Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
හයදාහක් දීල ටිකට් එකක් අරං සුපිරි බෝට්ටුවක ෆේස්බුක් සාදයක් කරන්න ගිය කොල්ලෝ කෙල්ලෝ මත් වෙලා ඉද්දී පොලීසියට මාට්ටු වුණේ මෙහෙමයි - Video

- හයදාහක් දීල ටිකට් එකක් අරං සුපිරි බෝට්ටුවක ෆේස්බුක් සාදයක් කරන්න ගිය කොල්ලෝ කෙල්ලෝ මත් වෙලා ඉද්දී පොලීසියට මාට්ටු වුණේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,821 Views
D.J සංගීතය සමඟ නාට්‍යාංගනාවන්ද එක් කරගෙන තිබුණා....

යහමින් මුදල් නැති කිසිවෙකුට සාදයට එක් වෙන්න බැහැ....

මත්ද්‍රව්‍ය භාවිතයට සුදුයකඩින් කළ නවීන උපකරණ....

සමාජ මාධ්‍යයන්හි මිතුරු සමාජ එක් වී පවත්වන විවිධාකාරයේ සාද මේ වන විට රටේ බොහෝ පෙදෙස්වලින් වාර්තා වෙමින් තිබේ. ‍නොයෙක් ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරමින් තරුණ තරුණියන් අතර නොමනා හැසිරීම් සිදු වන එවන් සාද මේ වන විට මහත් සමාජ ව්‍යසනයක් දක්වා දුරදිග ගොස් ඇති බවක් පෙනෙන්නෙ ඉන් සමාජයට සිදු වන අගතිය දුටු විටයි.

පසුගිය 13 වැනි දා එලෙස සමාජ ජාලා මාධ්‍යයක් වන ෆෙස්බුක් සමාජ ජාලයේ මිතුරු කණ්ඩායම් දෙකක් පැවැත්වූ සාද දෙකක් වටලා තරුණ තරුණියන් 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තෙ නීති විරෝධි මත්ද්‍රව්‍ය හා නොමනා හැසිරීම් සිදු වන බවට වූ හෝඩුවා නිසායි.

එදින අලුයම් කාලයේ මුල්ම වැටලීම සිදු වූයේ බොරලැස්ගමුවේදියි. පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වාගේ මෙහෙයවීමෙන් සිදු වූ වැටලීමේදී බොරලැස්ගමුව, අබේරත්න මාවතේ රත්නාරාම පාරේ සුවිසල් නිවෙසක එම සාදය රාත්‍රිය පුරා පවත්වා තිබිණි.

එහිදී නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය නිසා රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි වයස අවුරුදු 20ත් 25ත් අතර නවදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර කාන්තාවෝ තිදෙනෙක්ද වූවාය.

මිතුරු කණ්ඩායමේ තරුණියකගේ උපන්දිනයක් වෙනුවෙන් පැවැති සාදයේදී අයිස්, කූෂ් ආදි ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය පිරිස පාවිච්චි කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයටම යොදාගන්නා නවීන උපකරණ භාවිතයෙනි. ඒ අනුව සුදු යකඩින් නිමැවූ උපකරණ හතරක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වූයේය. මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්නා එවැනි උපකරණ මෙවන් සාදයකදී මීට පෙර අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

එසේ බොරලැස්ගමුවේ සුවිසල් නිවෙසක අවට නිවෙස්වලටද බාධා වන අයුරින් පැවැති සාදය වටලද්දී එදිනම සවස තවත් අමුතුම ආකාරයේ ෆේස්බුක් මිතුරු කැළකගේ සාදයක් වැටලීමට මාතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් අනුව හැකි විණි.

දින කීපයකට පෙර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරට අනුව මාතර දිසා දූෂණ මර්දන අංශයේ උපපොලිස් පරික්ෂක උදිත කුමාර සහ මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ අජිත් මෙන්ඩිස් ඇතුළු පිරිස එක්ව සිදු කළ වැටලීමේදීද අවුරුදු 20ත් 25ත් අතර තරුණ තරුණියන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වර්ග රැසක්ම සන්තකයේ තබාගැනීම නිසායි.

එයද පෙර නොවූ විරූ ආකාරයේ සාදයක් ලෙස පැවැත්වීමට යොදාගෙන තිබුණේ අති සුඛෝපභෝගී යාත්‍රාවකින් මුහුදු ගමනක යෙදෙමිනි.

“එම පිරිස ෆේස්බුක් එකෙන් එකතු වෙලා තිබුණේ. ඔක්කොම 74ක් හිටියා. එයාලා හැදුවේ මිරිස්ස ධීවර වරායෙන් නතාලි පහ කියන නවීන යාත්‍රාවෙන් ඈත දියඹට තල්මසුන් බලන්න යන ගමන් සාදය පවත්වන්නයි. ඩී.ජේ. සංගීතය සමඟ නාට්‍යාංගනාවන්ද එක් කරගෙන තිබුණා. අපිට ලැබුණු තොරතුරු අනුව කළ සෝදිසියේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන හිටි සියලු දෙනා අත්අඩංගුවට ගත්තා“ ඒ වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් කී කතාවයි.

