Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
සියලු නායකයින්ට දැන් ඉවත්වීමට කාලය එළැඹ ඇති බව මැල්කම් කාදිනල් රංජිත් හිමි කියයි - Video

- සියලු නායකයින්ට දැන් ඉවත්වීමට කාලය එළැඹ ඇති බව මැල්කම් කාදිනල් රංජිත් හිමි කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,289 Views
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳ සියලු තොරතුරු රතු පලස යට සඟවා ඇති බවත්, සියලු නායකයින්ට දැන් ඉවත්වීමට කාලය එළැඹ ඇති බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයට තෙමසක් සපිරීම නිමිත්තෙන් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැති විශේෂ දිව්‍ය පූජා යාගයට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සදහන් කළා.

පාස්කු ඉරුදින මෙරට ස්ථාන 7 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සහෘද හදවත් 250 කට වැඩි සංඛ්‍යාවක් යළි නොඑන ගමන් ගියේ දැයක් හඩවමින්.

ප්‍රහාරයෙන් වැඩිම ජීවිත හානියක් සහ දේපළ හානියක් සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තිනයන් දේවස්ථානය ප්‍රතිංස්කරණය කර යළි විවෘත කිරීම සදහා පසුගිය තෙමස තුළ ප්‍රදේශවාසීන් සහ ශ්‍රි ලංකා ත්‍රිවිද හමුදාවේ අත්වැල් බැදගත්තේ මේ ආකාරයෙන්.
 

ප්‍රහාරයෙන් තෙමසකට පසු ප්‍රතිස්ංකරණය කර අවසන් කරන ලද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුර යළි ආසිරි ගන්නා විවෘත කිරීමේ අද පෙරවරුවට යෙදී තිබුණු අතර, ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා.

දෙව්මැදුර යලි විවෘත කිරීමේ දිව්‍ය පුජා යාගය ආරම්භ වූයේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වෙයන්.

එම අවස්ථාව සඳහා ප්‍රහාරයෙන් තම සමීපතමයින් අහිමිවූවන්, බරබතළ තුවාල ලබා සුවය ලබමින් සිටින්නන්, මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකයින් ද දේවස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියා.

දිව්‍ය පූජා යාගය අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කිරීම පිණිස නිර්මාණය කළ සමරු ඵලකයක් නිරාවරණය කිරීම සිදුකළේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් 3000 කට අධික පිරිසකට දිවා ආහාරය ලබාදීමේ පුන්‍යකර්මයක් ද කටුවාපිටිය දෙව්මැදුරු භුමියේ සිදු කෙරුණා.

පසුව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුවාපිටිය පොදු සුසානභූමිය වෙත ගොස් එය ආසිරි ගන්වනු ලැබුවා.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර තුළ ද දේව මෙහෙයන් සහ ආගමික වතාවත් සංවිධාන කර තිබූ අතර, ඒ සදහා ද ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ පීඩාවට පත්වූවන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර වෙත ද පැමිණි අතර, එම දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුවන් සිහි කිරීමට ඉදිකර ඇති ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වුවා.

අනතුරුව ජීවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යාඥා මෙහෙයක් ද කාදිනල් හිමියන් විසින් සිදුකරනු ලැබුවා.

මේ අතර, ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වූවන්ගේ ඥාතීන් පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහි කරනු ලැබුවේ මඩකලපුව තැපැල් කාර්යාලය අසල පිහිටි විලියම්ස් ශාලාවේදීයි.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් අද දිනය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිහි කිරීම් සහ පුන්‍ය වැඩසටහන් සංවිධාන කර තිබුණා.

මේ අතර, කොස්ගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී පුජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,938 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,336 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,941 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,201 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,915 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,430 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,002 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,020 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top