Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
21
ආශාවන් පොදි බැඳගෙන බිරිඳට හොරා කාර්යාලයේ තරුණියක් එක්ක අනියම් පෙමින් බැඳුනු දසනායක ජීවිතයෙන් විඳවපු හැටි - Video

- ආශාවන් පොදි බැඳගෙන බිරිඳට හොරා කාර්යාලයේ තරුණියක් එක්ක අනියම් පෙමින් බැඳුනු දසනායක ජීවිතයෙන් විඳවපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
බිරිඳගෙන් නොලැබුණූ දේ එයාගෙන් ලැබුණා, මම එයාට වහ වැටුණා..
 
නිවාඩුවක් ලැබුණු හොරෙන් හොරෙන් තැන් තැන්වල යනවා..
 
අපි ආශාවන් පොදි බැඳගෙන ඉපදුණු මිනිස්සු. ඒ හින්දම ඒ ආශාවන් ඉෂ්ඨ කරගන්න, මිනිස්සු විදිහට අපි පුදුම උත්සහයක් ගන්නවා. කෙසේ හෝ ඒ ආශාවන් ඉෂ්ඨ කරගන්නවා. නමුත්, අපේ පවුල් පසුබිම, යුතුකම්, වගකීම් මේ වගේ දේවල් හින්දා ඒ ආශාවන් ඉෂ්ඨ කරගන්න වෙන්නේ කාටත් රහසින්. ආශාවන් නිසාම තමන් ගොඩ නඟාගත්ත ජිවිතය තමන්ගේ ඇස් පනාපිටම කඩන් වැටුණු තවත් කතාවක්. ඒ නිසා හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 85 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව දසනායක ගැනයි.

අවුරුදු 45ක් වයස දසනායක විවාහකයෙක්. ඔහුට ආදරණීය බිරිඳක් වගේම පුතාලා දෙන්නෙකුත් හිටියා. ගෙදරට යුතුකම් ඉෂ්ඨ සිද්ධ කරන සාමකාමී සැමියෙක් වුණත්, දසනායකගේ පිටත ජිවිතේ පේන තරම් සුන්දර එකක් වුණේ නැහැ.
 
දසනායක රැකියාව කළේ පුද්ගලික ආයතනයක. තමන් වයසින් මුහුකුරා ගියා වුණත් කාර්යාලය අතුළේ ඔහු අපූරුම විනෝදකාමී ජිවිතයක් ගත කළා.
 
ඔය අතරතුර කාර්යාලයේ පිරිසත් එක්ක දසනායක විනෝද චාරිකාවකට එකතු වෙනවා. හැබැයි මේ දේ ඔහු කරන්නේ බිරිඳට හොරෙන්. බිරිඳට ඔහු ගැන සැක නොහිතුණා නෙවෙයි. ඒත් තමන් විනෝද චාරිකාවක් යනවා කිව්වොත් බිරිඳ අකැමැති වේවී කියලා, දසනායක ඒ ගැන නොකියා ඉන්න තීරණය කරනවා.
 
ඉතින් ඒ විනෝද චාරිකාව දසනායකගේ ජිවිතේ හදාගන්න බැරි වරදක ආරම්භයක් කියලා ඔහුට නිකමටවත් නොහිතෙන්න ඇති. විනෝද චාරිකාව ආරම්භයේ ඉඳන් දසනායක එක්ක හිතවත්කම් පවත්වපු කාන්තාව වුණේ ප්‍රීති. ඇය ටිකෙන් ටික දසනායකට කිට්ටු වුණා. බිරිඳගෙන් නොලැබෙන පහස ප්‍රීතිගෙන් හොයන්න පෙළඹූණු දසනායකට ඇයව නැතුවම බැරිවුණා. ඉතින් කාටත් හොරෙන් ඒ දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක් ගොඩ නැඟුණේ ඔහොමයි.
 
බිරිඳට නොතේරෙන්නත්, දරුවන්ට නොදැනෙන්නත් මේ රහස් සම්බන්ධය ඔහු පවත්වගෙන ගියා. ප්‍රීති එක්ක හැමදාම හිතේ හැටියට විනෝද වෙමින් ගත කරපු සල්ලාල ජිවිතේට ඔහු ආස කළා. ඒ ජිවිතේ කොයි තරම් රහසිගත එක්ක වුණත් ඔහු ඒකට ප්‍රිය කළා. ඒ අතරතුර ඔහුට තමන්ගේ බිරිඳටත් දරුවන්ටත් යුතුකම් ඉටු කරන්න අමතක වුණා.
 
මේ හැමදේම කෙළවරක් දකින්න හුඟ දවසක් ගත වෙන්නේ නැහැ. හිටි හැටියෙම ප්‍රීති අස්ථානගත වෙනවා. ඇය කොහේ කොතනකද කියන්න නොදන්න දසනායක මානසිකව ලොකු කම්පනයකට පත් වෙනවා. ඒ ගමන් ඔහුට ඔහුගේ ශරීරයේ දාහක් වෙනස්කම් දැනෙන්න ගන්නවා. පවුල් ජිවිතය අතඇරලා, නොදන්න, නොතේරෙන ලෝකයක් රහ බලන්න ගිය දසනායක, සමාජ රෝගයකට ගොදුරු වුණු බව ඔහු දැනගන්නේ එහෙමයි.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
දසනායකගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top