Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
"සෙල්ලම් බඩුත් අරගෙන තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටිය මගේ දුව අපිව දාලා යන්න ගියා.." - ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී මියගිය මවගේ සහ දරු දෙදෙනකුගේ කතාව - Video

- "සෙල්ලම් බඩුත් අරගෙන තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටිය මගේ දුව අපිව දාලා යන්න ගියා.." - ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී මියගිය මවගේ සහ දරු දෙදෙනකුගේ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,775 Views
වෙනදාට චූටි පුතාත් අරගෙන යනවා, එදා මට දීලා ගියා..
 
පාර පැනලා ගියේ නැත්තම් පුතාටත් අනතුරක් වෙන්න තිබුණා..
 
"මං එනකම් මගේ දරුවෝ දෙන්නා හොඳට බලා ගන්න කියලා මගේ මහත්තයා හැමදාම මට කෝල් කරලා කියනවා. නමුත් දෙයියනේ මට ඒක කරගන්න බැරි වුණා. සෙල්ලම් බඩුත් අරගෙන තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටිය මගේ දුව අපි ඔක්කොම දාලා යන්න ගියා. හැමදාම මගෙත් එක්ක ඉස්කෝලේ ඉඳලා එන මගේ රත්තරං දරුවා අද මං තනිකරලා වෙන කෙනෙක් එක්ක යන්න ගියා. ඇයි රත්තරං පුතේ මේ අම්මාව එක්ක ගෙන නොගියේ..." යැයි කියමින් සූරියවැව ත්‍රිරෝද රථයක් මතට පලූ ගසක් කඩා වැටීමෙන් මිය ගිය 09 හැවිරිදි දැහැමි සිත්මි සංජනා දරුවාගේ මව වන කේ.එම්.ඩබ්ලිව්.ඉන්ද්‍රානි මහත්මිය (32) විලාප දෙමින් හඬා වැළපෙන්නේ අහළ ගම් සියල්ල ද හඬවමිනි.

පසුගිය 19 වැනිදා දහවල් සූරියවැව කඳවුරු පෙදෙසේදී ත්‍රීරෝදයක් මතට ගසක් කඩා වැටීමෙන් දරුවෝ දෙදෙනෙක් හා මවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් මිය ගියේ සූරියවැව කඳවුරු පෙදෙසේ පදිංචි සූරියවැව ජාතික පාසලේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 09 හැවිරිදි දැහැමි සිත්මි සංජනා නමැති දැරිය හා අනතුරට පත් ත්‍රීරෝද රථය අසලට පැමිණි සූරියවැව රන්දියගම පදිංචි 29 හැවිරිදි කේ.ඒ.එල්.සන්ධ්‍යා පුෂ්පකාන්ති හා ඇගේ වයස අවුරුදු 03යි මාස 03ක් වූ නෙත්මි නවෝද්‍යා බණ්ඩාරණායක යන තිදෙනාය. අනතුරින් ත්‍රීරෝද රථය පදවාගෙන ආ දැහැමි සිත්මි සංජනා දැරියගේ මව වූ ඉන්ද්‍රානි මහත්මිය ද තුවාල ලැබුවාය.
 
"හැමදාම දරුවා පාසල ඇරිලා එන්නේ මගෙත් එක්ක. ඒ එන ගමන් හැමදාම අපි මගේ ලොකු අක්කගේ ගෙදර ළඟ ත්‍රීවිලර් එක නතර කරලා එන්නේ. ලොකු අක්කා මොනවා හරි කෑමක් හදලා තියේනම් අපි ඒවගෙනුත් ටිකක් අරගෙන තමයි ගෙදර එන්නේ. අනේ එදා මන් ත්‍රීවීලර් එක පලූ ගහ අයිනේ නවත්තලා අක්කලාගේ ගෙදරට ගිහින් එනකොට පලූ ගහ එක සැරේටම ත්‍රී විලර් එක උඩට කඩාගෙන වැටුණා. අනේ මන් දන්නේ නෑ මට මොනවා වුණාද කියලා. මගේ දරුවා ගහත් එක්ක ත්‍රීවීලර් එකේම හිර වෙලා හිටියා. අනේ මගේ දරුවා හිනාවෙලාමයි හිටියේ. ඉස්පිරිතාලෙට ගෙනිච්චම දොස්තර මහත්වරු කිව්වා මගේ රත්තරං දරුවා නැති වෙලා කියලා..."

