පිටත් වීමට තිබූ මගී ගුවන් යානයක තටුවක් මතට නැගී ඊට ඇතුළු වීමට උත්සහා ගත් පුද්ගලයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස එම පුද්ගලයා ඇතුළුවන්නට උත්සහ කර ඇත්තේ නයිජීරියාවේ Lagos ගුවන් තොටුපොළේ නවතා තිබූ මගී ගුවන් යානාවකටයි.
කෙසේ නමුත් මෙම පුද්ගලයාව එරට ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම පුද්ගලයා පිටත් වීමට සූදානම්ව තිබූ ගුවන් යානයට ඇතුළු වන්නට උත්සහ ගත්තේ කුමන හේතුවක් නිසාදැයි අනාවරණය කරගෙන නැහැ.
කෙසේ නමුත් මෙම සිදුවීම ගුවන් යානය තුළ සිටි මගියෙකු වීඩියෝ ගත කර තිබුණා.
එම වීඩියෝව පහතින්..