මිරිස්ස ප්‍රදේශයේ නීති විරෝධි මත්ද්‍රව්‍යද එක් කරමින් වෙරළ සාද පැවැත්වීමට සුප්‍රසිද්ධ සංචාරයක හෝටලයක් විසින් සංවිධානය කර තිබූ එම මහමුහුද මැද සාදයට සියැසින් නොදුටු සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් මිතුරු කැළ පැමිණ තිබුණේ විශාල මුදලක්ද වැය කරමිනි.

එහිදී අත්අඩංගුවට ගැනුණු 12 දෙනා අතර ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, අංගොඩ, වැලිගම, මාතර, ගණේමුල්ල, මාකොළ, වත්තල, පිළියන්දල ආදි පෙදෙස්වල අය වූහ. හෂිස්, අයිස්, කේරළ ගංජා, හඳුනා නොගත් මත්පෙති, දිව යට තබාගන්නා මත් මුද්‍දර, එම්.ඩී.එම්. නමැති මත්ද්‍රව්‍ය සමඟ විදේශීය දුම්වැටි විශාල ප්‍රමාණයක් තිබිණි. සුරූපි නාට්‍යංගනාවන් තිදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබුණේ මත්ද්‍රව්‍ය සමඟිනි.

පොලිසිය පවසන්නෙ යහමින් මුදල් නැති කිසිවෙකුට එම සාදයට එක් විය නොහැකි බවයි. ඒ සාදයේ ටිකට්පතක් පමණක් රුපියල් හයදහසේ සිට දසදහස දක්වා විවිධ මිල ගණන් යටතේ වූ හෙයිනි.

සාදය සංවිධානය කළ හෝටලය මීට පෙරද නීති විරෝධි මත්ද්‍රව්‍ය සාද පැවැත්වීම නිසා අවස්ථා ගණනකදීම පොලිස් වැටලීම් සිදු කළ ස්ථානයක් බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයේදීද මිරිස්සේ පැවැති එවැනි සමාජ මාධ්‍ය ජාලා මිතුරු සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ දහහත්දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ටෙලි නිළියක්ද සමඟිනි. එම සාදයටද 1600කට අධික පිරිසක් සහභාගි වී සිටි බවට වාර්තා විණි.

මේ වන විට එවැනි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැත්වූ ෆේස්බුක් සාද රැසක් ගැන රටේ නොයෙක් පෙදෙස්වලින් පසුගිය කාලයේ වාර්තා විණි. හික්කඩුව, ජාඇළ, අතුරුගිරිය, හිඟුරක්ගොඩ, මිටියාගොඩ, වේයන්ගොඩ, රත්නපුර, ගාල්ල, මීගමුව, වාද්දුව, මාතර ආදි මෙකී-නොකි පෙදෙස්වලින් වාර්තා වූ එම සාදවලදී තරුණ තරුණියන් අතර නොමනා හැසිරීම් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය නිසා එකවර තරුණ තරුණියන් පනහ, හැට පමණක් නොව පසුගියදා මීටියාගොඩදී පැවැති සාදයකදී 208 දෙනෙකු, හිඟුරක්ගොඩ සාදයේදී 89 දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතකොට සිටි හෙයිනි.

එසේම මෑතකදී රත්නපුර, දුරෙකන්ද ප්‍රදේශයේ පැවැති එවැනි සාදයක කළ වැටලීමකදී ගැබිනි කතක්ද අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි නිසාය. ඒ අනුව මෙවැනි සාදවලින් සිදුවන විපත කෙතරම්ද යන්න සක්සුදක් සේ පැහැදිලිය.

'මැරුණ උන් මළ හැටි තාමත් දන්නේ නැති වාද්දුවේ ෆේස්බුක් සාදය' මැයෙන් අප පුවත්පතද වාර්තා කළ පසුගිය අගෝස්තු 03 වැනිදා වාද්දුවේ සැප්‍රොන් බීච් හෝටලයේ පැවැති හෙවන්ස් ගේට් (Heaven's Gate) හෙවත් 'ස්වර්ගයේ දොරකඩ' සාදයේදී තරුණයන් සිවුදෙනෙකු නිරපරාදේ ජීවිතක්ෂයට පත්වූයේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයෙනි.

පසුගිය වසරේ මැයි 25 වැනිදා රාත්‍රියේ වේයන්ගොඩ, බාඳුරාගොඩ පැරැණි වලව්වක් හා සමාන නිවෙසක පැවැති සාදයකදී පොලිස් අත්අඩංගුවට පත් තරුණ තරුණියන් 61 දෙනෙකු අතර සිටි තරුණයෙක් පැමිණ තිබුණේ තම පෙම්වතියද සමඟිනි. එදා ඔහු පොලිසියට පවසා තිබුණේ, සාදයට සහභාගි වන තෙක්ම එහි සිදු වන්නෙ කුමක්ද යන්න නොදැන සිටි බවයි.

