Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
"මේ වගේ කතා සමාජයේ ගොඩනැගෙන්නේ මම සංගීතයට යමක් කරපු හින්දා කියලා මම හිතනවා.." - සනුක වික්‍රමසිංහ - Photos

- "මේ වගේ කතා සමාජයේ ගොඩනැගෙන්නේ මම සංගීතයට යමක් කරපු හින්දා කියලා මම හිතනවා.." - සනුක වික්‍රමසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,889 Views
"වින්ඩි ගුණතිලකට ගීතයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා.."

"එයා ඒ ගැන ආඩම්බරයෙන් කතා කරනවා.."

මේ හැඩකාර තරුණයාව ගෘහස්ථ ප්‍රසංගවලදී විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවා’ යෞවනයේ සිහින කුමාරයා කියලා සමහරු කියනවා’ සරාගයේ” සංසාර සිහිනයේ” චාෙඔා් මල්ලි වැනි ගීතවලින් යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රිය වුණ ඔහු වෙන කවුරුවත් නෙමෙයි සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහ’ මේ සනුක ගැනයි.

සනුක ළඟදී ඔබට ලොකු අවස්ථාවක් ලැබුණා’ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය චිත්‍රපටයට ගායනයෙන් දායකවීමට. ඒ  ගැන මුලින්ම කතා කරමු ?
ඇත්තටම මට ගොඩක් සතුටුයි’ මේක මට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග මට වැඩකරන්න ලැබුණ දෙවැනි අවස්ථාව’

මෙහි සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් ?
කලා ලෝකයේ ඉන්න ප්‍රවීණයන් දෙපොළක් සමග මට ප්‍රථම වතාවට වැඩ කරන්න ලැබෙනවා’ චිත්‍රපටයකට’

අලූත් පරපුරේ චරිතයක් විදිහට මේ ලැබුණ අවස්ථාව ගැන මොකද හිතන්නේ ?
නවකයෙක් විදිහට මට ඉතාමත් සතුටුයි’ මට හරිම ආඩම්බරයි එ වැඬේට කතා කරපු එක ගැන’ අලූත් අත්දැකීමක්’

ඔබේ මේ නිර්මාණයට සාධාරණයක් කළා කියලා හිතනවාද?
මම මේ ගීතයට වොයිස් කරන්න ගියෙත් මගේ තාත්තා එක්ක’ ගිහිල්ලා සමහර වෙලාවට මට නොතේරෙන දෙයක් තිබුණොත් තාත්තා එක්ක තමයි එ ගැන කතා කරන්නේ’ තාත්තා නිතර සංගීතය එක්ක ගනුදෙනු කරපු චරිතයක් හින්දා ඔහුට එ ගැන මට වඩා ලොකු අවබෝධයක් තියෙනවා’ එ හින්දා මම හිතනවා මගේ පැත්තෙන් මම උපරිමයෙන් කළා කියලා’ මම රෝහණ වීරසිංහ මහත්මයාටත් කිව්වා නැවත වතාවක් ගීතය පටිගත කරන්න වුවමනා නම් සියසැරයක් වුණත් ඇවිත් වොයිස් කරන්නම් කියලා’ මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ටත් මම එ ගැන පැවසුවා’ මොකද මටත් අවශ්‍යයි එ වගේ දැවැන්තයන් දෙදෙනෙක් එක්ක වැඩ කරනකොට එ නිර්මාණයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න’
 
ඔබේ අලූත්ම ගීත ගැන කතා කළොත් ?
මගේ යූ ටියුබ් චැනල් එකෙන් මගේ අලූත්ම ගීත දෙකක් සහ මියුසික් වීඩියෝ එක දැකබලා ගන්න පුළුවන් වේවි’

ප්‍රසංග වේදිකාවේ තියෙන්නේ මොනව ගේ ඉල්ලූමක්ද?
පසුගිය කාලේ ඇතිවුණ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ක්‍ෂේත්‍රයේ ලොකු බලපෑමක් ඇතිවුණා’ එ පසුබෑමත් එක්ක ගොඩක් ප්‍රසංග අඩුවුණා’ නමුත් දැන් දැන් ඒ  තත්ත්වය යථා තත්වයට පත්වෙමින් තියෙනවා’

