Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
"පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ රතු පලස යට සැඟවේදැයි සැකයි.." - තෙමස් පූර්ණ සැමරුමේදී කාදිනල් හිමිපාණන් කියූ දේ - Video

- "පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ රතු පලස යට සැඟවේදැයි සැකයි.." - තෙමස් පූර්ණ සැමරුමේදී කාදිනල් හිමිපාණන් කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,684 Views
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්..
ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ පිරිස් ගැන සොයා බැලුවේ නෑ..
අත්අඩංගුවට ගත් වැරදිකරුවන්ව සාධාරණිකරණය කරනවා..

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ රතු පළස යට සැඟවේදැයි සැකයක් මතුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
 
කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඛේදවාචකයට මාස 3 ක් සපිරීම සිහිකර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති දේව මෙහෙයට අද පෙරවරුවේ එක්වෙමින්.
 
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දැඩි අලාභහානියට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මාස 3 කට පසු දේව මෙහෙයන් ආරම්භ කෙරුණේද අද දිනයේදියි.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නයද වැඩම කර සිටීම විශේෂත්වයක් වන අතර, ත්‍රිවිධ හමුදාව ඇතුලූ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
 
දේව මෙහෙයෙන් අනතුරුව දානමය පිංකමක්ද පැවැත්වීමට නියමිතයි.
 
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිත භාවයට පත්වූවන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 265 ක් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි.
 
මීට අමතරව ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූදේවස්ථාන යළි ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 25 ක් නිදහස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
 
ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශයට පත්වූ කටුවපිටිය ශාන්ත දේවස්ථානයට රුපියල් මිලියන 10ක්, මඩකලපුව සියොන් දේවස්ථානයට මිලියන 5 ක් සහ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මිලියන 10 ක් ලබා දී තිබෙනවා.
 
හානියට පත්වූ දේවස්ථාන පිළිසකර කරනු ලබන්නේ යුද සහ නාවික හමුදා සාමාජිකයන් විසින් වීම විශේෂත්වයක්.
 
එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකර කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද අද පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා.
 
එම දේව මෙහෙයන් පසුව ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සිහිකළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,351 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,277 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top