“ඔන්ලයින් මාර්ගයෙන් ටිකට්පත් වෙන් කරවාගත්තා... සාදය පැවැත්වෙන දින පාන්දර නිවෙසින් පැමිණියේ කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවමින්.

හැබැයි සාදය තියෙන තැනට එනකල්ම කිසිම කෙනෙක් සියැසින් දැක හඳුනාගෙන තිබුණේ නෑ“ මවුපියන්ටද බොරු කියා පැමිණි බවත්, සාමාන්‍ය ඩීජේ පාටියක් යැයි සිතුවත් පැමිණ මොහොතකින් දැකගන්නට ලැබුණේ මත්ද්‍රව්‍ය භාවිත කරමින්, ලිංගික හැසිරීම්ද සිදු වෙමින් අශෝභන ලෙස ඊට සහභාගි වූවන් හැසිරෙන ආකාරයයි. එහෙත් අවසානයේ අකමැත්තෙන් වුව එම ස්ථානයේ සිදු වන ක්‍රියාකාරකම් අනුව කටයුතු කිරිමට තමනටද සිදු වූ බවද එම තරුණයා එදා පැවැසීය. එදින එම වැටලීම කළ වේයන්ගොඩ පොලිස් නිලධාරින්ට ලිංගික ක්‍රියාකාරකම් සිදු වූ බවට සාක්ෂි බොහොමයක් ඒ අවටින් සොයා ගැනීමට හැකි විණි.

ෆේස්බුක් සාදවල නියම යථාර්ථය එම තරුණයාගේ වදන්වලින් ගම්‍ය වේ. මේ වන විට පොලිසිය කළ බොහොමයක් ෆේස්බුක් සාදවලදී අත්අඩංගුවට ගැනුණු ‍බො‍හෝ දෙනෙක් සමාජයේ උසස් තලවල රැකියාවන්හි නිරත වන හෝ උසස් අධ්‍යාපනය හදාරන යමක් තේරුම්ගැනීමේ හැකියාවෙන් යුත් පිරිස්ය.

නිවෙස්වලට බොරු බේගල් ඇද බා මෙවැනි සාදවලට එක් වීමට පෙර බුද්ධිමත් තරුණ තරුණියන් දෙවරක් සිතා බැලිය යුතුය. මෙවැනි සාද බොහොමයක් සංවිධානය කරන්නෙ සමාජ විරෝධි ක්‍රියාවල යෙදෙනවුන්ය. එම නිසා තරුණ තරුණියන් එවන් කූට ජාවාරම්කරුවන්ගෙන් බේරීම සඳහා මෙවැනි සාද ගැන මනා දැනුවත්ව සිටිය යුතුය.

පෙර කී තරුණයා පැවැසූ පරිදි සාදවලට එක්වන්නෙ බොහෝ විට නොදැනුවත්ව වුවත් එය නිදහසට කාරණයක් නොවේ. නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැත්වූ එවැනි ෆේස්බුක් සාදයක් ගැන මුලින්ම වාර්තා වන්නෙ 2013 වසරේදියි. ඒ රාජගිරිය ප්‍රදේශයෙනි.

වසරින් වසර ඉහළ යන එවැනි සාදවලට සමාජ මාධ්‍ය මඟින් පිරිස් එක්රොක් කරගන්නා ආකාරයත් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් අපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ රජිව් යසිරු මහතාගෙන් විමසීමක් කළෙමු.

“එවැනි සාද පවත්වන්නෙ කණ්ඩායම් කීපයක් විසින්. ඒ අය අද එක් තැනක කළා නම් නැවතත් මාස කිහිපයකින් වෙනත් ප්‍රදේශයක සංවිධානය කරනවා. එයාලා ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට කලින් කලට ෆේස්බුක් ගිණුම් අරඹනවා. මිතුරු හවුල් හදාගන්නවා. පස්සෙ ඒ ඉවෙන්ට් ගැන ප්‍රචාරය කරමින් ෆෝස්ට් අප්ලෝඩ් කරනවා. නමුත් අපට තවමත් තාක්ෂණික පැත්තෙන් ඒ සඳහා පියවරක් ගන්න හැකියාවක් නැහැ. ඒත් පිරිස් හඳුනාගෙන නීතියේ රැහැනට කොටු කිරීමට පොලිසියට උපරීම සහාය දෙනවා. දවසින් දවස නිර්මාණය වන ෆේස්බුක් ගිණුම් අක්‍රිය කළාට වැඩක් නෑ. පුද්ගලයන් හඳුනාගැනීමයි කළ යුත්තෙ. ඒ වගේම දිගින් දිගටම එවැනි නීති විරෝධි සාද පවත්වන පිරිස ගැන ෆේස්බුක් ආයතනයට දැනුම් දෙන්නත් අපි කටයුතු කරනවා“

"සිළුමිණ"
අමිල මලවිසූරිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,688 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,037 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,792 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,273 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top