සනුකට වැඩවලින් අඩුවක් නැහැ කියන්නේ ඇත්තද?
අනේ එහෙම දෙයක් නැහැ’ මේ ප්‍රහාරයට හැමෝටම බලපෑවා’ මම හිතන්නේ මංගල උත්සව සඳහා වාදනය කරන සංගීත කණ්ඩායම්වලට එක එච්චර ලොකුවට දැනුනේ නැහැ’ හැබැයි එළිමහන් ප්‍රසංග වාදනය කරන සංගීත කණ්ඩායම්වලට මේ තත්ත්වය තදින්ම බලපෑවා’ හැම ප්‍රසංගයක්ම වගේ නැවතුණා’ මටත් එ තත්ත්වය බලපෑවා’ හැබැයි දැන් එ තත්ත්වය යම්තාක් දුරට සමනය වෙමින් පවතිනවා’

සනුකගේම ප්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?
අනිවාර්යයෙන්ම තියෙනවා’ දැනට මට මගේම කියලා නිර්මාණ ඉතාම අතළොස්සයි තියෙන්නේ’ මම ඉදිරියට ගීත එකතුවක් සමග මගේම ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා’

එ වැඬේට තාත්තා සංගීත් වික්‍රමසිංහ සම්බන්ධ කරගන්නේ නැතිද?
තාත්තාව සම්බන්ධ කරගන්න වෙනවා’ අනිවාර්යෙන්ම ’ තාත්තාත් එක්ක ගීතයක් හෝ දෙකක් ඉදිරියේදී එළියට ඒවි. අමල් පෙරේරා මහත්මයාට මම ගීතයක් නිර්මාණය කළා’ එ ගීතයේ සංගීතය” පද රචනය දෙකම සිදුකළේ මම’

අමල් පෙරේරා වගේ ප්‍රවීණයෙකුට ගීතයක් කරන්න ලැබුණ අවස්ථාව දකින්නේ කොහොමද?
ඇත්තටම අමල් පෙරේරා අංකල්ව මට හම්බවෙන්නේ නදීමාල් පෙරේරා හින්දා’ නදීමාල් සහ මම හොඳ යාළුවෝ’ එ නිසාම තමයි මේ අවස්ථාව උදාවුණේ’ දවසක් අමල් පෙරේරා මහත්මයා කිව්වා ගීතයක් ඔළුවට ආවොත් පොඞ්ඩක් බලන්න කියලා මට කිව්වා’ එ අදහස මගේ ඔළුවේ තියාගෙන හිටියා’ දවසක් මගේ ඔළුවට මෙලඩියක් ආවා’ මම හිතුවා මේ ගීතය ඔහුගේ ශෛලියට ගැලපේවි කියලා’ ඒක නිර්මාණය කළා’ දැන් ඒ  ගීතය අවසාන අදියරේ තියෙන්නේ’

මේ ගීතය කවදා වගේද අහන්න ලැබෙන්නේ ?
දිනය නොකියා ඉමු’ ඉදිරියේදී කියලා කියමු’ මොකද අපිට යෙදෙන වැඩ අනුව කවදා එළිදක්වන්න ලැබේවිද කියලා’ අනික නිර්මාණ කටයුතු කරන්න ගියහම ලේසියෙන් අපි සෑහීමට පත්වෙන්නෙත් නෑනේ’ ඒක හින්දා කොහොමත් මෑතකදී එ ගීතය අහන්න ලැබේවි’ ඊට අමතරව මම රයිනි තාරුකා ගුණතිලකට ගීතයක් නිර්මාණය කළා’ ඒ ගීතයත් දැන් අවසන් අදියරේ තමයි තියෙන්නේ’ ළඟදීම ඒ ගීතයත් අහන්න ලැබේවි’

එතකොට වින්ඩි ගුණතිලකට ගීතයක් නිර්මාණය කරන්නේ නැතිද?
වින්ඩි ගුණතිලකට ගීතයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා’ බලමු ඉදිරියේදී’

යෞවනයේ සිහින කුමාරයා විදිහට තමයි ඔබව හඳුන්වන්නේ’ එ ගැන මොකද හිතන්නේ ?
එක එක නම්වලින් මාව ප්‍රසංගවලදී හඳුන්වනවා’ වේදිකාවේ නිවේදන කටයුතු කරන පිරිස් තමයි එ විදිහට මාව හඳුන්වාදෙන්නේ’ එහෙම නමක් තමයි යෞවනයේ සිහින කුමාරයා’ මම හිතන්නේ එ නම කියන්න ඇත්තේ සංසාර සිහිනයේ කියන ගීතයත් එක්ක’ කෙසේ වෙතත් මම මේ කරන දේ එක්ක ඉතාම සතුටින් ඉන්නේ’ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම සතුටින් භාරගන්නවා’