"මං ඉස්පිරිතාලෙට ගියේ මගේ රත්තරං දරුවා සනීප කරලා ගෙදර එක්ක ගෙන එන්නයි. අනේ ඒක කරන්න බැරිලූ‍. මං මොනවද දෙයියනේ කරන්නේ. කොහොමද දෙයියනේ මං දොස්තර මහත්වරු කියන දේ පිළිගන්නේ. දරුවා ඉස්පිරිතාලෙට ගෙනියන විටත් හිනාවෙලාමයි හිටියේ. මගේ පුංචි පුතා අක්කා ගෙදර එනකම් බලාගෙන ඉන්නවා. මං ඒ දරුවට කොහොමද කියන්නේ අක්කා අපව දමලා යන්න ගිහින් කියලා. මගෙත් එක්ක එකට ගිය දුව මං දාලා වෙන අම්මකෙනෙක් බදාගෙන එයත් එක්කම යන්න ගිහින්. කොහොමද දෙයියනේ මං මේ දුක ඉවසන්නේ.." යැයි මියගිය දැහැමි සිත්මි සංජනා දැරියගේ මව වන ඉන්ද්‍රානි මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය. මිය ගිය දැහැමි සිත්මි සංජනා දැරියගේ පියා වන 37 හැවිරිදි යු.කේ.මහින්ද සේනක මහතා වසර 03ක පමණ කාලයක සිට හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ සේවය කරයි.
 
මියගිය දැහැමි සිත්මි සංජනා දැරියගේ ආච්චි අම්මා වන එම්.ජී.කාන්ති ලතා මහත්මිය මෙසේ පැවසුවාය.
 
"මගේ දුවගේ මහත්තයා දැන් අවුරුදු 03ක වගේ ඉඳලා හයිටියේ සාම සාධක හමුදාවේ තමයි සේවය කරන්නේ. අද මේ නැතිවෙලා ඉන්නේ මගේ දුවගේ ලොකු දරුවයි. දුවට ඉන්නේ අවුරුදු 03ක පුතයි අවුරුදු 09ක දුවයි විතරයි. දුව තමයි මේ ළමයි එහෙට මෙහෙට එක්කගෙන යන්නේ. මියගිය දරුවා උදේට ස්කෝලේ ගිහින් දමන්නෙත් එක්කගෙන එන්නෙත් මගේ දුව. ඒකට දුවට ත්‍රී වීලර් එකක් අරන් දීලායි තියෙන්නේ. වෙනදා අවුරුදු 03 චූටි පුතත් අක්කා එක්කගෙන එන්න අම්මත් එක්ක ත්‍රීවිලර් එකෙන් යනවා. නමුත් සිද්ධිය වෙච්ච දවසේ මගේ දුව මට කිව්වා අම්මේ පුතා ටිකක් තියාගන්න මං දරුවා ඉක්මනට එක්කගෙන එන්නම් කියලා. මං පොඩි පුතා තියාගත්තා. දුව පුතා එක්කගෙන එන්න ගියා. ඒ ගිහින් දවල් 2ට විතර ආසන්න වෙද්දී අල්ලපු ගෙදර කෙනා කිව්වා කඳවුරු පෙදෙසේ ත්‍රීවීලර් එකක් උඩට ගහක් කඩාගෙන වැටිලා කියලා. මට හිතුණා දුව ගිය ත්‍රීවිලර් එක ද දන්නේ නෑ කියලා. කෝකටත් කියලා මං අනිත් දරුවන්ටත් කෑ ගහලා කියාගෙන එතනට ගිහින් බැලූවම තමයි දැක්කේ ඒ යටවෙලා තිබුණේ අපේ දුවගේ ත්‍රීවීලර් එක කියලා. දුවගේ මහත්තයා සාම සාධක හමුදාවේ සේවයට රට ගියේ අම්මේ මං එනකම් මගේ දරුවෝ දෙන්නා බලාගන්න කියලයි. අනේ ඒක මට කරගන්න බැරි වුණා. මං කොහොමද ඒ දරුවට කියන්නේ ලොකු දරුවා නැති වුණා කියලා. මේ දරුවෝ දෙන්නා අපි මල් වගේ බලා ගත්තා. නමුත් ලොකු දරුවා අපි ඔක්කොම දමලා යන්න ගියා..." යැයි ඇය අපත් සමග පැවසුවාය.
 
