජනයක් බව" කියමිනුයි.
කෙසේ වෙතත් එරට පොලීසියේ කැරළි මර්ධන ඒකකය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් සහ පහරදුන් පිරිස් අත් අඩංගුවට ගනිමින් මෙම තත්වය මැඩ පවත්වා තිබෙනවා.