ඔබේ පරපුරේ අයගේ ගීත එනවා යනවා’ හැබැයි ඔබේ ගීත හරි හිට්’ ඇත්තටම එකේ රහස මොකක්ද?
රහස කියලා දෙයක් මම දන්නේ නැහැ’ මට තේරෙන විදිහට මම නිර්මාණයක් ලේසියෙන් එළියට දාන්නේ නැහැ’ එක වෙනුවෙන් සෑහෙන මහන්සිවෙනවා’ මොකක් හෝ හේතුවකට මගේ ගීතවලට රසිකයෝ එකතුවෙලා තියෙනවා’ ආදරය කරනවා’ මම හිතනවා ඉදිරියටත් මගේ ශ්‍රාවකයෝ හෝ රසිකයෝ ඉඳීවි කියලා’

දිගුකල් පවතිනවාද කියන එක ගැන මම තවම තීරණය කරලා නැහැ’ මම ක්ෂේත්‍රයට  ඇවිල්ලා තවම දෙක තුනයි’ ඒක තීරණය කරන්න වෙන්නේ ඉදිරියේදී’ දශකයක් දෙකක් ගියාට පස්සේ’

ඔබේ පරපුරේ අය සින්දු හිට් කරන්න නාලිකාවලින් සල්ලි දෙනවා කියලා කියනවා’ හැබැයි නාලිකාවලට ඔබගෙන් වෙලාවක් වෙන් කරගන්න අපහසුයි කියනවා ?
එක කාරණා දෙකක්’ දෙපැත්තට ගිය’ මම සල්ලි දීලා සින්දු හිට් කරන කතාව ගැන කියන්න දන්නේ නැහැ’ මමනම් සින්දු මුලින්ම දාන්නේ යූ ටියුබ් එකට’ එකට දැම්මට පස්සේ තමයි මා වටා රසිකයෝ එකතුවුණේ’ ඊට පස්සේ තමයි ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා එ ගීත ප්‍රචාරය කරන්න පටන්ගත්තේ’ එක තමයි ඇත්තටම මට නම් වුණේ’ හැබැයි මෑතක බිහිවුණ ගායකයෝ එන්නේ යූ ටියුබ් එකෙන්’ ෆේස්බුක්” ඉන්ට්‍රග්‍රෑම් හරහා ගීත ප්‍රචාරය කරන අයත් ඉන්නවා’

ක්‌ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?
ක්‌ෂේත්‍රයට ඇවිත් ඉන්නේ මගේ පරපුරේ හැමෝම දක්ෂයෝ’ එක එක ශෛලියේ විවිධ ගීත නිර්මාණය කරනවා’ එකම ශෛලියකට කොටුවෙලා ගීත නිර්මාණය කරනවාට වඩා විවිධ ශෛලීන්වලින් ගීත ගායනා කිරීම ඉතාම හොඳ තත්ත්වයක්’ මට මගේ පරම්පරාව ගැන ආඩම්බරවෙන්න පුළුවන්’

ගොඩක් දෙනෙක් කියනවා සංගීත් වික්‍රමසිංහට වඩා සනුක වික්‍රමසිංහ හිට් කියලා ?
ඒක සසඳන්න කොහොමද කියන්න මට අමාරුයි’ නමුත් මට සතුටුයි මගේ තාත්තා කරපු දෙයින් කොටසක් හරි මට කරන්න ලැබීම ගැන’ මොකද ඔබ කිව්ව දේ විවිධ විදිහට මට ලැබෙනවා’ සමහරු කියනවා තාත්තා වගේම පුතාත් හොඳ තැනක ආවා කියලා’ තවත් සමහරු කියනවා තාත්තාට වඩා පුතා ජනප්‍රිය වුණා කියලා’ කෙසේ වෙතත් මේ වගේ කතා සමාජයේ ගොඩනැගෙන්නේ මම සංගීතයට යමක් කරපු හින්දා කියලා මම හිතනවා’

තාත්තා සනුක පුතා ගැන මොනවාද කියන්නේ ?
මම අද යම්තැනක ඉන්න එක ගැන තාත්තාට ඇත්තටම ආඩම්බරයි’ රූපවාහිනී වැඩසටහනකදී හෝ කෙනෙක් ඔහුගෙන් විමසුවහම ඔහු ඒ ගැන ආඩම්බරයෙන් කතා කරනවා’ මම ඒක දැකලා ඊටත් වඩා සතුටුවෙනවා’

දිනේෂ් විතාන
දිවයින




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,945 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,342 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  886 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,949 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,204 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,931 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,435 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,011 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,024 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top