මේ අනතුරින් තවත් දැරියක හා මවක ජීවිතක්ෂයට පත් වූහ. ඒ සුරියවැව, රන්දියම, ගැමුණුපුර, අංක 37 නිවසේ පදිංචි 29 හැවිරිදි කේ.ඒ.එල්.සන්ධ්‍යා පුෂ්පකාන්ති හා ඇගේ වයස අවුරුදු 03යි මාස 03ක් වූ නෙත්මි නවෝද්‍යා බණ්ඩාරණායක දියණියයි. මියගිය කාන්තාවගේ වැඩිමහල් දරුවා වූ වයස අවුරුදු 09ක් වූ තිසල් සදීප බණ්ඩාරණායක අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් විය.
 
මියගිය 37 හැවිරිදි සන්ධ්‍යාගේ සැමියා ද යුද හමුදාවේ 19 වැනි ගැමුණු හේවා බළඇණියේ සේවය කරන අයෙකි. මියගිය සන්ධ්‍යා සුපුරුදු පරිදි සිය දරුවා වූ තිසල් සදීප රැගෙන ඒමට සිය කළු පැහැති ත්‍රී රෝද රථයෙන් සූරියවැව ජාතික පාලසට ගොස් තිබුණේ සිය බාල දරුවා වූ අවුරුදු 03යි මාස 03ක් වූ නෙත්මි නවෝද්‍යා දැරිය ද සමගය.
 
පාසලට ගොස් සිය වැඩිමහල් දරුවා රැගෙන සිය යෙහෙළියගේ ත්‍රීරෝද රථය පසුපසින් පැමිණ ඇති සන්ධ්‍යා ද සූරියවැව කඳවුරු පෙදෙසේදී යෙහෙළියගේ අක්කාගේ නිවස අසල ත්‍රීරෝද රථය නවතා තිබේ. පාසලට යමින් සිටි සන්ධ්‍යාට සිය සැමියා දුරකථන අමතුමක් දී කියා තිබුණේ පඩි සල්ලි දමා ඇති බවත් එය අරගෙන දරුවන්ට ඕනෑ දේවල් අරගෙන දී මන් එනකම් ගෙදර දොර අවශ්‍යතා සිදු කර ගන්නා ලෙසයිත්ය.
 
ඒ අනුව සන්ධ්‍යා පාසලට යාමට පෙරම ෆයිඞ් රයිස් දෙකක් අරගෙන පාසලට ගොස් තිබුණේ දරුවන්ට කන්න දෙන්නටය. සන්ධ්‍යා සිය යෙහෙළිය හමුවීමට පැමිණ තිබුණේ දරුවාගේ පන්ති ගාස්තු මුදල් ඇයගේ අතට දීමටය. සන්ධ්‍යාගේ යෙහෙළියගේ මියගිය දුවත් සන්ධ්‍යාගේ පුතත් එකම පන්තියේ ඉගෙනුම ලබන අයයි. සන්ධ්‍යාගේ යෙහෙළිය පාර අයිනේ ත්‍රීරෝද රථය නවතා ඇයගේ අක්කාගේ ගෙදරට ගිය අතරේ සන්ධ්‍යා ද සිය ත්‍රීරෝද රථය ඒ අසලින් නතර කර යෙහෙළියගේ ත්‍රීරෝද රථය අසලට ගොස් තිබුණේ සිය යෙහෙළියගේ දියණිය ඒ වන විට ත්‍රීරෝද රථයේ සිටි නිසාවෙනි.
 
