දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කඩවත - ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
1972 වසරේ සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳුණු කුසුම් පීරිස් ඒ ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස 1986 වසරේ ගුවන් විදුලියේ ස්ථිර සේවයට එක්වනවා.
නිවේදිකාවක ලෙස කටයුතු කරන අතරතුර නෙරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය ගායන කරන නිසංසලේ මා තනියෙන් ගීතය රචනා කරමින් ගේය පද රචනයට ද එක්වූ කුසුම් පීරිස්, ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, හිත මිතුරු සුළඟ, අසුරු සැනින් එක මොහොතකදී, දිගු නෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී, හිත ගාව දඟ කළා ආදී ගීත රැසක් රචනා කළා.
එමෙන්ම ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින්ද ඇය පිදුම් ලබා තිබෙනවා.