Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් අතහැරලා හමුදාවට යයි - Photos

- ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් අතහැරලා හමුදාවට යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,132 Views
දෝනි විසින්ම ගත්ත තීරණයක්....

දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ නැහැ....

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝනි ක්‍රිකට් පිත්ත සහ පන්දුව තාවකාලිකව පසෙකින් තබමින් තමා අයත් යුද හමුදා රෙජිමේන්තුවේ සේවයට අනුයුක්ත වීමට තීරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු තුන්වෙනිදා පටන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟ මාලාවකට සහභාගී වීමට නියමිතව ඇති අතර, හමුදා සේවය තෝරා ගැනීමත් සමඟ හිටපු නායක සහ කඩුලු රකින ක්‍රීඩක දෝනිට එම සංචාරය අහිමි වෙයි.

සිය කණ්ඩායමේ නායකත්වයෙන් දැනටමත් ඉවත්ව සිටින මහේන්ද්‍රසිං දෝනි පිතිකරුවකු සහ කඩුලු රකින ක්‍රීඩකයකු හැටියට තවමත් ඉන්දියානු කණ්ඩායම තුළ රැඳී සිටියි.

පසුගියදා නිමවුණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින්නා හැටියට ඔහු ක්‍රීඩා කළේය.

කෙසේවුවද,ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් දරන දෝනි සිය ක්‍රිකට් ක්‍රීඩා ජීවිතය සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවීමෙන් අනතුරුව,ඉදිරි මාස දෙකෙන් වැඩි කාලයක් එම රෙජිමේන්තුවේ ගත කිරීමට තීන්දු කර ඇත.

ඉන්දියාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් කිරුල දිනාගන්නා ලද්දේ දෝනිගේ නායකත්වයෙනි.

"මහේන්ද්‍රසිං දෝනි මේ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නැහැ," ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.
එම නිලධාරියා PTI පුවත් සේවයට අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.

" තම රෙජිමේන්තුවේ මාස දෙකක් ගත කරන නිසා බටහිර ඉන්දීය සංචාරයට එක් නොවීම දෝනි විසින්ම ගන්නා ලද තීරණයක්."

කීර්තිමත් ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන මහේන්ද්‍රසිං දෝනි ජාත්‍යන්තර එක්දින තරඟ 350 කට ක්‍රීඩාකර ඇත.

පසුගියදා එංගලන්තයේ පැවැත්වුන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව අවසාන පූර්ව තරඟය තෙක් පෙරට ගිය අතර, දැනට තිස් අට(38) වෙනි වියේ පසුවෙන මෙම ක්‍රීඩකයා සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත අරගලයක නිරත විය.

2014 වසරේ ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

මෙවර ඉන්දියානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට විස්සයි විස්ස තරඟ තුනක්, එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් වෙයි.

මහේන්ද්‍රසිං දෝනි හමුදා සේවය තෝරා ගැනීමේ සිය තීරණය ජූලි 21 ඉරිදා තේරීම් කමිටුව රැස්වීමට පෙර ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

දෝනි කඩුලු රැකීමේ දී සිය රෙජිමේන්තුවේ යුද ලාංඡනය සහිත අත්වැස්මක් පාවිච්චි කිරීම මුල්කර ගනිමින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අතර අර්බුදකාරී තත්වයක් ද මතුවිය.

එහෙත් ඔහු ඊළඟ තරගවල දී එම යුද ලාංඡනය නොමැති අත්වැස්මක් පැළඳ කඩුලු රැකීමේ නිරත විය.

"BBC  සිංහල"

මහේන්ද්‍ර සිං දෝනි හමුදා සේවයේ නිරතවෙමින් 



සිය රෙජිමේන්තුවේ යුද ලාංඡනය සහිත අත්වැස්මක් පළඳිමින් ක්‍රීඩා කළ දෝනි



මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා කරන අතරතුර 





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,925 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,923 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,409 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top