ඒ අවස්ථාවේ මියගිය සන්ධ්‍යාගේ වැඩිමහල් දරුවා වූ තිසල් මුත්‍රා කිරීමට අවශ්‍ය බව පවසා පාරෙන් වෙනත් පැත්තකට ගොස් තිබේ. ඒ වන විට සන්ධ්‍යාත් ඇයගේ අවුරුදු 03ක දැරියත් සිය මිතුරියගේ දියණියත් ත්‍රීරෝද රථයේ සිට තිබේ.
 
එහිදී එකවරම ඒ අසල තිබූ විශාල පලූ ගස ත්‍රීරෝද රථය දෙසට කඩා වැටෙනු දැක ඇති සන්ධ්‍යා දරු දෙදෙනාම අත් දෙකින් බදාගෙන එළියට ගෙන දිව යාමට උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී තිබේ. ( මේ බව ඉන්ද්‍රානි දැක තිබේ) විශාල පලූ ගස ත්‍රීරෝද දෙකම කුඩු පට්ටම් කරගෙන බිමට පාත් වී තිබුණේ මවකට හා දරු දෙදෙනකුට ද ජීවිත අහිමි කරමිනි.
 
අනතුරින් දිවි ගලවාගත් මියගිය සන්ධ්‍යාගේ වැඩිමල් පුතු වූ වයස අවුරුදු 09ක් වන තිසල් සදීප බණ්ඩාරණායක මෙසේ කීවේය.
 
"අම්මා නංගිත් එක්ක මාව එක්කන් යන්න වීල් එකෙන් ඉස්කෝලෙට ආවා. ඒ ඇවිත් අම්මයි මායි නංගියි දැහැමිලගේ ත්‍රී වීලර් එක පස්සෙන් ගියා. ඒ ගිහින් දැහැමිලාගේ ලොකු අම්මලාගේ ගෙදර ළඟ වීල් එක නැවැත්තුවා. අපේ අම්මාත් එතනින් වීල් එක නවත්තලා දැහැමිලාගේ වීල් එක පැත්තට ගියා.මන් චු කරන්න පාරෙන් ටිකක් එහාට ගියා.ඒ වෙලාවේ එක සැරේටම එතන තිබුණු පළු ගහ කඩාගෙන වැටිලා අම්මයා නංගියි දැහැමියි ඒකට යට වුණා..."
 
දහවල් 1.45ට පමණ මෙම අනතුර සිදුවූ අතර පැය එක හමාරකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා අනතුරට පත්වූවෝ සූරියවැව රෝහලට රැගෙන යාමට කටයුතු කරනු ලැබූහ. ඒ වන විටත් සියලූම දෙනා එම ස්ථානයේදීම මිය ගොස් සිට තිබේ. අනතුර සිදුවෙන අවස්ථාවේ එම ස්ථානයට එමින් සිටි මියගිය සිත්මි රංජනා දැරියගේ මව ද තුවාල ලැබුවාය. ඇය ද ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කෙරුණි. සූරියවැව හදිසි මරණ පරීක්ෂක විජේදාස මහතා මරණ පරීක්ෂණය පැවැත්වීය. පසුව සිරුරු හම්බන්තොට මහ රෝහල වෙත යැවුණේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහාය.
 
පසු ගිය දින කිහිපයේදීම සූරියවැව හා තදාසන්න ප්‍රදේශ රැසකටම අධික සුළං තත්ත්වයක් පැවැති අතර ඒ හේතුවෙන් මෙම දිරාගොස් තිබූ විශාල පලූ ගස කඩා වැටී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
මත්තල දිලීප් එන්. ජයසේකර


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  217 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,699 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,481 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,849 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,806 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,143 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,320 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top